බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ව්‍යාපාර

අයිඩියල් ෆස්ට් චොයිස් විසින් Schwing Stetter (Self Loading mixer) යන්ත්‍රය මෙරට වෙළඳපොළට හඳුන්වා දෙයි

by Lanka Sara Editor
ජූලි 21, 2021
in ව්‍යාපාර
Share on FacebookShare on Twitter

ජර්මනියේ Schwing Stetter සමාගමේ සියයට සීයක් පූර්ණ අනුබද්ධිත සමාගමක් වන Schwing Stetter India Pvt ltd හි නිෂ්පාදනයක් වන Self Loading mixer යන්ත්‍රයෙහි මෙරට අලෙවි නියෝජිත ලෙස මෙරට ප්‍රමුඛ පෙළේ වාහන අලෙවි ආයතනයක් වන අයිඩියල් මෝටර්ස් පුද්ගලික සමාගමේ අනුබද්ධිත ආයතනයක් වන අයිඩියල් ෆස්ට් චොයිස් පත් කර ඇත.

කොන්ක්‍රීට් උපකරණ නිෂ්පාදන කර්මාන්තයේ අවුරුදු 88 ක් ඉතිහාසයක් ඇති ජර්මනියේ Schwing Stetter සමාගමේ අනුබද්ධිත Schwing Stetter India Pvt ltd ඉන්දියාවේ චෙන්නායි හි පිහිටා තිබේ. ලොව පුරා රටවල් රැසක කර්මාන්තශාලා රැසක කර්මාන්තශාලා පිහිටා තිබෙන ජර්මනියේ Schwing Stetter ආයතනයේ ඉන්දියාවේ චෙන්නායි හි පිහිටා ඇති කර්මාන්ත ශාලාව මගින් ශ්‍රී ලංකාවද ඇතුළුව ලොව පුරා රටවල් 27කට ඔවුන්ගේ නිෂ්පාදන අපනයනය කරයි. එම කර්මාන්ත ශාලාව මගින් batching plant, truck mixer, boom pum etc.නිෂ්පාදනය කර බෙදා හරියි.

ඉන්දියාවේ චෙන්නයි පිහිටා ඇති Schwing Stetter India Pvt ltd කර්මාන්ත ශාලා පහකින් සමන්විතය. එම කර්මාන්ත ශාලා තුළ කොන්ක්‍රීට් උපකරණ නිෂ්පාදන රැසක් සිදු කෙරේ. self loading mixer යන්ත්‍ර 450ක් පමණ මසකට මෙහිදී නිෂ්පාදනය කරනු ලබයි.

