කොළඹ මහ නගර සභාවේ සේවකයින්ට,නාගරික මන්ත්‍රීවරුන්ට සහ නිලධාරීන්ට ඊයේ (12) දිනයේදී ලබා දීමට නියමිතව තිබූ කොවිඩ් මර්දන ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවන මාත්‍රාව නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරියාගේ නියෝගයක් මත නතර කර ඇතැයි කොළඹ නගර සභා ආරංචි මාර්ග සඳහන් කරයි.
ප්‍රධාන වෛද්‍ය නිලධාරිවරයා කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබා දීමේදී සිදුකළා යැයි කියන අක්රමිකතාවන් සම්බන්ධයෙන් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් කොළඹ නාගරික කොමසාරිස්වරියට කළ පැමිණිල්ලකට අනුව චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත ලබා දීම සදහා විශේෂ කමිටුවකට බාර දී ඇත.
නාගරික කොමසාරිස්වරියගේ මෙම තීරණයට උරණ වූ ප්‍රධාන වෛද්‍ය නිලධාරීවරයා කොවිෂිල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ලබා දීම වහාම නතර කරන මෙන් අදාළ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට දන්වා සිටීමත් සමග සේවකයින් හා නිලධාරින් මෙන්ම නාගරික මන්ත්‍රීවරුන්ගේද දැඩි විරෝධයක් එල්ල වී ඇත.
මෙම විරෝධය මත ප්‍රධාන වෛද්‍ය නිලධාරීවරයා තම මතයේම එලුබගෙන සිට ඇති අතර එන්නත් ලබා දීමට පැමිණි සෞඛ්‍ය සේවකයින් පිටව ගොස් ඇතැයිද වාර්තාවේ.