ලලිත් චාමින්ද –
ගාල්ල දිස්ත්‍රික්කයේ පාසල් ළමුන් 22 දෙනෙකුට සහ ගුරුවරුන් 05 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරු වී ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය එරංග හෙට්ටිආරච්චි පවසයි.
පාසල් විවෘතකළ දිනයේ සිට මේ දක්වා කාලය තුළ මෙම පාසල් දරුවන්ට හා ගුරුවරුන්ට කොවිඩි වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති බවද ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා කියයි.
ඇල්පිටිය, ඉඳුරුව ගාල්ල යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසවලින් මෙම රෝගින් වාර්තා වි ඇති බවද හෙතෙම පවසයි. බෙන්තොට ප්‍රදේශයේ ජාත්‍යන්තර් පාසලක ඉගෙනුම ලබන ළමුන් 17 දෙනෙකු මේ අතර සිටින බවත් මේ වනවිට එම දරුවන්ට මාර්ගගත අධ්‍යාපන ක්‍රමය ඔස්සේ ඉගැන්විම් සිදුකරන බවත් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා සඳහන් කළේය.
මේ පිළිබදව අදහස් දක්වමින් හෙතෙම මෙසේද කිවේය.
“ප්‍රාථමික පන්තිවල ඉගෙනුම ලබන දරුවන් කෙරෙහි තමයි වැඩි අවධානයක් යොමුකළ යුත්තේ. එම දරුවන් පාසලේදි වුවත් නියමිත අයුරින් මුඛ ආවරණ පැළඳ ඉන්නේ නැහැ. මුඛ ආවරණ පැළඳ සිටිමත් ඒ දරුවන්ට අමාරුකාරියක්.“
“ඒ නිසා මෙහි දී දෙමව්පියන්ට විශාල වගකිමක් පැවරිලා තියෙනවා . උණ කැස්ස සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග ලක්ෂණ තියෙන දරුවන් පාසල් එවන්න එපා. දිස්ත්‍රික් රෝහලකට ගොස් රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණයක් කරගෙන කොවිඩි වෛරසය ආසාදනය වෙලාද නැද්ද කියලා තහවුරුකරගන්න. කොවිඩි ආසාදිත එක් දරුවෙක් පංතියේ හිටියොත් ඒ පංතියේ දරුවන්ට කොවිඩි වෛරසය ආසාදනය විමේ අවදානමක් තියෙනවා.“ මේ පිළිබඳ දෙමව්පියන් මෙන්ම ගුරුවරුන්ද අවධානයෙන් කටයුතු කළයුතු බවද ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා වැඩිදුරටත් සඳහන් කළේය.







