බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රටේ විදේශ ණය ඩොලර් බිලියන 47යි… තෙල් ගෑස් ගොඩදැම්මොත් ආදායම ඩොලර් බිලියන 117යි…

ණය උගුලෙන් ගැලවෙන්නට එකම විකල්පය මෙයයි.. 2050ට පෙර ගොඩ දමා විකුණා ගත යුතුයි.... බලශක්ති ඇමති කියයි..

by editor
සැප්තැම්බර් 16, 2021
in පුවත්
තෙල් ගවේෂණය සඳහා යොදවා ඇති ගුවන් යානය

තෙල් ගවේෂණය සඳහා යොදවා ඇති ගුවන් යානය

Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාව මේ මුහුණ දී ඇති විදෙස් ණය උගුලෙන් ගැලවීමට ඇත්තේ එකම එක මාර්ගයක් පමණක් බවත් ඒ මන්නාරම් ද්‍රොණියේ ඛණිජ තෙල් සහ ගෑස් සම්පත්  මතු කර ගැනීම බවත් බලශක්ති ඇමති උදය ගම්මන්පිල   ප්‍රකාශ කළේය.

මන්නාරම් ද්‍රොණියේ තෙල් සහ ගෑස් සම්පත විකුණා ලබා ගත හැකි මුදල ඩොලර් බිලියන 117ක් බවට ඇස්තමේන්තු කරන ඇමතිවරයා ලංකාව මෙතෙක් විදේශයන්ට ණය වී ඇති සමස්ථය ඩොලර් බිලිය 47ක්  බව පෙන්වා දුන්නේය.

විදේශ ණය ප්‍රමාණය මෙන් තුන් ගුණයක මිලක් මේ ආයෝජනයෙන් ලැබෙන බවත් 2050 -60 වනවිට ඛණිජ තෙල් භාවිතය ලෝකයෙන් තුරන් වන බැවින් ඊට පෙර මෙම සම්පත ගොඩදාගෙන විකුණා ගත යුතු බවත් ඔහු පෙන්වා දුන්නේය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ කටුනායක ගුවන්තොටුපල විශේෂ අමුත්තන්ගේ මැදිරියේ ඊයේ පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ය.

RelatedPosts

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ඔහු එහිදී මෙසේ ද පැවසීය.

“මන්නාරම් ද්‍රොණියේ  පමණක් බොරතෙල් බැරල් බිලියන 2ක් සහ ගෑස් ඝන අඩි ට්‍රිලියන 9ක් තියනවා. එක ගණ අඩියක් ඩොලර් ශත 13යි කියලා ගත්තොත් අපට තියනවා ඩොලර් බිලියන 117ක්. මේ බොරතෙල් හා ගෑස්වල වටිනාකම එකතු කළාම ඩොලර් බිලියන 167යි.   ආණ්ඩුව සහ ආණ්ඩුවේ සියලුම ආයතන එක්ව ගත්තු විදේශ ණය තියෙන්නෙ ඩොලර් බිලියන 47යි.  ඒ වගේ තුන් ගුණයක වටිනාකමක් මන්නාරම්  ද්‍රෝණියේ තෙල් සහ ගෑස් විකිණීමෙන් ලබා ගන්න හැකියාව තියනවා. “

‘මන්නාරමේ එම්2 කියන කොටසේ දැනට ලිං හාරලා ගෑස් හා තෙල් තියන බවට හඳුනාගෙන තියනවා.  ලෝකයේ දැවැන්ත තෙල් සමාගම් මේ කෙරෙහි ඉහළ උනන්දුවක් දක්වනවා. “

තෙල් සහ ගෑස් පවතින බවට හඳුනාගෙන ඇති කලාපය

“මේ තෙල් ගවේෂණ කාර්යයේ දී ඩොලර් බිලිය ගණනක ආයෝජනයක් කරන්න වෙනවා. එක් කොටසක ගවේෂණය කරන්න. ඒ නිසා අපට විදේශීය ආයෝජකයන් මත රැදෙන්න වෙනවා මේ කටයුත්තේ දි.“

“මතුපිට සිට කිලෝ මීටර එක හමාරක් ගියාම මුහුදු පත්ල හම්බ වෙනවා. මුහුදු පත්ලේ සිට කිලෝ මීටර දෙකක් පමණ යට තමයි දැනට හඳුනාගෙන ඇති ගෑස් නිධි තියෙන්නෙ. “

“එම්2 කියන බිම් කැබැල්ලෙ ගෑස් තියන තැන තෙල් තියන තැන නිශ්චිතව හඳුනාගෙන තිබෙන්නෙ. ආයෝජකයා ලංකාවට ඇවිත් වසර 3ක් ඇතුළත තෙල් සහ ගෑස් ගොඩ ගන්න හැකියාව තිබෙනවා.“

2050 සහ 2060 අතර ලෝකය තෙල් භාවිතයෙන් ඈත් වීමට නියමිතයි.  මේ තියන දෙයක් 2050 කලින් ගොඩ අරන් භාවිත කරලා ඉවර වෙන්න ඕන.

ශ්‍රී ලංකාවේ මන්නාරම සහ කාවේරි ද්‍රෝණියේ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ඛනිජ තෙල් සම්පත් ගවේෂණය පිණිස ප්‍රථමවරට ගුවන්යානා උපයෝගි කොට ගනිමින් ගුරුත්වාකර්ෂණ හා චුම්භක ක්ෂේත්‍ර දත්ත රැස්කිරීම හා සමීක්ෂණය  එක්සත් රාජධානිය මූලස්ථානය කොට ගත් ලෝක ප්‍රකට  භෞතික සමීක්ෂණ සමාගමක් වන බෙල් ජියෝස්පේස් (Bell Geospace) පෞද්ගලික සමාගම සමග ආරම්භ කළ බව ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කීවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කෘතිම බුද්ධි තහනම් කළයුතු බවට ජගත් මානව හිමිකම් මහකොමසාරිස් කියයි

Next Post

ළඟ නොව දුර බලන්න – සංචරණ සීමා තව දිගු කරන්න… විශේෂඥ වෛද්‍යවරු රජයට කියති

Related Posts

boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.