මේ පිළිබඳව Schwing Stetter India Pvt ltd ශ්‍රී ලංකාවේ ජාතික අලෙවි කළමනාකරු කසුන් වික්‍රමරත්න මහතා අදහස් දක්වමින්, ශ්‍රී ලංකාවේ වාහන ක්ෂේත්‍රයේ අලෙවියෙන් පසු විශිෂ්ට සේවාවක් ලබා දෙන ආයතනයක් ලෙස අයිඩියල් මෝටර්ස් පුද්ගලික සමාගම හඳුන්වන්න පුළුවන්. එමෙන්ම අප සමාගමත් අලෙවියෙන් පසු ඉහළ සේවාවන් පාරිභෝගිකයන්ට ලබා දීමට කටයුතු කරනවා. අප ආයතන දෙකෙහිම පරමාර්ථය එක සමාන බැවින් අපගේ Self Loading mixer යන්ත්‍රයෙහි මෙරට අලෙවි නියෝජිත ලෙස අයිඩියල් මෝටර්ස් පුද්ගලික සමාගම පත් කිරීමට කටයුතු කරනු ලැබුවා යැයි කියා සිටියේය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ELS කන්ස්ට්‍රක්ෂන් පුද්ගලික සමාගම, tokyo සුපර් මික්ස් සමාගම වැනි ආයතන Schwing Stetter හි නිෂ්පාදන භාවිතා කරනු ලබයි. එමෙන්ම අයිඩියල් මෝටර්ස් පුද්ගලික සමාගම විසින් අලෙවි කළ Self Loading mixer යන්ත්‍රය ශ්‍රී රාම් කන්ස්ට්‍රක්ෂන් ආයතනය විසින් පසුගියදා මිලදී ගනු ලැබීය. Self Loading mixer යන්ත්‍රය ලොකු කුඩා ඕනෑම මාර්ගය ඉතා පහසුවෙන් හැසිරවිය හැකි අතර අවම ප්‍රවාහන වියදමක් මගින් ඉතා විශාල වැඩ කොටසක් සිදු කරනු ලබයි. Self loading mixer යන්ත්‍රයෙහි සුවිශේෂත්වය වන්නේ මෙම වාහනයේ සිටම කොන්ක්‍රීට් මිශ්‍රණය සිදු කිරීමට ඇති හැකියාවයි. විශේෂයෙන්ම ගම්බද ප්‍රදේශවල කුඩා මාර්ගවල මාර්ග සංවර්ධනයන් හිදී මෙම යන්ත්‍රය විශාල කාර්යභාරයක් සිදු කරයි. මෙම යන්ත්‍රය මගින් ජලය, සිමෙන්ති, ගල් සහ වැලි ස්වයංක්‍රීය පද්ධතියක් මගින් ලබාගන්නා අතර එහිදී සිදු කෙරෙන කොන්ක්‍රීට් මිශ්‍රණයට සිමෙන්ති, වැලි, ගල් සහ ජලය කොපමණ ප්‍රමාණයක් යොදනු ලැබුවාදැයි රිසිට් පතක් පාරිභෝගිකයා වෙත ලබාදීමට ද කටයුතු කරයි.

මෙරට ප්‍රමුඛ පෙළේ වාහන ව්‍යාපාර සමූහයක් වන අයිඩියල් ව්‍යාපාරය ශ්‍රී ලංකාවේ රථ වාහන වෙළදපොළ තුළ ඉතා කෙටි කාලයකදී දිගු ගමනක් පැමිණි ව්‍යාපාර සමූහයක් ලෙස හැඳින්විය හැකියි. අයිඩියල් සමූහයේ සභාපති නලීන් වෙල්ගම, උප සභාපති අරවින්ද ද සිල්වා සහ අධ්‍යක්ෂ චමින්ද වනිගරත්න යන මහත්වරුන්ගේ මග පෙන්වීම මත දේශීය ආර්ථිකය නගා සිටුවීමට සහ දේශීය පාරිභෝගිකයාගේ සෞභාග්‍යය පිළිබඳ ප්‍රමුඛතාව ලබා දීමට කටයුතු කිරීම මත මෙතරම් කෙටි කාලයක් තුළ මෙම සාර්ථකත්වයට ළඟා වීමට හැකි වූ බව අයිඩියල් මෝටර්ස් අලෙවි ප්‍රධානී ඩිල්ෂාන් තෙන්නකෝන් මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් කියා සිටියේය.

