බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“හේෂා විතානගේලා චමින්ද විජේසිරිලා සල්ලිවලට ගන්න වාහනවල සල්ලි පුුරවන් ආවේ” – මන්ත්‍රී හේෂා විතානගේ කියයි

by Lanka Sara Editor
ඔක්තෝබර් 26, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

හේෂා විතානගේලා චමින්ද විජේසිරිලා සල්ලිවලට ගන්න වාහනවල සල්ලි පුරවන් ආ සමයේදී පක්ෂය පාවා නොදුන් තමා ආණ්ඩුවට යාමේ් කිසිදු සූදානමක් නැතැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ  පවසයි.

ඔහු කියාසිටියේ ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වූයේ පක්ෂ අභ්‍යන්තර ගැටලුවක් නිසා පමණක් මිස ආණ්ඩුවට යාමට නොවන බවයි.

“අපි මතක් කරනවා සල්ලි මළුවලට දේශපාලනඥයෝ විකුණුන මේ ඉතිහාසයේ අපි දන්න විශාලම ගනුදෙනුව වෙච්ච දිනය තමයි එක්තරා දිනයක අද වගේ දවසක්. දින 52 ක පටන් ගන්නේ අද වගේ දවසක. අද අපි කියනවා සල්ලි මලු කැරකැවුණා. ඒ දවස්වල තමයි හේශා විතානගේ ලා චමින්ද විජේසිරිලා සල්ලිවලට ගන්න වාහනවල සල්ලි පුරවා ගෙන ආවේ. ඔය ලොක්කෝ කෑගැහුවේ. එවැනි යුගයක මේ පක්ෂය පාවා නොදීපු අපි පසුගිය විසිවන සංශෝධනය වෙලාවෙත් අපිට ගැහුවා ඔන්න හේෂයි චමින්ද යනවා කියලා අපිව යවන්න ඕනේ කමක් තිබ්බේ. යවන්න ඕන නායකයින්ට කියනවා ලේසි වෙන්නේ නෑ. දුනේෂ් ගන්කන්ද යවාත්තට මේකට හයිය දීපු පුංචිනිලමේලා යවා ගත්තට හේශා ව යවා ගන්න ලේසි වෙන්නේ නෑ කියලා පණිවුඩය දෙනවා ලොම් හැලුණු නායකයෝ රත්නපුරයෙන් එලවන්න ඕන කියන තීන්දුව ජනතාව ලබාදීලා තිබෙනවා” යැයි ‍සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ  කීය.

තමන් සහ චමින්ද විජේසිරි  ආසන සංවිධායක ධූරවලින් ඉවත් වූයේ පරාජය වූ නායකයින් යළි ඉදිරියට ගෙන ඒම සදහා පක්ෂය තුළ ව්‍යාපෘති ක්‍රියාත්මක වන නිසා බව ද ඔහු අද පැවැති මාධ්‍ය හමුවකදී අවධාරණය කළේය.

RelatedPosts

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

එය පක්ෂයේ අභ්‍යන්තර ප්‍රශ්නයක් බවත් එය පක්ෂය තුළ විසඳාගත යුතු හෙයින් මාධ්‍යයට හෙළි නොකළ බවත් මන්ත්‍රීවරයා එහිදී පැවසීය.

ඔහු අවධාරණය කළේ එබැවින් එය මාධ්‍ය වෙත හෙළි කළ ‘කාලකන්නි දේශපාලනඥයින්’ කවුරුන්ද යන වග සොයා බැලිය යුතු බවත් ය.

අදාල ලිපිය පක්ෂයේ මහ ලේකම්වරයාට භාර දී දවස් කිහිපයක් ගත වන බව ද ඔහු එහිදී පැවසීය.

“ඇත්තටම දිස්ත්‍රික්කය තුළ මට ජනතාව හයියක් දීලා මට කතා කරන්න බැරිනම්,  දිස්ත්‍රික්කයේ ප්‍රශ්නයක් ගැන දිස්ත්‍රික්කය වෙන සිද්ධි ගැන මට පක්ෂයේ මහ ලේකම් තුමාවත් දැනුවත් කරන්නේ නැත්නම්,  මම හිතනවා මම දිස්ත්‍රික්කයේ ආසන සංවිධායකවරයෙක් විදියට  ආසනයට කොටුවෙලා ඉඳීමේ   තේරුමක් නැහැ කියලා.  ඒ ආසනයත් ඒ තීන්දු තීරණ ගන්න උදවියට අවශ්‍ය විදිහට ගන්න තමයි මම ආසන සංවිධායක ධුරයෙන් ඉවත් වුණේ. විශේෂයෙන්ම ජයතිස්ස රණවීර අමාත්‍යවරයා මේ පක්ෂයට කැඳවාගෙන ආවා. එතුමාට පොරොන්දු වෙලා තිබුණා ආසනයක් ලබා දෙනවා කියලා. ඒ ආසනේ ලබා දෙන්න ඔය කියන කණ්ඩායම ඒ අවශ්‍ය කටයුතු කළේ නැහැ. නායකතුමා තීන්දුව දීලා තියෙන්නේ. ඒක කළේ නෑ. ඉතින් ඒක නිසා අඩුම තරමේ එතුමාට සාධාරණයක් ඉටු කරන්න වත් මම මගේ ආසනයේ දිය යුතුයි කියලා මම තීන්දු කරලා තමයි මම ආසන සංවිධායක ධුරයෙන් ඉවත් වුණේ.”

එමෙන්ම තමන් සහ චමින්ද විජේසිරි  ආණ්ඩුවට එක්වී මේ එක් වීමේ සූදානමක් පවතින බවට පළවී ඇති මාධ්‍ය වාර්තා අසත්‍ය බව ද හේශා විතානගේ .එහිදී පැවසීය.

“ආණ්ඩුවට මේ තොරතුරු දීලා තිබෙන්නේ තමන්ගේ කුණු  වැටුණු වලේ ඉන්න දේශපාලන චරිත. ඔවුන් ගොඩ එන්න මෙය ප්‍රවෘත්තියක් බවට පත්කරගෙන. රත්නපුර දිස්ත්‍රික්කයේ සමහර දේශපාලන නායකයෝ උත්සාහ කරනවා හේශා විතානගේ පොහොට්ටුවේ මේ තනතුර ගත්තා කියලා තොරතුරු පතුරන්න. නායකතුමාට කියනවා ඉදිරියේ දී මේ චරිත  මේ චරිත මොන ආකාරයේ නාට්‍යයක් රඟ දැක්වූවත් රත්නපුර දිස්ත්‍රික්කයේ අහිංසක ජනතාව, සජිත් ප්‍රේමදාස කියන චරිතය සමග ගොනු වෙලා ඉන්න ජනතාව මේ බොරු කාරයින්ට මේ වැඩ බැරි ටාසන්ලා ට අහුවෙන්නෙ නෑ. ඒක පසුගිය මැතිවරණයේදී ඔප්පු කරලා පෙන්නුවා”

Tags: නවතම
Share69Tweet43
Previous Post

කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් දැඩිව ප්‍රතික්ෂේප කරද්දී  ශෂීන්ද්‍ර රාජපක්ෂ තුන්වන සාම්පල පරීක්ෂාවකට රට පටලවයි!

Next Post

තවත් කොවිඩ් මරණ 14

Related Posts

rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.