ඉන්ධන මිල තීරණය කිරීමට මිල සූත්‍රයක් ක්‍රියාත්මක කළ යුතු බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා අද පාර්ලිමේන්තුවේ දී යෝජනාවක් කර තිබේ.
අය වැය විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා සදහන් කළේ ලෝක වෙළෙදපොළේ තෙල්මිල වෙනස්වීම සම්බන්ධයෙන් තීරණ ගැනීම සදහා මිල විචලනය වීමක් අවශ්‍ය බැවින් මහබැංකුව පවසන පරිදි මිල සූත්‍රයක අවශ්‍යතාවක් පවතින බවයි.
ලෝක වෙළඳපොලේ පවතින මිල ගණන්වලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල ගණන් පවත්වාගෙන යායුතු බව ඔහු ප්‍රකාශ කළේ ය.
වාහන භාවිත කරන්නන්ට සහන සැලසීම සඳහා රටේ ජනතාවගේ මුදල් වැය නොකළ යුතු බවද ඔහු පාර්ලිමේන්තුවේ දී අවධාරණය කළේය .
“ලෝක වෙළෙඳපොළේ මිල ගණන්වලට සාපේක්ෂව ක්‍රමානුකූලව මිිල විචලනය විය යුතු ක්‍රමවේදයකට ආපසු යායුතුයි. මම පෞද්ගලිකව එකඟ වෙනවා එම යෝජනාවට. එම නිසා මහ බැංකුව කියපු ආකාරයට යළිත් වතාවක් මිල සූත්‍රයකට යායුතුයි කියන ස්ථාවරය මම මේ අවස්ථාවේදී යෝජනා කරනවා.” යැයි ද අධිකරණ අමාත්‍යවරයා වැඩිදුරටත් පාර්ලිමේන්තුවේදී කියාසිටියේය.







