බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“තවත් කැපකිරීම්වලට සූදානම් වන්න” – ජනපති

by Lanka Sara Editor
අගෝස්තු 20, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

මේ තීරණාත්මක මොහොතේ පවතින බැරෑරුම් තත්ත්වය තේරුම් ගෙන සැලසුම් සහගතව රට ඉදිරියට ගෙන ආ යුතු බවත්, ඉදිරියේදී රට දීර්ඝකාලයක් වසා තැබීමට සිදුවුවහොත් රටේ සියලු දෙනාම වඩාත් කැපකිරීම් කරන්නට සූදානම් වන ලෙසත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

එම නිසා කණ්ඩායමක් ලෙස එකමුතුව කෝවිඩ් වසංගතය පරාජය කිරීම සඳහා එක්ව වැඩ කරන ලෙස සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටින බව ද ජනාධිපතිවරයා පවසා සිටියේ අද රාත්‍රියේ ජාතිය අමතා කළ විශේෂ ප්‍රකාශයේදී ය.

ජනාධිපතිවරයා අද රාත්‍රියේ ජාතිය අමතා කරන ලද සම්පූර්ණ ප්‍රකාශය පහත දැක්වේ.

අති පූජනීය මහා සංඝරත්නයෙන් අවසරයි,
අන්‍යාගමික පූජකතුමනි,
මිත්‍රවරුනි,

RelatedPosts

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

කොරෝනා වසංගතය මැඩපැවැත්වීමට එකම විසඳුම එන්නත්කරණය බව ලෝක සෞඛ්‍ය සංවිධානයේත් වෛද්‍ය විශේෂඥවරුන් වැඩිදෙනාගේත් සහ ලෝක සම්මත ක්‍රමවේදය අනුවත් පිළිගත් මතයයි.

ලංකාවට එන්නත් ගෙන්වා ගැනීමට පසුගිය කාලයේ මම විශේෂ උනන්දුවක් ගත්තේ ඒ නිසයි. චීනය, ඉන්දියාව වැනි රටවල රාජ්‍ය නායකයන්ට මම පෞද්ගලිකව කතා කලා. තවත් රාජ්‍ය නායකයන්ට මම පෞද්ගලිකවම ලිපි යැවුවා. අපේ විදේශ අමාත්‍යාංශය හරහාත් තානාපතිවරුන් හා මහ කොමසාරිස්වරුන් හරහාත් එන්නත් නිෂ්පාදනය කරන රටවල් සමඟ සාකච්ඡා කලා. අපේ නිලධාරීන් එන්නත් නිෂ්පාදනය කරන සමාගම් සමඟ සම්බන්ධීකරණය කලා.

මේ සියලු උත්සාහයන් දැරුවේ අපේ රටේ සියලූම ජනතාව එන්නත්කරණය කිරීමට මට අවශ්‍ය වූ නිසායි. මේ උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස මේ වනවිට සෑම මසකම අපට අවශ්‍ය එන්නත් විශාල ප්‍රමාණයෙන් රටට ලැබෙමින් පවතිනවා. අපිට මුලින්ම ලැබුණේ ඉන්දියාවේ නිෂ්පාදනය කළ ඇස්ට්‍රා සෙනිකා එන්නතයි.

ඉන් පසු අපට චීනයේ නිෂ්පාදනය කළ සිනොෆාම් එන්නත ලබාගැනීමට හැකි වුවත් එම එන්නතට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) අනුමැතිය ලබා දීම ප්‍රමාද වූ නිසා ජනතාවට එන්නත ලබා දීම මසකින් පමණ ප්‍රමාද වුනා. කෙසේ වෙතත් මේ වසරේ මැයි මාසේ 8 වෙනිදා සිට සිනොෆාම් එන්නත අඛණ්ඩව ලබා දීම සිදු කළා. මීට අමතරව අපට ඇමරිකාවෙන් ෆයිසර් සහ මොඩර්නා එන්නතත්, ජපානයෙන් ඇස්ට්‍රා සෙනිකා එන්නතත්, රුසියාවෙන් ස්පුට්නික් එන්නතත් ලැබී තිබෙන නිසා ලෝකයේ එන්නත් ලබා දෙන රටවල් අතර ඉහළම තැනක අප සිටිනවා. පසුගිය 19 වන දා වනවිට අප එන්නත් එක් කෝටි විසි ලක්‍ෂ දහනව දහස් එකසිය අනූ තුනක් (12,019,193) පළමු එන්නත ලෙස ලබා දී තිබෙනවා.