මේ වන විට ශ්‍රී ලංකාවේ සිදුවන සංවර්ධන ක්‍රියාවලිය සඳහා ඉදිකිරීම් ක්ෂේත්‍රය දක්වන්න විශාල දායකත්වයක්. මෙම ක්ෂේත්රයේ නියුතු ව්‍යාපාරිකයන් හට ඔවුන්ගේ එදිනෙදා ඉදිකිරීම් කටයුතු අතිසාර්ථක කිරීමට හැකි සෑම රුකුලක්ම ලබාදීමට ශ්‍රී ලාංකීය දේ අගයන සමාගමක් ලෙස අයිඩියල් මෝටර්ස් නිරන්තරයෙන් කැපවේ. ඒ සඳහා ඉදිරියේදී තව තවත් නව නිෂ්පාදන හඳුන්වා දීමට අපි බලාපොරොත්තු වන්නෙමු. එමෙන්ම අප හට හැඟී ගිය කරුණ නම් බොහෝ සාර්ථක වූ සමාගම් විවිධ මාදිලියේ මෙවැනි යන්ත්‍ර මුල් කාලයේ දී හඳුන්වා දී අලෙවියෙන් පසු සේවාවක් ලබා නොදී අප වටිනා පාරිභෝගිකයින් අසරණ අඩියකට යොමුකර ඇති බවයි. නමුත් මා ඉහත කී පරිදි අයිඩියල් මෝටර්ස් අප විසින් අති විශිෂ්ට අලෙවියෙන් පසු සේවාවක් ලබාදීමට කටයුතු දැනටමත් සූදානම් කර ඇති බව සතුටින් දන්නවා දැනුම් දීමට කැමැත්තෙමි. තවද මෙම යන්ත්‍රය මගින් ශ්‍රී ලාංකික ජනතාවට ඔවුන්ගේ මුදල්, කාලය අනවශ්‍ය ලෙස වැය නොකර ඉතා අවම පිරිවැයකින් සහ අවම කම්කරු පිරිසකින් ඔවුන්ගේ ඉදිකිරීම් ක්ෂේත්‍රය ජය ගැනීමට දායක කර ගැනීමට හැකියාවක් ඇත. එම කරුණු අප විසින් කරන ලද සමීක්ෂණය ප්‍රතිඵලයක් වන අතර මෙම ක්ෂේත්‍රයට අවශ්‍ය කරන වාහන උපාංග, යන්ත්‍රෝපකරණ පාරිභෝගිකයන් හට ලබා දෙන්නේ කෙසේද යන්න අප සොයා බැලීමේදී ඒ සඳහා ලෝකයේම පිළිගත් ජර්මනියේ Schwing Stetter ආයතනයේ සියයට සීයක් පූර්ණ අනුබද්ධිත Schwing Stetter India Pvt ltd ආයනයේ නිෂ්පාදනය කරන Self Loading mixer යන්ත්‍රයේ අලෙවි නියෝජිතත්ත්වය ලබා ගනු ලැබුවා යැයි ඩිල්ෂාන් තෙන්නකෝන් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

අයිඩියල් මෝටර්ස් මේ වන විට දිවයින පුරා තුන්සීයකට අධික අලෙවි පසු සේවා ජාලයක් පවත්වාගෙන යන අතර විධිමත් පුහුණුවකින් යුත් කාර්ය මණ්ඩලයකින් සමන්විත සමාගමකි. මෙම ශාඛා හා අලෙවියෙන් පසු සේවාව ජාලය සමගින් ලබා දෙන සේවාව මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රය දික්විජය කිරීමට රුකුලක් කර ගන්නා ලෙස අපගේ ඉදිකිරීම් ඉදිකිරීම් ක්ෂෙත්‍රයේ නියුතු ව්‍යාපාරිකයින් හට ගෞරවයෙන් ආරාධනා කරන අතර ඒ සඳහා ආයතනයක් ලෙස අප සියලු දෙනා සැදී පැහැදී සිටින බව මතක් කිරීමට කැමැත්තෙමු.

Share69Tweet43
Previous Post

පළාත් 09ට ළමා මහේස්ත්‍රාත් අධිකරණ 09ක්…

Next Post

මනූෂ නානායක්කාර ගැන පොලිසි දෙකකින් සොයයි !

Related Posts

rupee
පුවත්

වැටුන එක කෙලින් වූ පසු…  මැයි මාසයේ රුපියලේ අගය වේගයෙන් වෙනස් වීමට බලපෑ සැබෑ හේතු ගැන මහ බැංකු සහ වෙළඳපොළ දත්ත ඇසුරින් කළ විග්‍රහයක්…

මැයි 23, 2026
පුවත්

විදේශ විනිමය වෙළඳපොළ ශක්තිමත් කරන්න අවශ්‍ය දේශපාලන පණිවිඩ නොවෙයි… විශ්වාසයයි… ඩොලරය 375 පනින අනතුරක්  හර්ෂ පෙන්වයි!

මැයි 21, 2026
rupee
පුවත්

 2026 මැයි මාසයේදී ආසියාවේ වැඩිම අගය පිරිහුණු මුදල් ඒකකය ශ්‍රී ලංකා රුපියල යි… බ්ලූම්බර්ග් වාර්තා කරයි!

මැයි 21, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.