-
එලියට බහින්න බෑ… මේ පීඩනය දරාගන්න බෑ… ගයත්‍රි අසනීප වෙලා රෝහල්ගත කළා
-
අසභ්‍ය වීඩියෝව සමහර යූ ටියුබ් නාලිකා සංස්කරණය කරලා ඒ අතරට ගයත්‍රිගෙ ඡයාරූප දාලා තිබුණා…
-
මේ මොහොත දරාගන්න සැමියා පුදුමාකර ශක්තියක් වුණා… මම අවිවාහක තරුණියක් වුණා නම් අද විවාහයක්වත් කරගන්න බෑ…
-
ඇයි මෙහෙම අපරාධ කරන්නෙ. අපි දෙන්න පහුගිය අවුරුද්දේ දෙසැම්බර් 16 දිය ඇල්ල බලන්න ගිහින් ගත්තු ඡායාරූපයක් මේ විනාශය කරන්න යොදගන්නෙ මොන පදනමින් ද?
-
දැන් ඒ පුද්ගලයා සහ කාන්තාව අත්අඩංගුවට අරන්… ඒත් සමාජ මාධ්‍ය ජාලාවල තවත් පල වෙන්නෙ අපි දෙන්නා අත්අඩංගුවට ගත්තා කියලා…
පහන්තුඩාවේ සිද්ධිය නිසා යම් නිරපරාද පුද්ගලයෙක් අගතියට පත් වී ඇතිනම් එවැනි තත්වයක් ඇති කිරීමට කටයුතු කළ අය සොයා වහාම විමර්ශන සිදුකරන ලෙස මහජන ආරක්ෂක ඇමති රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර විසින් අපරාධ පරීක්ෂණ කොට්ඨාශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී තිබේ.
ඇමතිවරයා මෙසේ උපදෙස් ලබා දී අත්තේ පහන්තුඩාව සිද්ධියේ ලිංගික දර්ශන සඳහා පෙනී සිටි යුවල බව කියමින් විවාහක තරුණයෙකුගේ සහ තරුණියක ගේ ඡායාරූප මාධ්‍ය ජාලා තුළ සංසරණය වී ඇති බව හෙළි වීමත් සමගය.
ගයත්‍රි සහ කුෂාන් නැමති තරුණ අඹුසැමි යුවල ඊයේ (03) හරි ටී වී යූ ටියුබ් නාලිකාව ඉදිරියේ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් මේ වගකීම් රහිත සමාජය තමන්ට කළ සාහසික අපරාධය ගැන හෙළිදරවු කළහ.
“ මේ පීඩනය වචනයෙන් කියාගන්න බෑ. මේ කලකිරීම ගැන කියන්නෙ කොහොම ද?. කවදාවත් අපේ ගෞරවය කෙළෙසෙන කිසිම දෙයක් නොකළ අපි පහන්තුඩාව ඇල්ල නරඹන්න ගිහින් පසුගිය දෙසැම්බර් මාසෙ 19 ගත්තු පින්තූරයක් නිසා මේ සමාජය විසින් අපරාධකාරයො කළා.
අපි දෙන්නා විවාහ වෙලා වසර එකහමාරක් වෙනවා. අපි පවුල් ජීවිතයක් පටන් ගත්තා විතරයි. මගෙ සැමියා මට මේක දරාගන්න පුදුමාකාර උපකාරයක් කරන්නෙ. එයා තමයි කිව්වෙ අපි මේක දරාගෙන මුහුණ දෙමු කියලා. “
ගයත්‍රි කීවාය. මේ නිරුවත් දර්ශනවල පෙනී ඉන්නේ ගයත්‍රි සහ කුෂාන් බව හඟවමින් සෑම මාධ්‍ය ජාලයක් තුළම අතිශය අගතිගාමීව ඡායාරූප පලවන විට ගයත්‍රි රෝගාතුර වී රෝහල් ගත කර තිබිණි.
“ සමහර යූ ටියුබ් නාලිකා මේ නිරුවත් දර්ශන අතරෙ ගයත්‍රිගෙ ඡායාරූපය මතු කරලා තිබුණා. මේ ඇයම කියල පෙන්වන්න. දැන් ඒ පුද්ගලයා සහ කාන්තාව අත්අඩංගුවට ගෙන ඉවරයි. ඒත් මේ මිනිස්සු මේ අපරාධය නවත්වන්නෙ නෑ. අපි දෙන්නව විනාශ කරනවා. දැන් අපේ ඡායා රූප දාලා පල කරනවා අත්අඩංගුවට ගත්තෙ අපි දෙන්න කියලා. ඇයි එහෙම කරන්නෙ කියලා මට ලොකුම ගැටලුවක්. “
මේ කතාව මුලින්ම මම දැනගත්තෙ පසුගිය ඉරිදා. නිරුවත් දර්ශනවල සිටින කාන්තාව මගෙ බිරිය කියලා මාධ්‍ය ජාලාවල යනවග මගෙ පාසල් මිත්‍රයෙක් මට කතා කරලා කිවුවා. ඒ සිද්ධියෙන් මම කම්පනයට අතිශය පත්වුණා. ගයත්රිට මම මේක දවල් වෙනකම් මේක කියන්න ගියෙ නෑ. නමුත් ඒ දවස ඇතුළත කම්නය දරා ගන්න බෑ. ඒ වෙලාවෙ තමයි එයා අසනීප වෙලා හුස්ම ගැනීමේ අපහසුතා එක්ක රෝහල්ගත කළේ. මේ සම්බන්ධව නීතිය ඉදිරියට ගොස් කටයුතු කරනවා…“
මේ පිළිබඳව ඔවුන් දෙපලගේ නීතිඥවරිය ප්‍රකාශ කළේ මෙවැන්නකි.
“පසුගිය 02 දා මේ සිද්ධියට අදාල පාර්ශවයන් අපරාධ පරීක්ෂණ දොපර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත්තා. ඒත් තවමත් කුෂාන්ට සහ ගයත්රිට සමාජ මාධ්‍ය ඔස්සේ මඩ ගහනවා. නීතිය අතික්‍රමණය කරගෙනයි සමාජ මාධ්‍ය ජාලාවල මිනිස්සු හැසිරෙන්නේ. මේ සම්බන්ධව අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරලා තියනවා. මිරිහාන ළමා හා කාන්තා ඒකකයට පැමිණිල්ලක් දාලා තියනවා. ඒ අපරාධ නීතියට අනුවයි. සිවිල් නීතිය අනුව අපහාස නඩුවක් දානවා. වන්දි ඉල්ලා නඩුවක් දානවා.