දෙවන එන්නත ලෙස පනස් එක් ලක්‍ෂ විසි හතර දහස් එකසිය අසූ පහක් (5,124,185) ලබා දී තිබෙනවා. ඊට අමතරව දෙවන එන්නත ලෙස ලබා දීම සඳහා තවත් එන්නත් මාත්‍රා මිලියන තුනකට ආසන්න ප්‍රමාණයක් අප සතුව තිබෙනවා. එන්නත් මාත්‍රා තවත් මිලියන 3 ක් මේ මස අගදී ලැබෙනවා. මේ වනවිට වයස 30 න් ඉහළ 98% පමණ පිරිසකට එන්නත ලබා දී තිබෙන අතර 43% පමණ පිරිසකට දෙවන එන්නත දී තිබෙනවා. අගෝස්තු 31 වන විට 81% කට වැඩි පිරිසකට දෙවන එන්නත් මාත්‍රාව ලබා දීමට හැකියාව තිබෙනවා. සැප්තැම්බර් මස 10 වන විට 100% කට දෙවන එන්නත දෙන්න පුළුවන්.ඒ තත්ත්වයක් සමඟ රෝගීන්ගේ සංඛ්‍යාවත් මියයන සංඛ්‍යාවත් අඩු වනවා ඇති.

අපි සියලුම ඉදිරි පෙළ සෞඛ්‍ය සේවකයන්ට, වරාය වැනි අත්‍යාවශ්‍ය සේවා, ආරක්ෂක සේවා, කර්මාන්තශාලා සේවකයන්ට ප්‍රමුඛත්වය දී එන්නත්කරණය කලා. වයස 60 ට වැඩි පිරිසට ද ප්‍රමුඛත්වය දී එන්නත ලබා දෙන්නට හැකි වුනා. මීට අමතරව වයස 30 ට අඩු, මිලියනයකට වැඩි කර්මාන්ත ශාලා සේවකයන්ටත් එන්නත ලබා දුන්නා.

මුළු රටේම පළාත් අතර සංචරණ සීමා දැමීම, ග්‍රාම සේවා වසම් හුදෙකලා කිරීම, ඇඳිරි නීතිය දැමීම, රාජ්‍ය සේවයේ අත්‍යාවශ්‍ය සේවකයන් පමණක් වැඩට කැඳවීම, මංගල උත්සව ආදී කටයුතු නතර කිරීම, සමහර වෙළඳ ව්‍යාපාර වසා දැමීම, පළාත් අතර ගමනාගමනය නතර කිරීම, ආගමික ස්ථානවලට ජනතාව රැස්වීම නතර කිරීම, වැනි පාලන ක්‍රම මේ වන විටත් අපි අනුගමනය කරනවා.

කොවිඩ් 19 පළමු රැල්ලේ දී අප ගත් ක්‍රියා මාර්ග නිසා සාර්ථකව එයට මුහුණ දීමට හැකි වුනා. එවැනි දැඩි තීරණ ඒ අවස්ථාවේ ගැනීමට සිදු වූයේ එවකට වෙනත් විකල්පයක් නොතිබූ නිසායි.

එක දිගටම මාස කිහිපයක් රට පූර්ණ වශයෙන් වසා දමන්නට ද සිදු වුනා. ඒ සියල්ල තුලින් පළමු රැල්ල ජය ගැනීමට අපට හැකි වුනා. අපි විටින් විට රට වසා දමන්නට ක්‍රියා කලත් එම තීන්දුවේ අතුරු ප්‍රතිඵලත් අපි තේරුම් ගත යුතුයි. රට වසාදැමීම නිසා කොරෝනා පළමු රැල්ල කාලය, නිදහසින් පසු මෙරට අඩුම ආර්ථික වර්ධනයක් පෙන්නුම් කළ කාලයක්.

