බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මරණ 20යි… 62247ක් අනාථයි… මහවැස්ස අපට හදි කළේ මෙහෙමයි…

by editor
නොවැම්බර් 10, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

තුෂාරී කළුබෝවිල

මේ වනවිට වැසි සමග ඇති වූ ආපදාවන් හේතුවෙන් දිස්ත්‍රික්ක 17ක, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 126ක ජීවත් වන පවුල් 17481කට අයත් පුද්ගලයන් 62247 දෙනෙක් පීඩාවට පත් ව ඇති අතර පුද්ගලයින් 20 දෙනෙකු මරණයට පත් ව ඇතැයි ආපදා කළමනාකරණය මධ්‍යස්ථානය පවසයි.

බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර ප්‍රදේශයේ පුද්ගලයින් 3ක්, ඇල්ල ප්‍රදේශයේ 1 කෙනෙක් දියේ ගිලීමෙන් ද මාතලේ රත්තොට ප්‍රදේශයේ 1 කෙනෙක් දියේ ගිලීමෙන් ද මුලතිව් දිස්ත්‍රික්කයේ තුණුක්කායි ප්‍රදේශයේ 1 කෙනෙක් අකුණු සෑර වැදීමෙන් ද පුත්තලම ආණමඩුව ප්‍රදේශයේ 1 කෙනෙක් අකුණු සැර වැදීමෙන් ද එම දිස්ත්‍රික්කයේ ම වනාතවිල්ලුව, මහාවැව ප්‍රදේශවල 2ක් දියේ ගිලීමෙන් ද කුරුණෑගල පොල්ගහවෙල ප්‍රදේස්ගයේ පිරිමි පුද්ගලයෙන් දියේ ගිලී ද කාන්තාවක් බිත්තියක් කඩා වැටීමෙන් ද කෑගල්ල දිස්ත්‍රික්කයේ රඹුක්කන ප්‍රදේශයේ නිවසක් මතට පස්කන්දක් කඩා වැටීමෙන් එහි සිටි කාන්තාවක් හා දරුවන් 2ක් ද එම දිස්ත්‍රික්කයේ ම වරකාපොළ ප්‍රදේශයේ පුද්ගලයෙක් බෝට්ටුවක් පෙරළීමෙන් දියේ ගිලී ද ගාල්ල දිස්ත්‍රික්කයේ බෝපෙ පෝද්දර පුද්ගලයෙක් දියේ ගිලී ද මියගොස් තිබේ.

නිවාස 978ක් හානියට පත් ව ඇති අතර පවුල් 1404කට අයත් පුද්ගලයින් 5035 දෙනෙක් අවතැන් ව සිටින බව ද එම පුද්ගලයින් ඥාති නිවෙස් හා සහන සේවා මධ්‍යස්ථානවල තාවකාලික ව නවාතැන් ගෙන සිටින බව ද ආපදා කළමනාකරණය මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි  පැවසූවේ ය.

ආපදා කළමනාකරණය මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි (වමේ) කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරලා් අතුල කරුණානායක

බදුල්ල, නුවරඑළිය, මාතලේ, මහනුවර, මුලතිව්, කොළඹ, ත්‍රිකුණාමලය, මන්නාරම, රත්නපුර, කලුතර, පුත්තලම, අනුරාධපුරය, යාපනය, ගාල්ල, කෑගල්ල,කුරුණෑගල හා කිලිනොච්චිය දිස්ත්‍රික්කවලට වැඩි බලපෑමක් සිදු ව ඇති බව ද කොඩිප්පිලි මහතා කීවේ ය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

රාජාංගනය ජලාශයේ වාං දොරටු 10ක්, දැදුරු ඔය වාං දොරටු 04ක්, ලක්ෂපාන වාං දොරටු 1ක්, කුකුළේ ගඟ වාං දොරටු 2ක්, තබ්බෝව වාං දොරටු 4ක්, පොල්ගොල්ල වාං දොරටු 4ක්, කොත්මලේ වාං දොරටු 3ක්, වික්ටෝරියා වාං දොරටු 4ක් විවෘත කෙරුණු අතර මහාවිලච්චිය, නාච්චදූව, නෝර්ට්න්බ්‍රිජ්, අංගමුව, කුරුවිල, තිසා වැව, අභය වැව පිටාර ගැලීමෙන් පහත් බිම්, මං මාවත්, නිවාස රැසක් ජලයෙන් යටවිය.

