බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home දේශපාලන මැතිවරණය

ජාතික ජන බලවේගය නසන්න කූට ව්‍යාපාරිකයෝ කෝටි ගණන් වියදම් කරනවා

කලුසල්ලි විසිකරන සේනාධිපති කෝටිපතියෙක් වුන ආකාරය සොයන්න... ටිල්වින් සිල්වා වව්නියාවේ දි කියයි

by editor
ජූලි 5, 2020
in මැතිවරණය
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ

කලු සල්ලිකාරයින්ගේ හා කූට ව්‍යාාපාරිකයින්ගේ මුදල් යොදවා ජාතික ජන බලවේගය සතු ඡන්ද ප්‍රතිශතය තවදුරටත් පහත හෙලීමට රජයට සම්බන්ධ පුද්ගලයින් උත්සහ කළත් ජාතික ජන ජන බලවේගය ඊට කිසිදා බියනොවන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා  4 දා වවුනියාවේදී පැවසීය.

වවුනියාවේ හෝටලයකදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ  ප්‍රධාන ලේකම්වරයා මේ බව කියා සිටියේය.

අනතුරුව ජාතික ජන බලවේගයෙන් වන්නි මැතිවරණ දිස්ත්‍රික්කයට තරග කරන කණ්ඩායමේ නායක හා දිස්ත්‍රික් සංවිධායක උපාලී සමරසිංහට අයත් වවුනියාව අම්බලන්ගොඩැල්ල ගම්මානයේ පිහිටි නිවසේදීද  ජනහමුවක් අමතනු ලැබීය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්වරයා කියා සිටියේ රජය හා රජයට සම්බන්ධ පිරිස කළ යුතුව ඇත්තේ ජාතික ජන බලවේගයේ ඡන්ද පදනම අඩු කිරීමට කටයුතු කිරීම නොව ජනාධිපතිවරණයේදී සියයට හතලිස් පහක් ඡන්දය ලබා ගත්  එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද පදනම අඩු කිරීමට පියවර ගැනීම බවද කියා සිටියේය.

RelatedPosts

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

නමුත් කිසිවෙකු එසේ නොකරන්නේ ඡන්දයෙන් එක්සත් ජාතික පක්ෂයෙන් බලයට පත්වන පිරිස මුදලට  හෝ තාන්න මාන්නවලට හෝ එසේත් නොමැතිනම් බියකොට හෝ  රාජපක්ෂ රජයට  ගත හැකි නිසා බවද සඳහන් කළේය.

ජාතික ජන බලවේගයේ ඡන්ද පදනම අඩු කිරීම සඳහා රුපියල් කෝටි ගණනක් වියදම් කරන හා  රාජපක්ෂවරු බලයට පත් කිරීම සඳහා තවත් කෝටි ගණනක් මුදල් වියදම් කරන  සේනාධිපති ඉතා කෙටි කලකින් මෙතරම් ධනවතෙකු වූයේ කෙසේද යන්න ගැන පරීක්ෂණයක් පවත්වන ලෙස  ජාතික ජන බලවේගය ඉල්ලා සිටින බවද ටිල්වින් සිල්වා   පැවසීය.

හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද  අලුත්ගමගේ  2011  වසරේදී ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයින් ඉන්දියාවට ලෝක කුසලාන තරගය  විකුණන ලද බවට කළ අමූලික බොරුව ගැනද පරීක්ෂණයක් පවත්වා ඔහුට දඬුවම් කරණ මෙන් ජාතික ජන බලවේගය ඉල්ලා සිටින බවද ප්‍රචාරක ලේකම් වරයා මෙහිදී කියා සිටියේය.

ශ්‍රී ලංකාවටත් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයින්ටත් ඔහු විසින් ප්‍රසිද්ධියේ සිදු කරණ ලද ඒ අවමානය නිසා ඔහු දේශපාලනයෙන් ඉල්ලා අස්විය යුතු පුද්ගලයෙකු බවට පත්ව ඇතැයිද ටිල්වින් සිල්වා පෙන්වා දුන්නේය.

උතුරේ ජනතාව සෑම මැතිවරණයකදීම ජාතිවාදී ස්වරූපයකින් ඡන්දය ප්‍රකාශ කළ ආකාරය පෙන්වා දුන් ටිල්වින් සිල්වා   ඔවුන් ඔවුන්ගේ ජාතිය දේශපාලන ආගම වශයෙන්  සලකා ඡන්දය ලබා දෙන ලද නමුත් පසුගිය වසර හැත්තෑ එකක් පමණ මේ රටේ බලයට පත් වූ නායකයින් උතුරේ ජනතාවගේ ප්‍රශ්න විසඳා නොමැති බවද  සඳහන් කළේය.

බලයට පත් වූ සෑම දේශපාලන පක්ෂයක්ම මැතිවරණයක් ආසන්නයේදීම  උතුරේ තරුණ තරුණියන්ට රැකියා ලබා දීම වෙනුවට රැකියා අයදුම් පත් බෙදා දුන් බව කී ප්‍රචාරක ලේකම්වරයා මේ තත්ත්වය නිසා උතුරේ තරුණ තරුණියන් හා ජනතාව අතර දුගී දුප්පත්හාවය ඉහළ ගිය බවද පෙන්වා දුන්නේය.

