බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජාතික අපරාධයකට නොදෙවෙනි වූ ජාතික රෝහල් පද්ධතියට කොවිඩ් මරණය කැඳවීම

by editor
මැයි 8, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

කොවිඩ් වසංගතය රට පුරා වේගයෙන් ව්‍යාප්ත වෙමිනි. දැන් රෝහල් ධාරිතාවය ද ඉක්ම ගොස්ය.    දිනකට වාර්තාවන රෝගීන් සංඛ්‍යාව දෙදහස ඉක්මවයි. ඉන් සුව වී පිටවන්නේ සුළු ප්‍රමාණයකි.

මේ අතර සීදුවේ අද (08) නව කොවිඩ් රෝහලක් ආරම්භ කර ඇත. නමුත් ආසාදිත පුද්ගලයින් නිවස තුළ රඳවා ප්‍රතිකාර කිරීමේ මාර්ගෝපදේශයක් සකස් කරමින් සිටින බව වසංගත රෝග පාලනය හා ප්‍රථමික සෞඛ්‍ය සේවා රාජ්‍ය ඇමතිනිය ඊයේ (07) කීවාය.   වසංගත රෝග ඒකකයේ අධ්‍යක්ෂවරයා කියන්නේ මින් ඉදිරියට අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන විනා රෝගියාගේ ආශ්‍රිතයන් නිරෝධායනය කළ නිරෝධායන මධ්‍යස්ථාන ලංකාවේ නැති බවය.

රෝහල්වල කොවිඩ් වාට්ටු ප්‍රතිපත්තිය

දැන්   රජයේ සෑම ප්‍රධාන රෝහලකම වාට්ටු කීපයක් කොවිඩ් ආසාදිතයන් සඳහා වෙන් කර ඇත. ජාතික රෝහලෙන් වැඩ ආරම්භ වී තිබේ. සෞඛ්‍ය බලධාරීන්ගේ නියමයෙන් දැන් කොළඹ ජාතික රෝහල තුළ ක්‍රියාත්මක වූ වෛද්‍ය වාට්ටු හතක්ම  කොවිඩ් රෝගීන් සඳහා වෙන් කර ඇත. එසේ වෙන් කර ඇත්තේ අංක 31, 24, 44A, 52, 14, 55 සහ 56A  වාට්ටුය.  අනෙකුත් රෝගීන්  ප්‍රතිකාර ගන්නා වාට්ටු අතර කොවිඩ් රෝගීන්ටද  ප්‍රතිකාර සඳහා යොමු කර ඇත. කොවිඩ් නොවන රෝගීන් පමණක් නොව සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ ද   දැන් දැඩි අනතුරකය.

ජාතික රෝහල යනු ලංකාවේ වෛද්‍ය ප්‍රතිකාර  කළමනාකරණයෙහි   මර්මස්ථානය ය. දිවයින වටෙන්ම හදිසි රෝගීන් ඊට ඇතුළත් කරන තැනය.  ලක්ෂ දහයක ජනගහණයක් ආවරණවන කලාපයකට ජාතික රෝහල ඍජුව සෞඛ්‍යය රැකවණය සපයන්නේය.  රොහලේ ඇඳන් ප්‍රමාණය 3500කි.  දිනපතා රෝහල්ගතවන පුද්ගලයන් සංඛ්‍යාව 600කි.  මේ රෝහල් භූමියේ දිනකට ගැවසෙන පුද්ගලයින් සංඛ්‍යාව පනස් දහසක ඉක්මවයි. ඒ මුළු දිවයිනම ආවරණයවන සේය.

RelatedPosts

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

සෞඛ්‍ය බලධාරීන් කොවිඩ් වසංගතය නිල වශයෙන් ඇතුළු කරගත්තේ මේ භූමියටය. වසංගත විද්‍යාත්මකව විග්‍රහ කරගතහොත් මේ ගෙන ඇත්තේ මොනතරම් අමන තීන්දුවක් දැයි වටහා ගත හැකිය. සිහියක් පතක් ඇති මිනිසුන්   රටක් මේ තරම් ව්‍යසනයකට පත් කරන්නේ නැත.

වසංගතයට මුහුණ දෙන්න  මාස්ක් එකක්වත් නෑ,..