මහා ඔය, අත්තනගලු ඔය, මල්වතු ඔය, කැලණි ගඟ, කළු ගඟ, බෙන්තර ගඟ, ගිං ගඟ, නිල්වලා ගඟ, කලා ඔය පිටාර ගැලීමෙන් ද පහත්බිම් රැසක් ජලයෙන් යට විය.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් නායයාම් දැඩි අවදානම් ප්‍රදේශ ලෙස නම් කොට වහා ම ජනතාව ඉවත් කළයුතු බවට කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට, රුවන්වැල්ල, මාවනැල්ල, ල්අරනායක, බුලත්කොහුපිටිය, දෙහිඕවිට, රඹුක්කන, කෑගල්ල, වරකාපොළ, කෑගල්ල, ගලිගමුව ප්‍රාදේශීය ලේජම් කොට්ඨාසවලට ද මහනුවර දිස්ත්‍රික්කයේ හාරිස්පත්තුව, දොළුව, යටිනුවර, උඩපළාත, පස්බාගේ කෝරළය, ගඟවට කෝරළය, උඩුනුවර, ගඟ ඉහළ කෝරළය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට ද කුරුණෑගල දිස්ත්‍රික්කයේ මල්ලවපිටිය, රිදීගම, අලව්ව, නාරම්මල, මාවතගම, පොල්ගහවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට ද රතු නිවේදන නිකුත් කරන ලදි.

එසේ ම ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම, ඇල්පිටිය ද කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත, පාලින්දනුවර, බුලත්සිංහල, දොඩංගොඩ, මතුගම ද කුරුණෑගල දිස්ත්‍රික්කයේ නාරම්මල, මල්ලවපිටිය, රිදීගම, අලව්ව, මාවතගම, පොල්ගහවෙල ද මාතලේ දිස්ත්‍රික්කයේ රත්තොට, උකුවෙළ ද රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම, රත්නපුර, ඇහැලියගොඩ, කලවාන ද බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර, ඇල්ල ද කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක හා පාදුක්ක ද මහනුවර දිස්ත්‍රික්කයේ පාතදුම්බර, මිනිපේ, මැද දුම්බර, පූජාපිටිය, උඩුදුම්බර, දෙල්තොට, හතරලියද්ද, අකුරණ, පන්විල, කුණ්ඩසාලේ යන ප්‍රදේශ තවදුරටත් නායයාම් අවදානම් ප්‍රදේශ වන බැවින් ජනතාව ආරක්ෂාකාරී වියයුතු බව දන්වා ඇත.

පසුගිය 09 වැනිදා වැඩි ම වර්ෂාපතනය වූ මිලිමීටර් 243ක් යාපනයට ලැබී තිබූ අතර එදින ම මිලිමීටර් 186.9ක වර්ෂාපතනයක් ත්‍රිකුණාමලයට ද මිලිමීටර් 160.9ක වර්ෂාපතනයක් මන්නාරමට ද මිලිමීටර් 154.7ක වර්ෂාපතනයක් අනුරාධපුරයට ද ලැබී තිබුණි. ඊට පසු දින (10 වැනිදා) ද යාපනයට මිලිමීටර් 204ක ද මහනුවර, කුරුණෑගල, කෑගල්ල දිස්ත්‍රික්කවලට මිලිමීටර් සියය ඉක්ම වූ වැසි ද ලැබී තිබුණි.

මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක  පැවසූවේ දිවයිනේ උතුරු ප්‍රදේශවලට තවදුරටත් තද වැසි ඇති වන බවයි.

එසේ ම උතුරු මඇද, වයඹ, මධ්‍යම, සබරගමුව පළාත්වලට ද වැසි ඇති වන බවත්, ක්‍රමයෙන් වැස්ස අඩුවෙමින් යන බවත් ඒ මහතා කීවේ ය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉන්දියාවේ කුණු මුලතිව් වෙරළේ ගොඩ ගැසෙයි!…

Next Post

ලියාපදිංචි වාහන මිල බස්සන්න ආණ්ඩුවට අලුත් යෝජනාවක්

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.