සිරිලාල් කොඩිකාරයන් දිවි සැරියෙන් සමු ගනී!

RelatedPosts

මෙරට ජ්‍යෙෂ්ඨතම පුවත්පත් කලාවේදියකු වූ සිරිලාල් කොඩිකාර  අභාවප්‍රාප්ත වූ බව සංවේගයෙන් යුතුව ලියා තබමු.

එතුමන් ලාංකේය පුවත් පත් ඉතිහාසයේ ජීවමාන ඉතිහාසයක් දරාගෙන සිටියේය.      මියයන විට 97 වැනි වියෙහි පසු වූ සිරිලාල් කොඩිකාරයන්  පුවත්පත් කලාවට පිවිසෙන්නේ වර්ෂ 1948 දීය.  ඒ ‘සිංහල ජාතිය’ පුවත්පතෙනි.  අනතුරුව එතුමා ‘දවස’ සහ ‘ඇත්ත’ යන පුවත්පත්වල ද සේවය කළ අතර ඇත්ත පුවත්පතේ විශේෂාංග කර්තෘවරයා ලෙස ද කටයුතු කළේය.

සිරිලාල් කොඩිකාරයන්  දවස පුවත්පතට ලියූ ‘කොසොල් රජුගේ අලුත් සිහින’   මෙන්ම ඇත්ත පුවත්පතට ලියූ   ‘රංචාගොඩ ළමයා’ ලිපි මාලා එවකට පාඨක ප්‍රජාව මහත් සේ බැඳ තබා ගත්තේය. එවකට කොඩිකාරයන් හැඳින්වූයේ ද  රංචාගොඩ ළමයා නමිනි. වාමාංශික දේශපාලනයේ යෙදුණු ඔහු මානව ප්‍රේමය උතුරා ගලා ගිය පුවත්පත් කලාවේදියෙක් වූයේය.

‘මගේ සාක්කිය‘, ‘කැලිස්ටාගේ සවාරිය‘, ‘ටයර් සෑය‘, ‘කනේරු මල්‘, ‘මා දුටු කෝසල සිහින‘, ‘දියවැලක් ඔස්සේ‘, ‘ලෙයින් ලියූ කවි‘, ‘නොරජුන්ගේ අන්තප්පුරය‘, ‘ගහෙන් වැටුණු ගැහැනිය‘, ‘නයිල් ගඟේ කෙස් ගස‘, ‘විශ්වය තුළ විශ්ව‘  කෘති රචනා කළ ප්‍රභාමත් ගත් කතුවරයෙක් වූයේය.

සිරිලාල් කොඩිකාර මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ඇත.

Related Posts

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

ADVERTISEMENT

Advertisement

ADVERTISEMENT