කීර්ති ප්‍රනාන්දු –
රිය අනතුරක් සිදු කිරීමෙන් යතුරුපැදිකරුවෙකු මිය යාම සම්බන්ධයෙන් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද නීතිඥවරියක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මිනුවන්ගොඩ වැඩබලන මහේස්ත්‍රාත් සංජිව හෙට්ටිආරච්චි අද 19 නියෝග කළේය.
ලබන22 දින දක්වා මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ මිසිකා රෝසල් නිශ්ශංක නමැති නීතිඥවරියකි.
කොටදෙණියාව මැල්ලවගෙදර ප්‍රදේශයේ පන්නල මාර්ගයේ දී මෙම නීතිඥවරිය ගේ මෝටර් රථය හා යතුරු පැදියක් ගැටී යතුරුපැදිකරු බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයේ දැඩිසත්කාර ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් ඇත.
පසුව පොලීසිය මෙම සැකකාර නීතිඥවරිය අත්අඩංගුවට ගෙන අද (19) දින මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබිණ.
පොලිසිය විසින් සැකකාර නීතිඥවරියව අධිකරණය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී අධිකරණයේ නීතිඥවරුන් කණ්ඩායමක් මහේස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලීමක් කරමින් සැකකාරිය නීතිඥවරියක් බැවින් ඇගේ එම සේවය සලකා බලා ඇයට ඇප ලබාදෙන ලෙස ඉල්ලා සිටි අතර එහිදී වැඩබලන මහේස්ත්‍රාත්වරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ලබන විසි දෙවන දින දක්වා ඇයව රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කරන ලදී.