සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ කොවිඩ් මරණ 36ක් වාර්තා කළේය. එහෙත් ඊයේ දිනය තුළ පමණක් සිදුවූ මරණ සංඛ්‍යාව ඔහුට අනුව 03කි. ඉතිරි 33 වාර්තා කරන්නේ අප්‍රේල් 29 සිට මැයි 27 දක්වා දින 28ක් තුළ සිදූ මරණ ලෙසය.
කෙසේ වෙතත් මේ මරණ 36ත් සමග ලංකාවෙන් වාර්තාවන සමස්ථ කොවිඩ් ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව 1363කි.
ඊයේ වාර්තාවන කොවිඩ් ආසාදිත පුද්ගලයන් සංඛ්‍යාව 2845කි. කොවිඩ් දෙවන රැල්ලෙන් පසු ලංකාවෙන් වාර්තාවන සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 171213කි මේ සම්බන්ධව රජය නිකුත් කළ නිවේදන පහත දැක්වේ.