විශේෂයෙන්ම ලංකාවට ඇමරිකානු ඩොලර් බිලියන 5ක පමණ ආදායමක් ගෙන ආ ඇඟලුම් කර්මාන්තයට මින් විශාල පාඩුවක් සිදු වුනා. ඔවුන්ගේ ඇණවුම් නවතා දමනු ලැබුවා. බොහෝ දෙනෙකුට රැකියා නැති වුනා. අපනයන ආදායම කඩා වැටුණා. ඇමරිකානු ඩොලර් බිලියන 4.5ක් වුනු, මිලියන 3 කට වැඩි පිරිසක් ජීවිකාව කළ අපේ සංචාරක ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම කඩා වැටුණා. රැකියා ලක්ෂ ගණනාවක් නැති වුනා.

විටින් විට කරන රට වසා දැමීම නිසා ඉදිකිරීම් කර්මාන්තයට විශාල පහරක් වැදුණා.ඔවුන්ට අවශ්‍ය ආකාරයට සේවකයින් ගෙන්වා ගන්න හැකියාවක් නෑ. අවශ්‍ය වෙලාවට අමුද්‍රව්‍ය ගෙන්වා ගන්න හැකියාවක් නෑ. පසුගිය වසර එක හමාර තුළ මේ ක්ෂේත්‍රයට අපි බලාපොරොත්තු වුනු දේශීය හා විදේශීය ආයෝජන බොහොමයක් අපට අහිමි වුනා.

අපේ දේශීය ආර්ථිකයේ තවත් වැදගත් අංශයක් වන්නේ කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරයි. සමස්ත දල ජාතික නිෂ්පාදිතයෙන් 50% කට වඩා වැඩි ප්‍රමාණයකට දායකත්වය දක්වන මෙම ව්‍යාපාරවලටත් කොරෝනා වසංගතය විශාල ගැටලුවක් වුනා. ඔවුන්ගේ ව්‍යාපාර කටයුතු වලට දිගින් දිගට බාධා සිදු වීම නිසා ඒ සමාගම් වලට ආදායම් අහිමි වී තමන්ගේ ණය ගෙවා ගන්නට හෝ වැටුප් ගෙවා ගන්න බැරුව බරපතළ ප්‍රශ්න වලට මුහුණ දෙන්නට සිදු වුනා. වාහන ලීස් කල අයට ලීස් එක ගෙවා ගන්නට බැරි උනා. නිවාස ණය ගත් අයට ඒ ණය ගෙවා ගන්නට බැරි උනා. ඊට අමතරව මිලියන 4.5 කට ආසන්න ස්වයං රැකියා සහ දෛනික ආදායම් ලැබූවන් ගේ ආදායම් මාර්ග සම්පූර්ණයෙන්ම බිඳ වැටුණ නිසා ඔවුන්ගේ ජීවිත අසරණ වුනා.

මේ සියලු බාධක මැද්දේ අපට ජනතාව ජීවත් කරවීමේ වගකීමත් තිබුණා. අපි ඒ වගකීම පැහැර හැරියේ නැහැ. කොරෝනා වලට රට වසා දැමූ සෑම අවස්ථාවකම දෛනික ආදායමක් නොමැතිව අසරණව සිටි ජනතාවට රුපියල් 5000 දීමනාව ලබා දෙන්නට අපි සෑම වටයකම රුපියල් බිලියන 30ක් පමණ වැය කරනවා. මේ වනවිට අවස්ථා ගණනාවක දී රජය මෙම වියදම දරා තිබෙනවා.

රජය මගින් නඩත්තු කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථානවල වියදමට අමතරව තමන්ගේ ම නිවෙස්වල නිරෝධායනය වන සෑම පවුලකටම සති දෙකක් සඳහා රුපියල් 10,000 ක සහන මල්ලක් ලබා දෙනවා. මේ අසීරු තත්ත්වය යටතේ රජය කිසිම විටක මිලියන 1.4 කට වැඩි රජයේ සේවකයන්ගේ වැටුප් අඩු කරන්නට හෝ දීමනා කපන්නට කටයුතු කලේ නැහැ.

