බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් දැඩිව ප්‍රතික්ෂේප කරද්දී  ශෂීන්ද්‍ර රාජපක්ෂ තුන්වන සාම්පල පරීක්ෂාවකට රට පටලවයි!

චීන පොහොර සමාගමෙන් යළිත් තර්ජනාත්මක ලියුමක්...

by editor
ඔක්තෝබර් 26, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

 

විදේශවලින් රටට ඇතුළුවිය හැකි  හානිකර පළිබෝධ හෝ   ක්ෂුද්‍රජීවීන් මගින් රටේ ජෛවීය පරිසරය ආරක්ෂා කිරීමේ  නෛතික බලය සහ නිශ්චිත වගකීම සහිත කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් චීන කාබනික පොහොර තොගය පිළිබද තුන්වන පාර්ශවයක පරීක්ෂාවක් අවශ්‍ය නොවන බවත් ලංකාවේ සිදුකළ පරීක්ෂණ ජාත්‍යාන්තර ප්‍රමිතියක් සහිත සාධනීය පරීක්ෂණ බවත් සහතික කර ප්‍රකාශ කර තිබිය දී මෙම පොහොර තොගයේ තුන්වන සාම්පලයක් පරීක්ෂා කිරීමට චීන තානාපතිවරයා සමග එකඟ වූ බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂේන්ද්‍ර රාජපක්ෂ අද මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේය.

ඊයේ (25) චීන තානාපති කාර්යාලයේ දී මෙම තීන්දුව ගත් බව ඔහු කීවේය. එහෙත් කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ එවැනි කිසිම තීන්දුවකට ඊයේ දිනයේ දී නොපැමිණි බවය.

ශෂීන්ද්‍ර රාජපක්ෂ මාධ්‍ය හමුවේ මෙසේ පැවසීය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

“ ඔවුන් කීවෙ අපේ රටේ තියන විද්‍යාගාරවල කරන  පරීෂණ එයාලට පිළිගන්න බෑ. ඒවා accredited laboratory ( පිළිගත් රසායනාගාර)   නෙමෙයි.  අපි දෙපාර්ශවයටම පිළිගත හැකි ආයතනයක මේ පරීක්ෂණය කරන්න කියලා ඔවුන් ඉල්ලා සිටියා.

මේ ආයතනය ඇමරිකාව, ඔස්ට්‍රේලියාව, කැනඩාව වගේ ලෝකයේ ප්‍රධාන රටවල් 16කට පෝර නිශ්පාදනය කරන ආයතනයක්. මේ පොහොරවල ප්‍රමිතිය පිළිබඳ අපට අවබෝධයක් ගන්න කියලා ඔවුන් කිව්වා. “

“අපි කිව්වා අපි දෙගොල්ලම කැමතිවන තුන්වන පාර්ශවයකට දෙමු මේ පොහොර අධ්‍යයනය කරන්න කියලා. ඊට පස්සේ අපි තීරණයක් ගනිමු කියලා. “

මේ පොහොර සාම්පලය ලබා ගන්නේ මේ නැවෙන්ම දැයි ඔවුන් තවම තීරණය කළේ නැති බව ද ඇමතිවරයා කීවේය.

“මම චීන මහකොමසාරිස් තුමාට කිව්වා මේක අපි කළේ තරහට නෙමෙයි. මේක මට ඕන උනත් ගෙන්වන්න බෑ. අපේ රටේ කොරොන්ටීන් නීතියක් තියනවා කියලා.  ඒ අය ලෑස්තියි පාඩුවත් විඳ දරාගෙන නැවත ප්‍රොසෙස් කරලා අපට පෙන්වන්න. “

“එතනදි අපි කිව්වා බලමු… ගැටලුවක් නෑ කියලා. “

එහෙත් මේ සම්බන්ධව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පැහැදිලිවම සිය මතය ඊයේ මාධ්‍ය හමුවේ  ප්‍රකාශ කළේය.

“මේ පරීක්ෂණ අපේ රටේ දි කළ ක්‍රමවේදයේ අඩුපාඩුවක් තියනවා කියලා චීන පාර්ශවය කියන කතාව   මා ප්‍රතික්ෂේප කළා. අපි  ජාත්‍යන්තර ශාක ආරක්ෂණ සම්මුතියට අත්සන් කළ ජාතීන් 184න් එක් රටක්. අප එම සම්මුතියට බැඳුණු සාමාජිකයෙක්.  ජාතික ශාඛ නිරෝධායන ආයතනය  හරහා  තමයි අපි ඔවුන්ට සම්බන්ධ වෙන්නෙ.  අපට තියනවා ජාත්‍යාන්තරව පිළිගත් පදනමක්. “

“මා කිව්වා  රට තුළ අප  කළ මේ  පරීක්ෂණ අප පිළිගන්නවා බව. තුන්වන පාර්ශවයක පරීක්ෂණවලට යන්න  අවශ්‍ය නැති බව. “

මේ අතර ෂින්ඩාවෝ බයෝ ටෙක් සමාගම මේ සම්බන්ධව මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබිණි. එහි දැක්වෙන්නෙ අදාල කාබනික පොහොරවල අර්විනියා පරීක්ෂාව සඳහා ලොව බලයලත් හා ඉහළම තෙවන පාර්ශවීය ආයතනය වන සුවිස් එස්.ජී.එස් සමූහය වෙත සාම්පල් යවා යළි පරීක්ෂා කළ යුතු බවය.

ඉන් ලැබන ප්‍රතිඵලය දෙපාර්ශවය විසින් කොන්දේසි විරහිතව පිළිගත යුතු බව එහි සඳහන් වේ.

යම් හෙයකින් අදාල සාම්පලවල අර්විනියා අඩංගු බව තහවුරු වුවහොත් සැපයුම්කරු කොන්දේසි විරහිතව ඒවා චීනයට රැගෙන යා යුතු බවත්, අර්විනියා අඩංගු නොවුනහොත් ගැනුම්කරු කොන්දේසි විරහිතව අදාළ පොහොර තොගය ගාස්තු ගෙවා මිලදී ගැනීමට එකඟ විය යුතු බවත් සමාගම ශ්‍රී ලංකාවට දන්වයි.

මෙම පොහොර තොගය සම්බන්ධව මාධ්‍යවල පලවී ඇති වාර්තා පිළිබඳව නීතිමය පියවර ගන්නට තමන්ට සැපයුම් කරු ලෙස අයිතියක් ඇති බවද සමාගම පවසයි.

කියවන්න…

චීන පොහොර නැවේ තවත් කිසිම සාම්පල් පරීක්ෂාවක් නෑ… කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් සහතික වෙයි!

චීන කතා නිමා කරමින් කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා චීන තානාපතිගේ මූණට කී කතාව…  

Tags: නවතම
Share69Tweet43
Previous Post

චීන පොහොර නැවේ තවත් කිසිම සාම්පල් පරීක්ෂාවක් නෑ… කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් සහතික වෙයි!

Next Post

“හේෂා විතානගේලා චමින්ද විජේසිරිලා සල්ලිවලට ගන්න වාහනවල සල්ලි පුුරවන් ආවේ” – මන්ත්‍රී හේෂා විතානගේ කියයි

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.