දිනසේන රතුගමගේ
නාගදීප රජමහා විහාරස්ථානයේදී මැයි මස 23 දා සිට 28 වෙනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබූ ජාතික වෙසක් මහෝත්සවය අවලංගු කිරීමට ඊයේ ( 7 ) යාපනය නාගදීප රජමහ විහාරස්ථානයට රැස් වූ වෙසක් කමිටුව තීරණය කොට තිබේ.
රටේ දිනෙන් දින ඉහල යමින් පවතින කොරෝනා වුවදුර හේතුවෙන් බැතිමතුන්ට ජාතික වෙසක් මහෝත්සවයට සහභාගී වීමට නොහැකි නිසා මේ තීරණය ගෙන තිබේ.
ජාතික වෙසක් මහෝත්සවය නාගදීප රජමහා විහාරස්ථානය කෙන්ද්‍ර කරගෙන පැවැත්වීමට නියමිතව තිබූ නිසා යාපනය නාගදීප මාර්ගයේත් නාගදීප රජමහා විහාරස්ථානයේත් විවිධ සංවර්ධන කටයුතු රැසක් දියත් කොට තිබුණි.