බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අසාධ්‍යයි යැයි කී තෙවරප්පෙරුම කතක් වෙනුවෙන් කලගෙඩිහේනේ යකා නටයි

by Lanka Sara Editor
ජූනි 30, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

හෘද රෝගී තත්වයක් නිසා බරපතල අඩියක පසුවෙතැයි කී යහපාලන ආණ්ඩුවේ අමාත්‍යවරයෙක් මෙන්ම හිටපු එජාප මන්ත්‍රී වරයෙක් වූ පාලිත තෙවරප්පෙරුම පසුගිය 26 වැනිදා මැරයන් පිරිසක් සමග වීරඟුල පොලිස් වසමට අයත් කලගෙඩිහේන මංගලසිරි පාරේ ඉඩමකට බලහත්කාරයෙන් කඩා වැදී ඉඩම් හිමියන්ට මරණීය තර්ජන එල්ල කර ඉඩමේ කම්බි කණු ගලවා පටවාගෙන ගිය පුවතක් ලංකාසරට වාර්තා වේ.

ඒ සම්බන්ධව වාර්තාවන සිද්ධිය මෙසේය.
මීට වසර 15 පෙර ඉඩම් හිමියෙක් විසින් අඩි 14ක පාරක් සහිතව අලෙවි කළ ඉඩම් කැබලි දෙකක් කලගෙඩිහේනේ මංගලසිරි පාරෙහි තිබිණි.

අවුරුදු 15ක් තිස්සේ මේ පාර පුද්ගලික පාරක් සේ දෙපාර්ශවය භුක්ති වින්දහ. එහෙත් පසු කාලයක පාර මැණ බලද්දී එහි අඩි දෙකක් එක් ඉඩමකින් වැඩිපුර ලකුණු වී ඇති බව පෙනුණි.

ඒ සඳහා අවශ්‍ය කටයුතු දෙපාර්ශවය විසින් සාකච්ඡා කරමින් සිටිය දී ඉතා අනපේක්ෂිත ලෙස පාලිත තෙවරප්පෙරුම හිටපු මන්ත්‍රීවරයා මැර පරිසක් සමග ගැටලුව පවතින ස්ථානයට කඩා පැණ තිබේ.

RelatedPosts

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

පාලිිත තෙවරප්පෙරුම මේ ඉඩම් ප්‍රශ්නයට සම්බන්ධ පාර්ශව කරුවෙක් නොවුනත් ගැටලුවට සම්බන්ධ එක් කාන්තාවකගේ මැදිහත් වීම මත ස්ථානයට කඩා පැන ඇතැයි හෙලි වී තිබේ.

ඉඩමට ඇතුළු වූ ඔහු අසභ්‍ය වචනයෙන් බැණ වදිමින් පාරට මායිම්ව තිබූ ඉඩමේ කම්බි කණු ගලවා කැඩූ කම්බිකණු WP PA 6451 අංක දරන වාහනයට පටවා ඇත. අනතුරුව අසභ්‍ය වචනයෙන් බනිමින් ඉඩම් හිමියන්ට මරණීය තර්ජන එල්ල කර ඇතැයි කියැවේ. අනතුරුව කම්බි කණුත් පටවාගෙන ඔහු සිය මැරයන් සමග පිටවී ගිය ආකාරයඉඩම් හිමි අගතියට පත් පාර්ශවය එදිනම වීරඟුල පොලිසියට පැමිණිලි දෙකක් කර තිබේ.

ඒ දේපලවලට හානි කිරීම හා අයුතු ලෙස භූමියට ඇතුළු වීමය සම්බන්ධවය. පසුගිය සෙනසුරාදා (27) දෙපාර්ශවයටම පොලිසියට පැමිණෙන ලෙස දැනුම් දුන්නත් හිටපු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම පොලිසිය මග හැර ඇත.

Tags: නවතම
Share120Tweet67
Previous Post

කුඩු ජාවාරමේ මහමොළකාර නාකොටික් අයි.පී. සොයා වැලිවේරිය පීරයි

Next Post

ක්‍රිකට් නම් ක්‍රිකට්… කොවිඩ් අතරේ පල්ලෙකැලේ මල් අතුරපු ශතක වසන්තය

Related Posts

boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.