අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

ක්‍රිකට් නම් ක්‍රිකට්… කොවිඩ් අතරේ පල්ලෙකැලේ මල් අතුරපු ශතක වසන්තය

දිනේශ් චන්දිමාල්, නිරෝෂන් දික්වැල්ල, තිසර පෙරේරා ශතක ලබති

by editor
ජූනි 30, 2020
in ක්‍රීඩා
Niroshan-dikwella

නිරෝෂන් දික්වැල්ල ශතකය වාර්තා කළ මොහොත

Share on FacebookShare on Twitter

සදෙව් රත්නායක –

සෞඛ්‍ය නීතිරෙගුලාසිවලට යටත්ව මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී පසුගියදා ආරම්භ වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දෙවැනි නේවාසික පුහුණුවීම් අතරතුර එක්දින පුහුණු තරගයක් අද පැවැත්විණි. දිමුත් කරුණාරත්නගේ කණ්ඩායම සහ නිරෝෂන් දික්වැල්ලගේ කණ්ඩායම අතර පැවැති මෙම ඕවර 50 එක්දින තරගය අලෝක තත්ත්වය මඳ වීම හේතුවෙන් විසඳුමකින් තොරව නිමාවට පත්විය.

 

කසුන් රාජිත විසින් දුවද්දී දවා ගැනීමකට කළ උත්සාහයක්

කොවිඩ් වසංගතයෙන් පසුව පළමුවරට තරගයකට එක්වූ නිරෝෂන් දික්වැල්ල, දිනේෂ් චන්දිමාල් සහ තිසර පෙරේරා ශතක රැස් කිරීම මෙහි දී විශේෂත්වයක් විය.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් නිරෝෂන් දික්වැල්ලගේ කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 346ක් රැස් කිරීමට සමත්විය. කොවිඩ් වසංගතයෙන් පසුව සිය පිතිහරඹ දස්කම් යළි මුවහත් කරගත් නිරෝෂන් දික්වැල්ල සහ දිනේෂ් චන්දිමාල් ශතක රැස් කිරීම මෙහි දී කැපී පෙනුණි. 

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

නායක දික්වැල්ල පන්දු 127කදී හතරේ පහර 14ක් සහ හයේ පහරක් සමග ලකුණු 127ක් රැස් කළ අතර පන්දු 100කින් නොදැවී ලකුණු 117ක් රැස් කළ දිනේෂ් චන්දිමාල්ගේ ඉනිමට හතරේ පහර 9ක් සහ හයේ පහර 4ක් ඇතුළත් විය. මීට අමතරව ධනුෂ්ක ගුණතිලක ලකුණු 41ක් ලබා ගත්තේය. කුසල් මෙන්ඩිස් ද ලකුණු 22ක්  රැස්  කළේය. 

lahiru-kumara
ලහිරු කුමාර කඩුලු දෙකක් දවා ගත්තේය.

පන්දු යැවීමේදී ළහිරු කුමාර ලකුණු 72කට කඩුලු 3ක් දවාලූ අතර ධනංජය ද සිල්වා ලකුණු 30කට කඩුලු 2ක් දවාලීමට සමත් විය. වනිඳු හසරංග ලකුණු 50කට කඩුලු 2ක් දවාලීය. 

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දිමුත් කරුණාරත්නගේ කණ්ඩායම ඕවර 45කුත්, පන්දු 3කදී කඩුලු 7කට ලකුණු 292ක් රැස් කරමින් සිටියදි තරගය නිමාවට පත්විය.

කරුණාරත්නගේ පිල වෙනුවෙන් කැපී පෙනෙන දස්කම් පෑ තුන්ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා පන්දු  72කදී හතරේ පහර 6ක් සහ හයේ පහර 7ක් සමග නොදැවී ලකුණු 101ක් රැස් කිරීමට සමත්විය. ධනංජය ද සිල්වා ලකුණු 49ක් කළ අතර ඊට පන්දු 45ක් වැය විය. ඔහුගේ ඉනිමට හතරේ පහර 6ක් ඇතුළත් විය.  පන්දු 50කදී ලකුණු 45ක් රැස් කිරීමට ළහිරු තිරිමාන්න සමත්වූයේ හතරේ පහර 4ක් ද සමගිනි.

පන්දු යැවීමේ දී කසුන් රාජිත ලකුණු 77කට කඩුලු 2ක් ද, නුවන් ප්‍රදීප් ලකුණු 55කට කඩුලු 2ක් ද බිඳ දැමූහ. 

dinesh-chandimal
දිනේෂ් චන්දිමාල්
Tags: නවතම
Share69Tweet43
Previous Post

අසාධ්‍යයි යැයි කී තෙවරප්පෙරුම කතක් වෙනුවෙන් කලගෙඩිහේනේ යකා නටයි

Next Post

ශ්‍රී ලංකා ක්‍රිකට් මාධ්‍ය කළමනාකරුගේ සේවය අත්හිටුවයි

Related Posts

ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026
Lahiru-Udara
ක්‍රීඩා

කොදෙව් දේශයේදී ලංකාවට ශක්තිමත් ආරම්භයක්: නිශ්ශංකගේ ආබාධය නිසා අවස්ථාව ලද ලහිරු උදාර ද්විත් ශතකය අසලට…

ජූලි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.