ක්වින්ඩාඕ සීවින් බයෝටෙක් චීන සමාගමේ ප්‍රතික්ෂේපිත චීන පොහොර තොගය සහිත නැවේ ඇති ව්‍යාධි ජනක ක්ෂුද්‍ර ජීවින් අඩංගු පොහොරවලට අදාලව තවත් සාම්පලයක් පරීක්ෂා කිරීමේ කිසිදු තීරණයක් ගෙන නැති බව කෘෂිකර්ම අධ්යක්ෂ ජනාරල් ආචාර්ය අජන්ත ද සිල්වා පැවසුවේය.
ශාඛ නිරෝධායන මධ්‍යස්ථානයේ පූර්ණ වගකීම ඇත්තේ තමන් යටතේ බවත් එහි සිදුවන පර්යේෂණවල ප්‍රතිඵල නිසැක බවත් ඔහු කීවේය. රටේ ශාඛ සත්ත්ව හා පාංශු ආරක්ෂාව සහතික වීම නිශ්චිත වශයෙන්ම තමන්ගේ කාර්ය කොටස බැවින් මේ පොහොර සම්බන්ධව තවත් පරීක්ෂණ අවශ්‍ය නොවන බව තමන්ගේ නිර්දේශය යැයි අධ්යක්ෂ ජනරාල්වරයා පැවසීය.
කෙසේ වෙතත් ඉදිරියේ දී ලංකාවට අවශ්‍ය කරන කාබනික පොහොර සම්බන්ධව චීනය සමග නැවත සාකච්ඡා කර ලංකාවට ගෙන ඒමට සුදුසු වෙනත් පොහොර වර්ගයක් තිබේද යන්න සොයා බැලීමට සාම්පල පරීක්ෂා කිරීමක් සිදු විය හැකි බව ඔහු පෙන්වා දුන්නේය.
“ එහෙත් එවැනි කටයුත්තක් සඳහා මේ මොහොත වනවිට ස්ථිර වශයෙන් නිගමනයකට එළඹී නෑ,…“ අධ්යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.