බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home දේශපාලන

කොවිඩ් කෙරුව හෙළිදරවුව… “ අපි තමයි හොඳටම කළේ“

by editor
ජූනි 10, 2021
in දේශපාලන
Share on FacebookShare on Twitter

සමන් කළුආරච්චි – (සිළිලාර බ්ලොග් අඩවියෙනි) –

“මිනිස්සුන්ට අදහස් නැහැ… අදහස්වලට මිනිස්සු ඉන්නවා” (People don’t have ideas. Ideas have people) කියලා කිව්වේ ලෝක ප්‍රකට මනෝවිද්‍යාඥයෙකු වගේම දාර්ශනිකයෙකු වුණු ස්විස් ජාතික කාර්ල් යුන්ග් (Carl Jung). කාර්ල් මේ කාරණාවෙන් පැහැදිලි කළේ අපි අපේම අදහස් කියලා හිතාගෙන ඉන්න අදහස් ඇත්තටම අපේ නෙමෙයි කියලා පහදලා දෙන්න.
ලංකාවේ බොහොම දෙනෙකුට මේ සංකල්පය ආදේශ කරලා බැලුවම පැහැදිලිවම පේන දෙයක් තමයි හැම දෙයක් ගැනම ඔවුන් හිතන පතන දකින අකාරය මුළුමනින්ම රඳා පවතින්නේ ඒ අයගේ දේශපාලන වහල්භාවය මත කියන එක. පරම්පරා ගණනාවක් ඒ ලක්ෂණය කොයි තරම් ජානගත වෙලා ද කියනවා නම් විදේශගත ශ්‍රී ලාංකිකයන්ගෙන් බහුතරයක්ටත් ඒ රෝගය ඒ විදියටම තියෙනවා.

කොහොම වුණත් කොරෝනා නිසා සිද්ධ වුණු යහපත්ම දේවලුත් තියෙනවා. ප්‍රධානම දේ තමයි පුම්බපු ප්‍රතිරූප කට උත්තර නැතිවම හිටි හැටියේම හුළං බැහැලා ගිය එක. කොරෝනා නොතිබුණා නම් තාමත් මිනිස්සු හිතන්නේ ඒවා දැවැන්ත චරිත කියලා. ඒ වගේම තමයි ඒ ව්‍යාජ ප්‍රතිරූප වෙනුවෙන් පෙනී හිටපු, ආවේගයෙන් කතා කරපු චීවරධාරීන්, ප්‍රසිද්ධ කලාකරුවන්, වෘත්තිකයන් විතරක් නෙමෙයි අපි එදිනෙදා කතා බහ කරන අපේ ඥාති යාළු මිත්‍රයන් පවා හැම දෙනාම නිරුවත් වෙලා ගිය එකත් ලොකුම දෙයක්. එයාලගේ ව්‍යාජ බුද්ධි සළු පිළි ගැලවිලා ගිය නිසා දැන් ඉතින් අපිට හරිම පහසුයි ඒ අයත් එක්ක ගනුදෙනු කරන්න. මොකද ඒ අයගේ මස්තිෂ්කවල දිග පළල ගැන දැන් අපිට වැටහීමක් තියෙන නිසා. අකුරු දන්නේ නැති අයත් එක්ක ව්‍යාකරණ කතා කරලා වැඩක් නැහැනේ.

රටක පාලකයෙකුගේ පෞරුෂත්වය මනින්න පුළුවන් හොඳම වෙලාව තමයි අර්බුදයක් තියෙන අවස්ථාවක රට පාලනය කරන ආකාරය බලාගෙන ඉන්න එක. ඒ වගේ අවස්ථාවක ඔහු පෙන්වන නායකත්ව ගති ලක්ෂණ මොනවාද කියන එක හඳුනා ගන්න එක. ඒ වගේ අතිවිශිෂ්ට නායකයන් ලෝක ඉතිහාසයේ ඕනෑ තරම් හමුවෙනවා.

