බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය

මංගල්‍යයට වෙන් කළ මිලියන 02න් අසරණයෙකුට නිවසක් දී ටකරන් මඩුවක විවාපත් බෝසත් යුවල

අනෙකා ගැන හිතන්න... ලෝකය ලස්සන වෙනවා සත්තයි...!

by editor
ඔක්තෝබර් 23, 2021
in ජීවිතය
නිවසේ යතුරු භාර දුන් අවස්ථාව

නිවසේ යතුරු භාර දුන් අවස්ථාව

Share on FacebookShare on Twitter

සම්පත් දෙණිපිටිය-

මිනිසුන් හිතන පතන විදිහ ලෝකය වෙනස් කරනවා. මේ ඔබට කියන්නෙ ඇසිය යුතුම අසිරිමත් කතාවක්…

තමන්ගෙ විවාහය වෙනුවෙන් ඉතිරි කරගත් රුපියල් ලක්ෂ 20ක මුදල වියදම් කරලා ඉන්න හිටින්න තැනක් නැතිව හිටිය අසරණ පවුලකට ගෙයක් හදා දී තමන්ගෙ විවාහය පුංචි කටරන් මඩුවක ලියාපදිංචි කළ අසීමිත හිතක් සහිත තරුණ යුවලක් වටායි  ඒ කතාවෙන් කියැවෙන්නෙ.

චමත් සහ හරිනි

ඒ දරු පවුලට නිවාසය භාර දී මේ තරුණ යුවල ගේ ඉදිරිපිට තැනූ ටකරන් මඩුවක ස්වකීය විවාහය ලියාපදිංචි කළා. පසුගිය බදාදා (20) දිනයේ සිදු වූ මේ අසිරිමත් මානුෂික පෙළහර පෙළ ගැසුනෙ මෙහෙමයි.

චමත් බුද්ධික ලේකම්ගේආරච්චි පදිංචි වෙලා ඉන්නේ මාතර අකුරැස්ස ඌරුමුත්තේ. චමත් බැංකු නිලධාරියෙක්. සේවය කරන්නෙ දෙනියාය මහජන බැංකුවේ.      චමත්ගෙ අත ගන්න සූදානමින් සිටි ඔහුගේ පෙම්වතිය    මාතර ඉසදීන් නගරයේ පදිංචි හරිනි හේවාපතිරණ. හරිනි  ආයුර්වේද  වෛද්‍යවරියක්.

RelatedPosts

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

චමත්ගේ පියා සහ මව  ජාතික ගමනාගමන මණ්ඩලයේ සේවය කර  විශ්‍රාම ගිය අය.   හරිනිගෙ මව   විශ්‍රාමික විදුහල්පතිනියක්.   දෙදෙනාගෙ විවාහය මහා ඉහළින් සමරන්න දෙපාර්ශවයම  හරි හරියට සූදානම් වෙමින් හිටියෙ.  විවාහ උත්සවය පවත්වන්න හිටියෙ දකුණු පළාතේ ඉහළම පැලැන්තියෙ හෝටලයක.

එහෙත් චමත් කල්පනා කළේ වෙන විදිහකට. එක දවසකට මේ මුදල් වියදම් කරලා බොරු සාටෝපය ලෝකයට පෙන්වන්  සිහින උත්සව පැවැත්විය යුතු ද?. ඒ මුදලින් දරු පවුලකට මුලු ජීවිත කාලයක් ජීවත් වීම සඳහා පදනමක් නිර්මාණය කර දිය නොහැකි ද?. ඔහු මේ ගැන සිය අනාගත සහකාරිය වුණු හරිනි එක්ක කතා කළා. චමත්ගෙ අදහසට හරිනි එකඟ වන්නේ එක පයින්.

ඉන් පස්සෙ දෙන්නම යන්නෙ ඌරුමුත්ත ග්‍රාමසේවක  හම්බුවෙන්න. ඒ ප්‍රදේශයේ අසරණ දරු පවුලක් සොයා දෙන ලෙස ඉල්ලන්න. ග්‍රාමනිලධාරීවරයා ඔවුන්ට තෝරා දෙන්නෙ මීට වසර තුනකට පමණ පෙර පියා මියගිය දරුවන් තිදෙනකු සිටින  අසරණ දරු පවුලක්.

මේ පවුල වෙනුවෙන් නිවසක් හදා දෙන්න මේ තරුණයා සහ තරුණිය තීන්දු කළා.  ඒ තමන්ගෙ විවාහයට එකතු කරගත්තු මුදලින්. මීට මාස දෙකකට පෙර ඔවුන් ඒ නිවස හදන්න  පටන් ගත්තා.