මේ රටේ සිංහල දෙමළ මුස්ලිම් ජනතාව  ඒකරාශී කොට ඔවුන් අතර ජාතික සමගිය වර්ධනය කරවීම වෙනුවට පාලකයින් ඔවුන්ගේ වාසිය තකා මේ ජනතාව තවත් කොටස් වලට බෙදා වෙන්කළ බව ප්‍රකාශ කළ හෙතෙම  එසේ කිරීම තුළින් ජාතිවාදය උලුප්පා බලය ලබා ගත් බවද පැවසීය.

පැවති යහපාලන රජය විසින් විකුණා දමන ලද  සියලුම දේ රාජපක්ෂ ආණ්ඩුවක් යටතේ ආපසු ලබා ගන්නා බව ප්‍රකාශ කළත් හම්බන්තොට වරාය විකිණීම ගැන කිසිම කතාවක් නොකොට වත්මන් පිරිස කොළඹ වරායේ නැගෙනහිර කොටස ඉන්දියාවට විකිණීමට පිඹුරුපත් සකස් කරමින් සිටින බවද  සඳහන් කළ ටිල්වින් සිල්වා   ඉරා දැමීම හෝ කුණු කූඩයට දැමීම හෝ කරන බව කී ඇමරිකානු එන්.සී.සී.ගිවිසුම  දැන් අත්සන් කිරීමට ඇති හැකියාව ගැන සොයා බලමින් ජනතාව රවටවන බවද පැවසීය.

යහපාලන රජය හොරු ඇල්ලීමට බලයට පත් වී  අවසානයේදී හොරු රජයට රිංගවා ගෙන මහ බැංකුවද  කොල්ලකමින් වසර හතරහමාරක කාලයක් කිසිවක් නොකොට කාලය කා දැමූ බව ඔහු පෙන්වා දුන්නේය.

මේ රටේ බලයට පත්වුණු සෑම රජයක්ම මත්ද්‍රව්‍ය අලෙවිකරුවන්ට උදව් කොට ඒ ලැබෙන මුදල් ද දේශපාලනයට යොදා ගෙන ඇති බව මේ දිනවල සිදුවන සිදුවීම් වලින් ඉතා පැහැදිලිව පෙණෙන බව කී ටිල්වින් මහතා කුඩු බොන හා සිල්ලරට කුඩු විකුණන පුද්ගලයින් පොලීසිය ඇතුලු ආරක්ෂක අංශ වලින් අත් අඩංගුවට ගනු ලැබූවත් මහා පරිමාණයෙන් කුඩු අලෙවි කරන පිරිස අත් අඩංගුවට නොගැනීමෙන් පැහැදිලි වන්නේ ඔවුන් හා දේශපාලනඥයින් අතර විශාල සම්බන්ධකමක් පවතින බවද ඔහු පැවසීය.

පෙරටුගාමී පක්ෂය සමග ජනතා විමුක්ති පෙරමුණ එකතු වීමට කළ සාකච්ඡා වල තත්ත්වය කුමක්දැයි පැහැදිලි කරමින් කතා කළ ටිල්වින් සිල්වා‍  පැවසුවේ  ජනතා විමුක්ති පෙරමුණ  සිය පක්ෂයේ ප්‍රතිපත්ති වලට හානි නොවන අන්දමින්  පැමිණෙන ඕනෑම පක්ෂයක් සමග කටයුතු කිරීමට එකඟ බවය.

ඉතිහාසයේදී තම පක්ෂය ඒ අන්දමට කටයුතු කොට ඇති බවද ටිල්වින් සිල්වා මෙහිදී උදාහරණ සහිතව පැහැදිලි කළේය.

මේ ජනහමුව අමතා  ජාතික  ජනබලවේගය  පක්ෂයේ වන්නි දිස්ත්‍රික් අපේක්ෂක කණ්ඩායමේ නායක උපාලි සමරසිංහ සහ තවත් කීප දෙනෙකුද කතා කළහ.

Tags: නවතම
Share76Tweet43
Previous Post

ලෝක කුසලානය පාවා දීම ගැන මගේ ප්‍රකාශය තවම වලංගුයි…

Next Post

උතුරේ දුක සැප බලන්න බ්‍රිතාන්‍ය නියොජ්‍ය මහකොමසාරිස් යාපනේ යයි..

Related Posts

දේශපාලන

ඡන්ද ප්‍රතිඵලයෙන් පොදු ජන පෙරමුණට සුබවාදී ආරම්භයක්

අගෝස්තු 6, 2020
මැතිවරණය

“කොරෝනා නිර්මාණය කළ ඡන්ද රටාවට අලුත් පරපුර කැමතියි”

අගෝස්තු 1, 2020
මැතිවරණය

ගෙදර නිරෝධායනය වෙන අයට ඡන්ද පොළ ලෑස්තියි

ජූලි 27, 2020

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.