යහපත් නායකයෙක් යනු කවුද?

රටක් නිවැරදි මාර්ගයකට ගන්න, ඒ වගේම ඒ ජනතාවට යහපත් ජීවන තත්ත්වයක් ලබා දෙන්න අවශ්‍ය වෙන්නේ යහපත් දේශපාලන නායකත්වයක් විතරයි. රටක නායකයෙකුට පුළුවන් ඒ රට කනත්තක් කරන්නත්, ක්ෂේමභූමියක් කරන්නත්. හිට්ලර් ගැන අපි ඕනෑවටත් වඩා කතා කරලා තියෙනවානේ. ථෙරවාදී බෞද්ධ පවුලක උපත ලබලා, ප්‍රංශයේ උසස් අධ්‍යාපනය ලබපු ඒ වගේම පන්සල් ඇසුරේම හැදිලා වැඩිලා ගුරුවරයෙකු ලෙසින් ජීවිතය ආරම්භ කරපු පොල්පොට්, කාම්භෝජය මිනී කනත්තක් බවට පත් කළා. ට්‍රම්ප් යටතේත්, බයිඩන් යටතේත් ඇමරිකාවේ ඉන්නේ එකම ජනතාවක්. ජනතාව වෙනස් වුණේ නැහැ. ඒත් ඒ ජනතාව තුළ සැඟවිලා තිබුණු ජාතිවාදී හැගීම් මුදා හරින්න ට්‍රම්ප් පාලනය යටතේ රාජ්‍ය රැකවරණය ලැබුණා. කොරෝනාව නිසා මුලු ලෝකයේම වැඩිම පිරිසක් මිය යන රට බවට ඇමරිකාව පත් වුණා. ඒත් ඒ ජාතිවාදී ඇමරිකාව බයිඩන් පාලනය යටතේ කිසියම් ශික්ෂණයකට නැඹුරු වුණා. දිනපතා දහස් ගණනින් මිය ගිය ජනතාව සිය ගණනකට අඩු වුණා. එකම ජනතාවක්… ඒත් නායකයන් දෙන්නෙක්.

අපේ රට

විශේෂයෙන්ම ලංකාව වගේ රටක් ගත්තොත් රටේ තියෙන සම්පත්, භූමි ප්‍රමාණය, සංස්කෘතික ලක්ෂණ වගේම ජනාධිපතිවරයාට හිමිවන අසීමිත විධායක බලතල එක්ක රට නිවැරදි මාර්ගයකට ගන්න ඇමරිකාවටත් වඩා හරිම පහසුයි. නිවැරදි නායකත්වයක් විතරමයි ඕන කරන්නේ. ඒත් තමන්ගේ පාලකයන් පාදඩයන් බව ජනතාව පිළිනොගන්නා තාක් ඒ මාර්ගය අපෙන් බොහොම ඈතයි.

යහපත් පාලන තන්ත්‍රයක් කියන්නේ මොකක්ද, එහෙමත් නැතිනම් යහපත් නායකයෙකුගේ පෞරුෂ ලක්ෂණ මොනවාද කියන එක ගැන මේ කොරෝනා කාලයෙන් විතරක්ම වුණත් ලෝකයේ විවිධ රටවලින් ඕනෑ තරම් උදාහරණ ලබා ගන්න පුළුවන්. බ්‍රිතාන්‍යයේ රජ පවුලේ සාමාජිකයන් පවා එන්නත් ලබා ගත්තේ තමන්ගේ නියමිත වයස් සීමාව ආවම පොදු මහජනතාවත් එක්කයි.