මෙන්න ඒ නිවස

පෙරේදා පුර පසළොස්වක පොහෝ දිනය. එදා  තමයි මේ අපූරු යුවල විවාහ ප්‍රාප්ත වෙච්චි දවස. ඔවුන් විවාහය ලියාපදිංචි කළා සුබ මෙහොතින්.  ඔවුන්ගේ විවාහය වෙනුවෙන්  එකතුකළ මුදලින් තැනූ නිවස ඉදිරිපිට තැනූ පුංචි මඩුවක මේ ආශීර්වාද ලත් මංගල කටයුත්ත සිද්ධ වුණා. අනතුරුව පෙරේදා මේ දරු පවුලට ඒ නිවස භාර දුන්නා.“

නිවෙස් ලාභී  තරුණ වැන්දඹු මව ඒ.ජේ.රසිකා.  ඇය තිදරු මවක්. මේ පරිත්‍යාගය ඇයට අදහා ගන්න බෑ. ඇය හිටියෙ සිනාවෙන්න ද මේ සතුට දරගන්න බැරිව අඬන්න ද නොදැන.

නිවස ලැබූ රසිකා සහ දරු පැටවු තුන් දෙනා…

“අනේ මේ ලෝකෙ දෙවිවරු ඉන්නවා කියලා මං දැනගත්තෙ මෙතුමන්ලගෙන්… “ඇය ඔවුන් ගැන කීවේ එපමණයි. කඳුළු පිරී කොපුල් දිගේ රූරා වැටෙන්න පටන් ගත්තා…

“ලොකු දුව 9 පන්තියෙ ඉගෙන ගන්නෙ. දෙවැනි දුව මේ සැරේ ශිෂ්‍යත්ව විභාගෙ කරනවා. පුතා තවම මොන්ටිසෝරි යන වයසෙ.  මට ඉගෙන ගන්න බැරි වුණා. මම හිතාගෙන හිටියෙ මොන දුකක් විඳලා හරි දරුවන්ට උගන්වනවා කියලා. මට දැන්  ජීවිත කාලෙම වැටිලා ඉන්න තැනක් තියනවා. දැන්   ලොකු විශ්වාසයකින් මේ දරුවොන්ගෙ අනාගතය ගැන හිතන්න පුලුවන්.“

ඇයගේ ජීවිතයේ අඩක් විසඳිලා තිබුණා. එය ඇයගේ ඇස්වල ලියවිලා තිබුණා.

නිවසට ගෙවැදීමේ අවස්ථාවේ සෙත් පැතීමට පැමිණි සංඝරත්නය ඇතුළු පිරිස…

ලෝකයට පෙනෙන්න එක දවසක පැය කීපයක් වෙනුවෙන් තියන සල්ලි විනාශ කරලා දාලා ඒ මොහොත සිහි කරමින් ජීවිතේ ඉතිරි කාලය ගෙවා දමන දිළිඳු මානසිකත්වයක් සහිත   සාතිශය බහුතරයක් ඉන්න සමාජයක මේ තරුණ යුවලගේ අභිමානය ඔවුන් සතු පෞරුෂය ගැන ඔබ මොහොතකට කල්පනා කළා ද?.

කුසගින්නෙ කාණුපල්ලේ අපේම ජන කොටසක් මියැදෙන්න නියමවෙලා තියන රටක් සමෘද්ධිමත් කරන්න අවශ්‍ය එක් සිතිවිලි මාත්‍රයක් පමණයි. ඔවුන් රටට කීවේ ඒකයි.

අනෙකා ගැන හිතන්න… ලෝකය ලස්සන වෙනවා සත්තයි…

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

සමහර ඉන්ධනහල් වේලෙද්දී හිතවත් අයට තුන් ගුණයක් ඉන්ධන

Next Post

චීන බලපෑම හමුවේ රට නිරුත්තරයි…. මතභේදාත්මක චීන පොහොර නැව කොළඹට ඇවිත් !

Related Posts

සමාජ

ඉදිරි සති තුන තුළ ලෝකයේ ඉරණම තීරණය කිරීමට නියමිත ඇමෙරිකා-ඉරාන ගැටුම! උන්ගේ යුද්ධයකට අපි අපේ බත් පතෙන් ණය ගෙවන්නේ ඇයි?…

ජූනි 1, 2026
vesak
සංස්කෘතිය

සිංහලයේ වෙසක් උත්සවය හෙවත් සහශ්‍ර දෙකකට අධික අඛණ්ඩ ජන උරුමයක සජීවී ප්‍රකාශනය! – මහාවංසය කියන කතාවක්…

මැයි 30, 2026
trump-khameni
සමාජ

කෙටුම්පත් වෙමින් ඇත්තේ ජීවිතය පිළිබඳ බලාපොරොත්තුවයි….  “ඇමෙරිකා – ඉරාන සාම ගිවිසුම”   අවසන් කෙටුම්පත ගැන කතාවක්…

මැයි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.