බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඖෂධ නියාමන සභාපතිගේ ‘පඬි වඳන්’ නිසා එන්නත් කමිටුව කළකිරෙයි

by Lanka Sara Editor
ජූලි 14, 2021
in පුවත්
rasith wijewantha

වෛද්‍ය රසිත විජේවන්ත

Share on FacebookShare on Twitter

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය රසිත විජේවන්ත මහතා එම අධිකාරියේ කොවිඩ් එන්නත ඇගයීම වෙනුවෙන් කටයුතු කරන ස්වාධීන විශේෂඥ වෛද්‍ය මණ්ඩලය චීනයේ නිෂ්පාදිත සයිනෝවැක් එන්නත අනුමත කිරීමට ප්‍රමාද කිරීම සම්බන්ධයෙන් තම අප්‍රසාදය පළකරමින් සහ ඔවුන්ගෙන් මේ සම්බන්ධයෙන් කරුණු විමසීමට බලාපොරොත්තු වන බවට මාධ්‍යට කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් එම විශේෂඥ කමිටුව කලකිරීමට පත්ව ඇති බව ඖෂධ නියාමන අධිකාරියේ ආරංචි මාර්ග සඳහන් කරයි.

අට දෙනකුගෙන් යුක්ත මෙම විශේෂඥ වෛද්‍ය මණ්ඩලයේ සාමාජිකයන් කිහිප දෙනකු සයිනොවැක් එන්නත මෙරට හදිසි භාවිතය සඳහා අනුමත කිරීමට සුදුසු බවටත් තවත් පිරිසක් එහි ඩෙල්ටා ප්‍රභේදය සම්බන්ධයෙන් ප්‍රමාණාත්මක විද්‍යාත්මක දත්ත නොමැති වීම හේතුවෙන් එය අනුමත නොකළ යුතු බවටත් මත දැරුවද නියාමන අධිකාරියේ සභාපතිවරයාගේ මාධ්‍ය ප්‍රකාශ හේතුවෙන් ඔවුන් සියලු දෙනාම මේ වනවිට සයිනෝවැක් එන්නත් අනුමත නොකළ යුතු බවට එකඟතාවකට පැමිණ ඇතැයි මෙම ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කරයි.

මෙම කමිටුවේ පොදු මතය වී ඇත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමත කොවිඩ් එන්නත් අතරින් අඩුම සාර්ථකත්වයක් පවතින ඖෂධය සයිනෝවැක් වන අතර මෙම එන්නත ඩෙල්ටා ප්‍රභේදය හමුවේ කෙතෙක් දුරට සාර්ථකද යන්න පිළිබඳව විද්‍යාත්මක දත්ත නොමැති වීමත් දැනට රට තුළ හිගයකන් තොරව එන්නත් පැමිණෙන තත්ත්වයක් පවතින නිසාත් මෙම දත්ත ලැබෙන තෙක් මෙම එන්නත අනුමත කිරීමට හදිසි නොවිය යුතු බවය. එසේ වුවද මෙම එන්නත අනුමත කරන ලෙස සභාපතිවරයා ඇතුළු කිහිප දෙනකු බලපෑම් කරමින් සිටින බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ එක් ජ්‍යෙෂ්ඨ විශේෂඥ වෛද්‍යවරයකු සඳහන් කළේ මෙම කමිටුව නියෝජනය කරන සුදුසුකම් ලත් ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරුන්ගෙන් කරුණු විමසීමට තරම් ඖෂධ අධිකාරියේ සභාපතිවරයා ජ්‍යෙෂ්ඨයකු හෝ වෛද්‍ය විද්‍යාවේ ප්‍රවීණයකු නොවන බවය. ඔහු තවමත් විශේෂඥ වෛද්‍ය පහුණුව ලැබුවද ඔහු සුදුසුකම් ලත් විශේෂඥ වෛද්‍යවරයකු ලෙස සහතික ලබා නොගත් දේශපාලන පත්වීමක් මත මෙම තනතුරට පත්වූ පුද්ගලයකු බවත් ඔහු සඳහන් කළේය. මෙතෙක් මෙම තනතුර භිෂග්වේද (ඖෂධ විද්‍යාව) පිළිබඳව අති ප්‍රවීණත්වයක් දැරූ පුද්ගලයන් විසින් දරන ලද බවත් අවසන් වරට මෙම තනතුර ඉසිලුවේ ඔක්ස්ෆර්ඩ් සරසවියෙන් ඖෂධ විද්‍යාව පිළිබඳව පශ්චාත් උපාධි හැදෑරූ මහාචාර්ය අසිත ද සිල්වා මහතා වන අතර ඔහු විවිධ බලපෑම් මත ඉවත්වූ පසුව මෙම වෛද්‍යවරයා සභාපති තනතුරට පත් වූ බවය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

එසේම ඖෂධ නියාමන අධිකාරියේ පාලන මණ්ඩලයට පත් වන සාමාජිකයන් 13 දෙනා අතුරින් සිව් දෙනකු සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් නිල බලයෙන් පත් කරන අතර ඊට වෛද්‍ය විද්‍යා අංශයේ නියෝජිතයා ලෙස පත් කරන්නේ ක්ෂේත්‍රයේ ප්‍රවීණ පුද්ගලයකු වන අතර මෙතෙක් කලක් එම පත් කිරීම නියෝජනය කළේ කොවිඩ් සම්බන්ධයෙන් ලොක් සෞඛ්‍ය සංවිධාන අධ්‍යක්ෂ ජනරාල්වරයා ආසියානු කලාපයටම තම නියේජිතයා ලෙස පත් කළ විශිෂ්ඨ ව වෛද්‍යවරයකු වන වෛද්‍ය පාලිත අබේකොන්ය.

එසේ වුවද හිටපු පළාත් සභා ඇමතිවරයතු වන තම පියාගේ දේශපාලන සම්බන්ධතා මත රසිත විජේවන්ත වෛද්‍යවරයා ඔහු ඉවත් කොට දේශපාලනිකව පත් කළ බවත් ඔහු එලෙස පත් වී පත් වී කළ ප්‍රකාශය සදාචාර සම්පන්න නොවන බවත්ය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අලුත් මැතිවරණ නීතියට යෝජනා ගන්න පැෆරල් සංවිධානය අද පාර්ලිමේන්තුවට කැඳවයි

Next Post

සැක සහිත ලෙස අත්හැර දැමූ ඉන්දීය බෝට්ටුවක් මන්නාරම වෙරළේ… පැමිණ පිරිස ගැන තොරතුක් නෑ…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.