කැනඩාවේ දී මගේ අත්දැකීම 

කැනඩාව ගත්තොත් කැනඩාවේ අගමැතිවරයා තරුණ නායකයෙක් වුණත් කොරෝනා වසංගතය ආරම්භයේ ඉඳන්ම වැඩ කළේ පරිණත රාජ්‍ය නායකයෙක්ගේ රුව ගුණ විදහා දක්වමින්. ඔහු ආරම්භයේ ඉදන්ම මේ වසංගතයේ දී නිවැරදි දේශපාලන නායකත්වයක් ලබා දුන්නා. සෞඛ්‍ය අංශවලට තමන්ගේ රාජකාරිය අකුරටම කරන්නට ඉඩ ප්‍රස්ථාවත් මූල්‍ය ප්‍රතිපාදනත් ලබා දුන්නා. අගමැතිවරයාත් බිරිඳත් තමන්ගේ වයස් කාණ්ඩය ආවම පොදු ජනතාවත් එක්කම ගිහින් එන්නත ලබාගත්තා. ඇස්ට්‍රා සෙනිකා එන්නත ගැන තරමක බියක් සමහරුන් අතර තිබුණු හින්දා ඔවුන් දෙදෙනාම ප්‍රසිද්ධියේම ලබා ගත්තේ ඒ එන්නතයි. යහපත් නායකයකුගේ පෞරුෂත්වය තමයි ඒ. මේ නිසාම දැන් කනැඩාවේ ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත් වෙමින් තියෙනවා.
මේ අතරේ ත්‍රස්තවාදී සංවිධාන කටයුතුවලට සම්බන්ධ කණ්ඩායම් 13ක් තහනම් කෙරුණා. එයින් බහුතරයක් ඉස්ලාම් අන්තවාදී සංවිධාන. එකම රටක් එකම නීතියක් කියන සංකල්පය මිසක් මුස්ලිම් ඡන්ද නැතිවෙනවාද නැද්ද කියන කාරණාව අදාළ වුණේම නැහැ. කැනඩාවේ එකම මුස්ලිම් නායකයෙක්වත්, එකම මුස්ලිම් මන්ත්‍රීවරයෙක්වත් වචනයකින්වත් ඒ ක්‍රියාවට විරුද්ධ වුණේත් නැහැ.

මේ අතරේ පහුගිය සතියේ ඉතා බියකරු සිදුවීමක් කැනඩාවෙන් අසන්නට ලැබුණා . ඒ තමයි පහුගිය අවුරුදු සියය දෙසියය ඇතුළේ කැනඩාවේ ආදිවාසී කණ්ඩායම්වල දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන්නට යැයි කියමින් කතෝලික පල්ලිය පවත්වා ගෙන ගිය නේවාසික පාසල්වල සිදුවුණු බරතපළ ළමා සංහාරයක් හෙළිදරවු වීම. ලෝකයේ බොහෝ රටවල කතෝලික පල්ලිය පවත්වාගෙන ගිය මේ වගේ පාසල්වලින් ඇත්තටම සිද්ධ වුණේ අධ්‍යාපනය වෙනුවට ආගම ප්‍රචාරය කිරීම පමණක්ය කියන කාරණාවත්, මේ පාසල්වල ළදරු අපචාර, ශාරීරික හා මානසික හිංසන මහා පරිමාණ මට්ටමින් නිරන්තරයෙන් සිදුවුණු බවත් මුලු ලෝකයටම රහසක් නෙමෙයි. දශක ගණනාවකට කලින් කැනඩාවේ මේ විදියේ නේවාසික පාසලක දරුවන් 215 දෙනෙක් හිංසනයට, දූෂණයට, අපචාරවලට, ලෙඩ රෝගවලට සහ මන්ද පෝෂණයට ගොදුරු වෙලා මිය ගිහින් හොර රහසේම වළදාලා තිබියදී සොයා ගැනුණේ අහම්බෙන්.

RelatedPosts

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

Canada
පල්ලිය විසින් ස්වදේශික දරුවන් වෙනුවෙන් පවත්වාගෙන ගිය නේවාසික පාසලක්….