අපේ විදේශ විනිමය ආදායම් අඩු වුනාට අපි රජයේ ණය වාරික පැහැර හැරියේ නැහැ. පසු ගිය කාලයේ විවිධ රජයන් විසින් ගෙන තිබුණ ණය නිසා අපට වසරකට ඇමෙරිකානු ඩොලර් බිලියන 4 ක පමණ විශාල ණය වාරිකයක් ගෙවන්නට තිබුණා. ඒ සියලු ණය මුදල් නියමිත දිනට ගෙවුවා.

රට නැවත වරක් සම්පූර්ණයෙන් වසා දැමීමෙන් රටේ ආර්ථිකය බරපතළ අර්බුදයකට ලක් වෙනවා. එය මේ රටට දරාගත හැකි තත්ත්වයක් නොවෙයි. විශේෂයෙන්ම අපනයන කේෂ්ත්‍රයේ ඇඟලුම් කර්මාන්ත සඳහා ඇණවුම් විශාල ප්‍රමාණයක් ලැබී තිබෙනවා. මේ ඇණවුම් අපට කලට වේලාවට ලබා දෙන්නට අපහසු වුනොත් විශාල විදේශ විනිමයක් අපට අහිමි වන්නට ඉඩ තිබෙනවා.

ඒ වගේම කඩා වැටුණු සංචාරක කර්මාන්තය ගොඩ ගැනීමට අප විශාල උත්සාහයක් දරමින් සිටිනවා. දැනට 200 කට ආසන්න වු සංචාරකයන් පිරිසක් දිනකට රට තුළට ඇතුළු වෙමින් සිටිනවා. රට වසා දැමුවහොත් සංචාරකයන් ගෙන්වා ගැනීම මුල සිට ආරම්භ කරන්න සිදු වෙනවා.

ඒ වගේම දෛනික ආදායම් ලබන්නන්, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයන්, සමාගම් ආදියට රට වසා දැමීම නිසා නැවත සහන ලබා දීම සිදුවීමෙන් අද රටේ තිබෙන ආර්ථිකයට විශාල බලපෑමක් ඇති වෙනවා.සම්පූර්ණයෙන් රට වසා දැමීම තුලින් වන බලපෑම ජනතාව තේරුම්ගත යුතුයි. අද ලෝකයේ රටවල් කීපයක් හැරෙන්නට ආර්ථික බලවතුන් පවා රටවල් සම්පූර්ණයෙන්ම විවෘත කර තිබෙනවා.

ලෝකයේ සංචාරක ක්ෂේත්‍රය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත් වෙමින් පවතිනවා. අද එලෙස විවෘත කර ඇති රටවල් එම අවස්ථාවෙන් ප්‍රයෝජන ගනිමින් සිටිනවා. කුඩා ආර්ථිකයක් ඇති අපේ රට ද මෙම අවස්ථාවෙන් ප්‍රයෝජන ගත යුතුයි. එසේ නොකර රටේ ආර්ථිකය නැවතත් සම්පූර්ණයෙන් කඩා වැටෙන්නට ඉඩ දෙන්නට අපට හැකියාවක් නැහැ.

එසේ වූවත් කොවිඩ් රෝගින්ගේ පැතිරීම පාලනය කර ගැනීම සඳහා අද රාත්‍රී 10 සිට මේ මස 30වන සදුදා උදෑසන 4දක්වා රට වසා තැබීමට මා තීරණය කළා.

මේ තත්ත්වය‍ විවිධ මතධාරීන්, වෘත්තිය සමිති, වෛද්‍යවරුන්, අනෙකුත් සෞඛ්‍ය නිලධාරීන් සහ රජය අතර ඇති එකිනෙකා පරයා යන තරඟයක් හෝ ඝට්ටනයක් නොවෙයි. අපි යථාර්ථය තේරුම්ගත යුතුයි. මෙය මුළු ලෝකයම මුහුණු දෙන බැරෑරුම් ප්‍රශ්නයක්. අද සෑම රටක්ම නව සමාන්‍යකරණය ක්‍රමවේදයට හැඩ ගැහෙමින් සිටිනවා. රජයක් හැටියට ගතයුතු සෑම පියවරක්ම නිසි ලෙස අපි අරගෙන තිබෙනවා.

