අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මොරටුව නගරාධිපතිගේ පිස්සුබලු හැසිරීමේ හෙළි නොවුණු කතාව

පොලිස්පතිට නොව රටේ විධායක ජනාධිපතිටත් පොලිසිය හා දේශපාලනය එක්ව නීතියට දමන වංගු කෙළින් කිරීම අසීරුය..

by editor
මැයි 29, 2021
in පුවත්
Samanlal-fanendo
Share on FacebookShare on Twitter

මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු ගේ අශීලාචාර හැසිරීම අන්තිම කැත බව ජනාධිපතිවරයා කීවේය. ඒ ඊයේ (28) උදෑසනය.

දැන් සමන්ලාල් රිමාන්ඩ්ය. සමන්ලාල් රිමාන්ඩ්වන කතාවෙ කවුරුත් දන්නා කොටසක් මෙන්ම නොදන්නා කොටසක් ද තිබේ. වාර්තාවන පරිදි ඒ සම්පූර්ණ කතාව පෙළ ගැසෙන්නේ මෙසේය.

එමොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු හතර අතේ වනාගෙන සිටින්නේ පොහොට්ටුවේ නාමල් රාජපක්ෂ කණ්ඩායමේ දේශපාලන හයියෙනි. ඒ දේශපාලන හයිය ගැන සමන්ලාල්ට විශ්වාසයක් තිබිණි. ඒ හයිය ගැන සමන්ලාල් පමණක් නොව පොලිසියේ සමහර උසස් නිලධාරීහුද විශ්වාස කළහ. සමහරු ස්වේච්ඡාවෙන් සමන්ලාල්ගේ ගෝලයන් වූහ. ගල්කිස්සේ උසස්ම පොලිස් නිලධාරීහු ද සමන්ලාල්ට ගෝලකම් කළහ.

කවුරුත් දන්න කතාව

පොලිසියටත් තර්ජනය කරමින් පිස්සු කෙළින ආකාරය

සිද්ධියවන පෙරේදා (27) එන්නත් කරණ වැඩපිළිවෙළ පවත්වාගෙන යන්නේ මොරටුව මෝල්පේ සහ මොරටුමුල්ල උතුර ග්‍රාමසේවා වසම් සඳහාය. එන්නත් ලබා ගැනීමට  පාන්දර 4 සිට සාමාන්‍ය මිනිස්සු පෝලිම්වල සිටියහ. උදෑසන 8ට එන්නත්කරණ වැඩ සටහන ආරම්භ කරන මොරටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරිය තීන්දු කර තිබුණේ සුදුසුකම් සපුරා ඇතිඅයට පැමිණ පිළිවෙළට එන්නත් ලබා දීමටය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ වනවිට මොරටුව නගරාධිපතිවරයා දැනගෙන සිටියේ එන්නත් 600ක් පමණ මෙම ස්ථානයට රැගෙන එන බවය. ඒ තොරතුර මත ඔහු සිය පාක්ෂිකයන්ට චිට් 600ක් බෙදා දී තිබිණි. ඉන් පිටත කිසිම එන්නත් කිරීමක් සිදු නොකළ යුතු බව ඔහු පැවසුවේය.

එහෙත් එන්නත්කරණ වැඩපිළිවෙළ සඳහා එන්නත් දෙදහසකට වැඩි ප්‍රමාණයක් නිකුත් වී තිබිණි. කිසිම දේශපාලන තුණුඩුවක් නොසලකා පැමිණි පිළිවෙළට ප්‍රමුඛතාවය දෙමින් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරිය සිය රාජකාරිය කරමින් සිටියාය. කවුරුත් දන්නා ලෙස සමන්ලාල් ප්‍රනාන්දු නගරාධිපතිවරයා කඩා පැන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරියට බැණ තර්ජන කරමින් පිස්සු කෙළින්නේත් මේ අතරය. වෛද්‍යවරිය සමන්ලාල්ගේ පිස්සු කෙළියට නැමෙන්නේ නැත.

තමන්ගේ චිට්වලට එන්නත් ලබා නොදෙන්නේ නම් එක එන්නතක්වත් ගහන්නට නොදෙන බව කී  සමන්ලාල්ගේ ඊලඟ වෑයම වී තිබුණේ තමන්ගේ චිට් සඳහා එන්නත් වැඩපිළිවෙල කඩාකප්පල් කිරීමය. ඔහු ශබ්ද වාහිනී බැඳගෙන හතර අතේ ප්‍රචාරය කරමින් එන්නත් ලබා ගැනීම සඳහා සියලු දෙනා මොරටුමුල්ලට පැමිණෙන ලෙස දන්වා පිරිස් එක්රැස් කරන්නට විය. ඔහුට අවශ්‍ය වී තිබුණේ කලබැගෑණියක් ඇතිකර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරියට මිනිසුන් ලබා විරෝධයක් එල්ල කිරීමය.