මේ කාරණාව රජය, රටේ මාධ්‍ය, විතරක් නෙමෙයි මහජනතාව පවා කොයි තරම් බරපතළ විදියට භාරගත්තා ද කියනවා නම් හැම කතෝලික පල්ලියකටම මේ සිද්ධිය හෙළා දැකලා පොඩියට හරි දැන්වීමක් පළ කරන්නට සිද්ධ වුණා. මේ සිද්ධිය ගැන පාප් වහන්සේ බොහොම නිහඩ පිළිවෙතක් අනුගමණය කරපු හින්දා කතෝලිකයෙක් වුණු අගමැතිවරයා පවා ප්‍රසිද්ධියේම මාධ්‍ය මගින් පාප් වහන්සේට බරපතළ චෝදනාවක් එල්ල කළා. ඒ තමයි කතෝලික පල්ලියෙන් සිද්ධ වුණු මේ අපරාධ ගැන ප්‍රසිද්ධියේ වගකීම භාර ගන්න කියලා. ඒ වගේම ඒ කරුණු හොයා බලන්න රජයෙන් මුදල් ප්‍රතිපාදන වෙන් කළා. රටක නායකයකුගේ පෞරුෂ ලක්ෂණ දකින්නට ලැබෙන්නේ ඔන්න ඔය වගේ අවස්ථාවලයි.

පාලකයන් පාදඩයන් නොවන, ජනතා දේපළ සූරා නොකන හැම රටකම ජනතාවට කොරෝනා කාලයේ දී කිසිම අගහිඟකමකට මුහුණ දෙන්නට සිද්ධ වුණේ නැහැ. කැනඩාව ගත්තොත් කොරෝනා කාල සීමාවේදී රැකියා අහිමි වුණු හැමෝටම ඩොලර් දෙදහසක මාසික දීමනාවක් රජයෙන් ගෙව්වා. රටට කෙටි කාල සීමාවකට ආපු අයට පවා ඒ දීමනාව හිමි වුණා. කොරෝනා අර්බුදය හින්දා තමන්ගේ විය හියදම් ගෙවා ගන්නට අසමත් වුණු හැමෝටම ඒ වියදම් ගෙවා දමන්නට කාලය වගේම රැකවරණ සැලසුණා.

කොරෝනා කාල සීමාවේ දී පෞද්ගලික වාහන ගමනාගමනය අඩුවුණු නිසා අනතුරු අඩුවීමෙන් ලැබුණු ලාභාංශ වෙනුවෙන් මා ජීවත් වෙන ප්‍රාන්තයේ රියදුරු බපලපත්‍රයක් හිමි හැම කෙනෙකුටම ඩොලර් දෙසියයකට ආසන්න චෙක්පතක් තැපෑලෙන් ලැබුණා. ඒ වගේම ප්‍රාන්ත මැතිවරණයේ දී දුන්නු පොරාන්දුවක් විදියට ඩොලර් දහසක මුදලක් මධ්‍යම පාංතික වගේම අඩු ආදායම්ලාභී පවුල් බොහොමයකට තෑග්ගක් විදියට ලැබුණා. දරුවන් ඉන්න පවුල් හැම එකකටම පවුලේ ආදායම් තත්ත්වය අනුව සැලකිය යුතු මුදලක් හැම මාසයකම ආණ්ඩුවෙන් ලැබෙනවා.
කැනඩාවේ ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන මිල ගණන් දවසකට දෙතුන් වරක් වෙනස් කෙරෙනවා. ඒකට හේතුව ලෝක වෙළෙද වෙළෙද පොලේ ඉන්ධන සහනය ඒ මොහොතේදීම ජනතාවට ලබා දෙන හින්දයි. ගසා කන්නට කිසිම ඉඩක් ආණ්ඩුවටවත් නැහැ. ලෝකේ හුඟක් රටවල තත්ත්වය ඔහොම තමයි.

ලංකාවට බැරි ද?