ඔක්සිජන් සැපයීම, අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන සකස් කිරීම සහ එන්නත ලබා දීම වැනි රජයෙන් කල හැකි සියලු දේ කරතත්, රෝගීන් මනා ලෙස කළමනාකරණය කිරීම වෛද්‍යවරුන්ගේ කාර්ය භාරය ක්. ඒ වගේම මෙතෙක් කල් තම ජීවිත අවදානම ද නොතකා වෛද්‍යවරු, හෙද හෙදියන් ඇතුළු අනෙකුත් සියලුම සෞඛ්‍ය අංශ නිලධාරීන් කරන ලද සේවය මා ඉතාමත්ම අගය කොට සලකනවා. එමෙන්ම තම ජීවිතය පවා පූජා කල සෞඛ්‍ය අංශවල සියලුම තරාතිරම්වල නිලධාරීන්ට මාගේ නොමඳ ගෞරවය පුද කරනවා.

මෙය වැඩ වර්ජන, උද්ඝෝෂණ සඳහා සුදුසු අවස්ථාවක් නොවන බව පැහැදිලි කරුණක්. රට අරාජික තත්ත්වයට පත් කරන්න සූදානම් වෙන්න එපා.

සෞඛ්‍ය ක්ෂේත්‍රය මෙම කරුණ දෙස එක් කෝණයකින් පමණක් බැලුවත් රජයක් ලෙස අප විදෙස් ණය ගෙවීම, වැටුප් ගෙවීම, සහනාධාර ලබා දීම ආදී කටයුතු අතපසු නොකර අඛණ්ඩව පවත්වා ගෙන යෑමට නම් අප රටේ ඇති කුඩා ආර්ථිකය කළමනාකරණය කර ගැනීමට අපට සිදු වෙනවා.

කොවිඩ් රෝගයෙන් මිය ගිය අයගෙන් බොහෝ දෙනා අවුරුදු 60 ට වැඩි අයයි. ඒ අයගෙනුත් වැඩි අය නිධන්ගත රෝග වලින් බොහෝ කල් පීඩා විඳි අයයි. ඒ වගේම එන්නත ලබා නොගත් අයයි. එම නිධන්ගත රෝග තිබුණු අය කොවිඩ් රෝග ලක්‍ෂණ ඇති වූ වහාම ප්‍රතිකාර සඳහා යොමු විය යුතුයි. මේ නිසා නිධන්ගත රෝග තිබෙන අවුරුදු 60 ට වැඩි අය ඉලක්ක කරගෙන සතියකට වරක්වත් ඇන්ටිජන් පරීක්‍ෂාවක් කරන ලෙස මම සෞඛ්‍ය අංශ වලට උපදෙස් ලබා දී තිබෙනවා.

ඉදිරියේදී රට දීර්ඝකාලයක් වසා තැබීමට සිදුවුවහොත් රටේ සියලු දෙනාම වඩාත් කැපකිරීම් කරන්නට සූදානම් වන්නැයි මා ඉල්ලා සිටිනවා .

මේ තීරණාත්මක මොහොතේ රටේ සියලු දෙනාම, බැරෑරුම් තත්ත්වය තේරුම් අරගෙන සැලසුම් සහගතව රට ඉදිරියට ගෙන ආ යුතුයි .

එම නිසා කණ්ඩායමක් ලෙස එකමුතුව කෝවිඩ් වසංගතය පරාජය කිරීම සඳහා එක්ව වැඩ කරන ලෙස සියලු දෙනාගෙන්ම මම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.

ඔබ සැමට

තෙරුවන් සරණයි !

Tags: නවතම
Share69Tweet43
Previous Post

එක් කොවිඩ් ප්‍රභේදයක් තුළ ජාන විකෘති තුනක් හමුවන ලොව එකම අවස්ථාව  ලංකාවෙන්… ආචාර්ය චන්දිම ජීවන්දර

Next Post

අද කොවිඩ් මරණ 195යි..

Related Posts

boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.