කොවිඩ් රෝහල තුළට ගෙනත් දා ගත්තා පමණක් නොව මේ වනවිට ඊට මුහුණ දීම සඳහා අවශ්‍ය මූලික පහසුකම්වත් තමන් වෙත නැති ආකාරය  රෝහල් කාර්ය මණ්ඩලය චෝදනා කරති.

එම ආරංචි මාර්ග පවසන ආකාරයට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන රෝගීන්ගේ ක්ෂණික ප්‍රතිදේහ පරික්ෂාව සිදුකිරීම සඳහා අවශ්‍ය උපාංග නොමැත. මේ හේතුවෙන් ජාතික රෝහලට ඇතුළත් කරන රෝගීන් කොවිඩ් ආසාදිත ද නැද්ද යන්න පිලිබඳව මුල්ම අවස්ථාවේ දී  සොයා බැලීමට හැකියාවක් නැත.

“ මේ  අත්තනෝමතික කටයුතුවල ප්‍රතිඵල තව සති කීපයකින් ලැබෙයි.  රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන් ඉන්නෙම  ඒ ඒ රෝගවලින් පීඩා විඳිමින් ජීවිත අවදානමක. මේ මිනිස්සුන්ව කොවිඩ් වසංගතයට මෙහෙම නිරාවරණය කිරීම අපරාධයක්. මේ තත්වය ඇතුළෙ මුළු රෝහල් කාර්ය මණ්ඩලයම අනතුරක. දැනුත් කාර්ය මණ්ඩලය අඩුවක් තියනවා සේවා සපයන්න. මෙතනින්  පහෙන් එකක් ආසාදිත වුනොත් මොනවගේ තත්වයක් ජාතික රෝහලේ ඇතිවෙයි ද කියලා මේ මිනිස්සු හිතලා බලන්නෙ නැත්තේ ඇයි?“  ජාතික රෝහලේ ප්‍රකාශකයෙක් ලංකාසරට පැවසීය.

සමස්ථ ලංකා හෙද සංගමය සඳහන් කරන ආකාරයට ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ කට්ටල පමණක් නොව  මුහුණු ආවරණ ද  මේ වනවිට අවශ්‍ය ප්‍රමාණයට ජාතික රෝහල් කාර්ය මණ්ඩලයට  ලැබෙන්නේ නැත. ඔවුන්ට අනුව ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ 72 වාට්ටුවට  දිනකට මුහුණු ආවරණ 200-250ක් පමණ අවශ්‍යය.  එසේ වුවද මේ වන විට ලබා දෙනුයේ මුහුණු ආවරණ 50ක් පමණි.

“  N 95 හෙවත්   ශල්‍ය මුහුණු ආවරණ රෝහලට දිනකට 800 – 1000 අතර සංඛ්‍යාවක් අවශ්‍යයි. ඒ  සංඛ්‍යාව දැන් ලැබෙන්නෙ දවස් තුනකට සැරයක්..“  සමස්ථ ලංකා හෙද සංගමයේ සභාපති එම්. මැදිවත්ත  පෙන්වා දෙන්නේය.

පී.පී.ඊ කට්ටල හිඟය …

කොවිඩ් රෝගීන් සඳහා ජාතික රෝහල පුරා වාට්ටු ඇති කළද සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සඳහා ලබා දෙන ආරක්ෂිත ඇදුම්වල දැඩි හිඟයක් පෙන්නුම් කරන්නේය. පසුගිය දිනවල ආරක්ෂිත ඇඳුම් නොමැති විමෙන් කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර ලබා දීම දැඩි අසීරුතාවන්ට මුහුණ දීමට සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට සිදුවුවේය.  අවසානයේ  සති දෙකහමාරකට පසුව ආරක්ෂිත ඇදුම් කට්ටල 700ක් ජාතික රෝහල වෙත ලැබුණේය.  තවත් කීදොහකින් යලිත් ආරක්ෂිත ඇදුම් ලැබෙයිද යන්න ගැටලුවක් බව ඔවුන් පවසන්නේය.

කොවිඩ් පළමු හා දෙවරැල්ල මෙන් නොව මෙවර රෝගය දරුණුය. රෝගියාට මීටරයක් හෝ දෙකක දුර සිට ප්‍රතිකාර කළ නොහැකිය. මන්ද මෙවර කොවිඩ් ප්‍රභේදය ආසාදනය කරන්නේ රෝගියාගේ පෙනහැල්ලය. රෝගියා රෝහල්ගත කරන්නේම  දරුණු  නිවුමෝනියාය තත්වයක් තුළය. ශ්වසන අපහසුතා සහිත  රෝගියා ලඟට කිට්ටු නොවී  ප්‍රතිකාර කළ නොහැකිය.  ඒ නිසා ඇති වී තිබෙන අවදානම ඉහළය.

