දිනසේන රතුගමගේ –
වර්ෂාවත් සමගම අධික ලෙස රලු වූ යාපනයේ හා මුලතිව් ප්‍රදේශයේ මුහුද ඔස්සේ තැනින් තැනට විශාල අපද්‍රව්‍ය තොගයක් 10 දා උදෑසන වන විට ගොඩ ගසා තිබේ.
යාපනයේ හා මුලතිව් ප්‍රදේශයේ ධීවරයෝ ප්‍රකාශ කළේ මෙම අපද්‍රව්‍ය ඉන්දියාවේ සිට මුහුද ඔස්සේ පැමිණ වෙරළේ ගොඩ ගැසෙන්නට ඇති බවයි.
විශාල කදු වශයෙන් එකතු වී ඇති මෙම අපද්‍රව්‍ය ඉවත් කිරීම සදහා මාසයකට වඩා වැඩි කාලයක් ගතවන බවත් මේ අපද්‍රව්‍ය කදු නිසා තමන්ට ඉදිරි කාලයේදී ධීවර කටයුතු කරගෙන යාමට විශාල බාධාවක් එල්ල වන බවත් යාපනයේ හා මුලතිව් ප්‍රදේශයේ ධීවරයෝ ප්‍රකාශ කොට සිටිති.