ඒ අවස්ථාවේ දී මොරටුමුල්ල සහකාර පොලිස් අධිකාරීවරයා මැදිහත් වූයේය. ඔහු පැහැදිලිවම නගරාධිපතිවරයාට කීවේ ඉවත් වී යන ලෙසය. තමන්ගේ රාජකාරිය කරන්නට ඉඩ දෙන ලෙසය. දේශපාලනයට ඇඹරෙන්නේ නැති මොරටුමුල්ල සහකාර පොලිස් අධිකාරීවරයා ගැන සමන්ලාල් ද දැනගෙන සිටියේය. එබැවින් ඔහු දැඩි විරෝධයක් මතු කරන්නට ගියේ නැත.

එන්නතකරණ වැඩපිළිවෙළේ ගැටුම

නගරාධිපතිවරයා පැත්තකට කර ඉතිරි වී ඇති එන්නත් ප්‍රමාණයට සෙනග පොලිම් ගස්සවා යළිත් පුද්ගලයන් පෝලිමට එක් කිරීම වැලැක් වූ පොලිසිය සමන්ලාල් ගෙන්වූ වැඩිපුර පිරිස් හරවා ඇරියේය. නගරාධිපතිගේ කඩකප්පල්කාරී  ව්‍යාපෘතිය ලොප් විය.

නොදන්නා කතාව

වෛද්‍යවරිය  විසින් තමන්ගේ රාජකාරියට බාධා කළ නගරාධිපතිවරයා සම්බන්ධව ගල්කිස්ස ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරී කමල් පුෂ්පකුමාරට දන්වා තිබිණි. එතැන සිටි පොලිස් නිලධාරීන්ට ඇය මේ සම්බන්ධව වාචිකව පැමිණිලි කර තිබිණි. ඔවුන් කිසිවෙක් එය පැමිණිල්ලක් ලෙස එය භාරගන්නට කටයුතු කළේ නැත. දවස ගෙවී ගියේය.

කිසිවෙකුට නොපෙනෙන සේ මේ සිදුවීම එතැන සිටි අයෙක් වීඩියෝගත කර එය රූපවාහිනී නාලිකාවක් වෙත ලබා දී තිබිණි. එදින රාත්‍රියේ සමන්ලාල් ප්‍රනාන්දුගේ විකෘතිය ප්‍රවෘත්ති විකාශනයේ පල වුණේය. ජනාධිපතිවරයා එය දකින්නේ ප්‍රවෘත්තිවලිනි.

ජනාධිපතිවරයා පොලිස්පතිව අමතා මේ සම්බන්ධව විමර්ශනයක් සිදුවන්නේ දැයි විමසා සිටියේය. විමර්ශනයක් නැත. පොලිස්පතිවරයා සිද්ධිය පිළිබඳ ක්‍රියාත්මක වීමට බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්කොන්ට පැවරුවේය. දේශබන්දු තෙන්කෝන් බස්නාහිර දකුණ භාර නියෝජ්‍ය පොලිස්පති කපිල දඬුපිටියට අදාල වගකීම භාර දුන්නේය. කපිල දඬුපිටිය විශේෂ කණ්ඩායමක් සූදානම් කරගෙන සමන්ලාල් අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය කටයුතු සොයා බලනවිට හෙළි වන්නේ සිද්ධිය සම්බන්ධ පැමිණිල්ලක්වත් නොමැති බවය. වෛද්‍යවරිය විසින් ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කමල් පුෂ්පකුමාරට දැන් වූ සිද්ධිය සම්බන්ධව ඔහු ක්‍රියාත්මක වී තිබුණේ නැත.
ඔහුට බස්නාහිර දකුණ නියෝජ්‍ය පොලිස්පතිවරයා නියෝග කරන්නේ වහාම මේ සම්බන්ධව පැමිණිල්ලක් සටහන් කරගන්නා ලෙසය. මොරටුමුල්ල පොලිස් ස්ථානයෙන් නිලධාරියෙක් වෛද්‍යවරියගේ නිවසට යවා පැමිණිල්ල සටහන් කරගන්නේ ඉන් පසුවය.

පොලිසියේ තොරතුර හා ගිලන් රථයෙන් පලා යෑම

සමන්ලාල් ප්‍රනාන්දු අධිකරණ භූමියේ..