සැපයුම් නැත්තේ එන්නත් දුන් නිසා ද

සෞඛ්‍යකාර්ය මණ්ඩලයට කොවිෂීල්ඩ් එන්නතේ පළමු හා දෙවන මාත්‍රාව ලබා දුන් නිසා  සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ආරක්ෂිත ඇදුම්  උපාංගයන් සැපයීම  සෞඛ්‍ය අමාත්‍යංශය හිතා මතාම ප්‍රමාද කරන්නේද යන්න සෞඛ්‍ය කාර්ය මණ්ඩල  සාමාජිකයෝ දැන් සැක පහළ කරති.  එන්නත මාත්‍රා දෙකම ගත් පුද්ගලයන්ට වුවද වෛරසය වැළඳිය හැකි බවත්,  මෙම එන්නත පවතින වසංගතය හමුවේ කෙසේ හැසිරේදැයි තවමත් කිසිවෙකුට තක්සේරුවක් ලබා දිය නොහැකි බවත් මේ බලධාරීන් අමතක කර ඇතැයි ඔවුහු කියති.

එමෙන්ම කොළඹ ජාතික රෝහල තුළ එන්නත ලබා නොගත් 500ක පමණ පිරිසක් ද සිටිති. ඒ බව රෝහලේ වසංගත රෝග පාලන අංශයෙන් වාර්තා වෙයි. මේ 500 පිරිස අතර එන්නත් ලබා නොගත් ගර්භණී හෙදියෝ 200ක් වෙති.     එසේම වෙනත් රෝග තත්ත්වයන්ගෙන් පෙළෙන්නන්, විවිධ අසාත්මිකතාවන්ගෙන් පෙළෙන්න හා පෞද්ගලික‌ හේතු මත තවත් පිරිසක් මෙසේ එන්නත ලබාගෙන නැත.

අපට පුදුම අශිෂ්ට අත්හැරීම ගැනය.  මුන් සියල්ල සිදුවන්නට හැර බලා සිටියහ. වෛද්‍ය වෘත්තිකයන් ක්ෂේත්‍රයේ ප්‍රමාණිකයන්  ඉල්ලීම් කරන විට සිදුවූයේ කුණුහරපයෙන් බැණුම් ඇසීමටය.  පී.සී.ආර්. ප්‍රමාණය අඩු කර වසංගතය රට තුළ නැති බවට මැවූ කෘත්‍රිම ව්‍යාජයේ බිහිසුණුකම  ඔහුවු පෙන්වූහ. බැලුවේ නැත. අසල්වැසි ඉන්දියාවේ බිහිසුණුකම පෙන්වා අවුරුදු වකවානුවේ සංචරණ සීමා හෝ පනවන ලෙස ඉල්ලා සිටියේය. ඇසුවේ නැත.  දෙවන රැල්ල ඇතිවන අවස්ථාවේදීම  වසංගතයට මුහුණ දීම සඳහා දිස්ත්‍රික්ක මුල් කරගෙන රෝග පාලන මධ්‍යස්ථාන ඇති කිරීමටත්, නෙවිල් ප්‍රනාන්දු රෝහල වසංගත පාලනයේ මූලික කේන්ද්‍රය කර මෙහෙයුම් කටයුතු ආරම්භ කරන ලෙසත් ඉල්ලා සිටියහ.  පයිසයකට මායිම් කළේ නැත.

ඒ මහා ව්‍යසනය දැන් රට ගිල ගෙන ඇත. දැන් ඊට රටේ ප්‍රධාන රෝග කළමණාකරණ පද්ධතියම බිලි දීමට ඉඩ හැර ඇත. මේ දැනුවත් අපරාධයෙන් මොවුන් බලාපොරොත්තුවන්නේ කුමක් විය හැකිද?

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය ව්‍යාපාර මේ වනවිට විමසමින් සිටින්නේ එයය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

යාපනයේ පැවැත්වීමට නියමිතව තිබූ රාජ්‍ය වෙසක් මහෝත්සය අවලංගු වේ…

Next Post

මැලේසියාවත් ලංකාවට සංචරණ තහනම පනවයි..

Related Posts

පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.