මේ සහන හැම දෙයක්ම මීටත් වඩා ඉහළින් ලංකාවට වගේ රටක ජනතාවට ලබා දෙන්න ඉතාම පහසුයි. ඒත් පාලකයන් සොරා කන බව පිළිගන්න ජනතාවගෙන් බහුතරය කැමැති නැති හින්දා ඔය වගේ කතා අපේ ජනතාවට දැනෙන්නේ සුරගංනා කතා විදියට. ඒ නිසා තමයි අන්තිමේදී බංගලාදේශයෙන් පවා ණය ගන්න තරම් හිඟන මට්ටමකට අපි ඇද වැටුණේ. තමන්ගේ දහදිය කඳුලින් සූරාගත්ත මුදලින් සොච්චමක් විදියට දෙන රුපියල් පන්දහස දෙකට නැමිලා වැඳ වැටිලා දෝතින් අරගන්න හිතෙනවා නම් එතැනම තියෙන්නේ කොයි තරම් නම් නිවට නියාළු කමක්ද?

රටක දියුණුව කියන්නේ අධිවේගී මාර්ග දෙක තුනක් තැනීම, නෙළුම් කුළුණක් තැනීම, ටකරන් වහළට උළු දමා ගැනීම, ගුරුපාර කාපට් කිරීම, නගරවල බිල්ඩින් ඉදිවීම වගේ සිල්ලර කරුණු කාරණා නෙමෙයි. දුටුගැමුණුට රඟපාපු නළුවා තමයි ඇත්තටම එළාර මැරුවේ කියලා හිතලා ඡන්දෙ දෙන පිරිසක්නේ අපිට ඉන්නේ. ඒ නිසා ජාත්‍යන්තර මට්ටමින් ගත්තම අපි දවසින් දවස කාණු පල්ලට විසිවෙලා යනවා. ලංකාවේ ගුවන් ගමන් බලපත්‍රය ලෝකයේ ගුවන් ගමන් බලපත්‍ර අතර පහළම මට්ටමකට ඇද වැටිලා තියෙනවා. රුපියලට තවත් බාල්දු වෙන්න තරම් දෙයක් නැහැ දැන්.

ලෝකයේ දියුණු රටවල් පැහැදිලි ගමන් මාර්ගයක ඉදිරි දැක්මකට පියවර ඔසවද්දී, ආසියාවේ අපිත් එක්ක හිටිය රටවල් ඒ මාවතට ඉව අල්ලද්දී අපි යන්නේ ප්‍රපාතාකාර බෑවුමකට. ඒත් අපි හරි වෙනස් ජාතියක් හින්දා අපිට ආඩම්බරයෙන් මෙහෙම කියන්න නම් පුළුවන්.

අපි තමයි හොඳටම කළේ!


Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉන්දියානු කොවිඩ් ප්‍රභේදය යළිත් ලංකාවෙන් හමුවේ… මාරාන්තික බ්‍ර්තාන්‍ය ප්‍රහේදයක් පැතිරෙන්න පටන් අරන්..

Next Post

මාසයක් මඩ වලක වැටී සිටි දළ ඇතා ඔසවයි…

Related Posts

sri-lanka
දේශපාලන

විධායකයේ ප්‍රකාශ සහ අධිකරණ ස්වාධීනත්වය ප්‍රජාතන්ත්‍රවාදී දෘෂ්ටිකෝණයකින් විමසමු!

මැයි 12, 2026
දේශපාලන

රාජ්‍යතාන්ත්‍රික හමුවකට එහා ගිය   වියට්නාම් ජනාධිපති  ගේ ශ්‍රී ලංකා සංචාරයේ කතාව…

මැයි 9, 2026
TO LAM
දේශපාලන

රටේ සිදුකරගත් දේශපාලන පෙරළියේ ජාතික අභිලාෂය යළි අපට සිහි කරමින් වියට්නාම් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ කළ කතාව!

මැයි 8, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.