පැමිණිල්ල සටහන් කරගත් වහාම නගරාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමට බස්නාහිර දකුණ නියෝජ්‍ය පොලිස්පති සූදානම් කළ විශේෂ කණ්ඩායම නගරාධිපතිවරයාගේ නිවසට ගියේය. ඒ යනවිටත් ගල්කිස්ස පොලිසිය ඇතුළෙන්ම ලද තොරතුරකට අනුව නගරාධිපතිවරයා ගිලන් රථයක නැගී නිවසින් පලා ගොස් සැඟවී සිටියේය. අනතුරුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ කණ්ඩායමෙන් අත්අඩංගුවට ගැනීමට පෙර ඊයේ (28) උදෑසනම නගරාධිපති සමන්ලාල් ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා වෙත පැමිණ භාර වුනේය. පසුව එස්.එස්.පී. මහත්තයා නගරාධිපතිවරයා මූලස්ථාන පොලිස් පරීක්ෂක කාර්යාලයේ පුටුවක ඉන්දවා මොරටුමුල්ල ස්ථානාධිපතිව එතැනට ගෙනවනු ලැබුවේය. එසේ කර නගරාධිපතිවරයා අත්අඩංගුවට ගත් බවට පොත්වල සටහන් තැබිණි. අත්අඩංගුවට පත් නගරාධිපතිවරයා දහවල් වනතුරු තේ පානය කරමින් සල්ලාපයේ යෙදෙමින් සිටියේ ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරීක්ෂක කාර්යාලයේය.

හෑන්ඩ් කප් නැත . පොලිස් කූඩුවට ගියේ නැත. පැය කීපයකින් පොලිස් ජිප් රථයේ ඉදිරි අසුනේ තබාගෙන ඔහුව මොරටුව උසාවියට රැගෙන ගියේය. සැලසුම් කර තිබුණේ ඇප ලබා දීමටය.

මේ පොලිස් සැලසුම ගල්කිස්ස උසාවියේ වැඩබලන මහේස්ත්‍රාත්වරයෙක් ලෙසත් කටයුතු කරන ජ්‍යෙෂ්ඨ නීතිඥ අතුල රණගලට ආරංචි වී තිබිණි. ඔහු වහාම මොරටුව උසාවියට ගියේය. ගොස් ස්වේච්ඡාවෙන්ම අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනීසිටියේය. විත්තියේ නීතිඥවරු ඇප ඉල්ලූහ. ඇප ලබාදීමට විරෝධයක් නැති බව පොලිසිය කීවේය.
නමුත් අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අතුල රණගල පෙන්වා දුන්නේ එන්නත් කරණ රජයේ වැඩපිළිවෙළ තවමත් මොරටුව ආශ්‍රිතව ක්‍රියාත්මක බවත්, සිදුවී ඇත්තේ  ප්‍රධාන රාජ්‍ය ව්‍යාපෘතියක් කඩාකප්පල් කිරීමේ කටයුත්තක් බවත් මේ සැක කරුට ඇප ලැබුණහොත් විශාල මහජන කැළඹීමක් ඇති කිරීමට හේතු වන බවත්, ඇප ලබා නොදිය යුතු බවත්ය.

මොරටුව උසාවිය නගරාධිපතිවරයා ලබන 11 තෙක් රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.
සිද්ධිය ඊයේ (28) උදෑසන කොවිඩ් සම්බන්ධීකරණ රැස්වීමේ දී මතු වුණේය. ජනාධිපතිවරයා කීවේ ඒ හැසිරීම අතිශයින් කැත බවය. එවැනි සිදුවීම් යළි සිදුවිය යුතු නැති බවය.

ඒ අවස්ථාවේදී නාමල් රාජපක්ෂ කීවේ මෙය අහඹු සිදුවීමක් පමණක් බවය. එහෙත් සමන්ලාල් ප්‍රනාන්දු ප්‍රසිද්ධියේ කියා තිබුණේ කුරුණෑගල ජොන්සටන් ප්‍රනාන්දු එන්නත් ගහන්නේත් ඔහුගේ චිට්වලට බවය.  බලාගෙන යනවිට රටේ බොහොම තැන්වල එහෙමය.

රටේ නීතිය ක්‍රියාත්මක වීමේ රටාව මොනතරම් අපවිත්‍ර වී ඇති දැයි පෙනී ඇඟ කිළිපොලා යන්නේ මෙවැනි අවස්ථාවන්හි දී ය. එය ජනාධිපතිවරයා විෂයෙහි හෝ පොලිස්පති විෂයෙහිවත් වලංගු වෙන්නෙ නැත.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

එවරස්ට් කඳු මුදුනේදී අලුත්වූ වාර්තා දෙක

Next Post

ඊයේ කොවිඩ් මරණ 36යි… කොවිඩ් ආසාදිතයන් 2845

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.