බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චීන එන්නතට අනුමැතිය දෙන්න බෑ කී ඖෂධ නියාමන අධ්‍යක්ෂවරුන් හතරක් දොට්ට

ලෝක සෞඛ්‍ය සංවිධාන අධ්‍යක්ෂ ජනරාල්ගේ විශේෂ නියෝජිතයාත් ඒ අතර

by Lanka Sara Editor
මාර්තු 14, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ කලාපීය විශේෂ නියෝජිතයකු ලෙසින් ක්‍රියා කරන විශේෂඥ වෛද්‍ය පාලිත අබේකෝන් මහතාද ඇතුළු ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂවරුන් හතර දෙනකු වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරිමට සෞඛ්‍ය බලධාරීන් කටයුතු කර ඇති බව සන්ඩේ ටයිම්ස් පුවත් පත වාර්තා කරයි.

චීනයෙන් ආනයනය කිරීමට නියමිත සිනෝෆාම් කොවිඩ් එන්නත සඳහා අනුමාතිය ලබා නොදීම ඔවුන් හදිසියේ ඉවත් කිරීමට ආසන්නතම හේතුව බව වාර්තා වේ.

මෙසේ ඉවත් කරන ලද අධ්‍යක්ෂවරුන් වන්නේ විශේෂඥ වෛද්‍ය පාලිත අබේකෝන්, කළමනාකරණ විශේෂඥයකු ආචාර්ය කපිල රණසිංහ, ගිණුම් විශේෂඥයකු වන හර්ෂණ කරුණාරත්න සහ නීතීඥ චමින්දිකා හේරත් යන මහත්ම මහත්මීන්ය.

පුවත් පත වාර්තා කරන පරිදි මෙම අධ්‍යක්ෂවරුන් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය සඳහා යොමු කොට ඇති කොවිඩ් වසංගතය හමුවේ හදිසි භාවිතය සඳහා අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇති චීනයේ නිෂ්පාදිත සිනෝෆාම් එන්නත ට අදාළ අනුමැතිය ලබා නොදීම බව පැවසේ.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

මෙම එන්නත සඳහා මෙතෙක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතියද ලැබී නොමැති අතර එහි සාර්ථකත්වය ආරක්ෂිත භාවය සම්බන්ධයෙන් වූ වාර්තා මෙන්ම සායනික පරීක්ෂණ වාර්තා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යයනය සඳහ ඉදිරිපත් කිරිමට අපොහොසත් වී ඇත.

මෙම තත්ත්වය මත එය අනුමත කළ නොහැකි බවට මෙම අධ්‍යක්ෂවරුන් පසුගියදා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, රාජ්‍ය අමාත්‍යවරුන් වන චන්න ජයසුමන සහ වෛද්‍ය සුදර්ශණී ප්‍රනාන්දපුල්ලේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමකදීද පවසා ඇත.

මෙම කරුණ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය එකඟතාව පළ කර ඇති නමුත් පසුගිය මාර්තු මස 08 වැනිදා ඖෂධ නිෂ්පාදනය, සැපයුම් නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන විසින් ඔහුට පවතින බලතල අනුව මෙම අධ්‍යක්ෂවරුන් ඉවත් කරන බව දන්වා ඇති අතර මේ වෙනුවට නව අධ්‍යක්ෂවරුන් සිව් දෙනකු පත් කිරිමට කටයුතු කර තිබේ.

ඒ අනුව රජයට දේශපාලනික වශයෙන් සහය දැක්වූ වෛද්‍ය සිසිර සිරිබද්දන, වරලත් ගණකාධිකාරීවරයකු වන උදය ශ්‍රි කාරියවසම්, නීතීඥ රාජා ගුණරත්න හ වෛද්‍ය ආර්.අයි විජේවන්ත යන මහත්වරුන් මෙසේ පත් කොට ඇත.
ජාතික ඖෂධ නියාමන අධකාරිය නිසි ලෙස මෙරට කොවිඩ් වසගංතය හමුවේ හදිසි භාවිතය සඳහා අවසර දී ඇති එන්නත් වන්නේ ඉන්දියාවේ සීරම් ආයතනයේ නිපදවන කොවිෂීල්ඩ් එන්නත සහ රුසියාවේ ස්පුට්නික් එන්නතයි.

සන්ඩේ ටයිම්ස් පුවත්පතම තවත් පුවතකින් අනාවරණය කරන පරිදි ඉන්දියාවේ සීරම් ආයතනයේ ප්‍රකාශකයෙක් එම පුවත්පතට ප්‍රකාශ කොට ඇත්තේ ඔවුන් කලින් පොරොන්දු වූ කාල සීමාව තුළම ශ්‍රි ලංකාව දැනට ඇණවුම් කර ඇති එන්නත් ලක්ෂ 10ක තොගය ලබා දීම අපහසු වනු ඇති බවය. ඔවුන්ගේ නිෂ්පාදනය සම්බන්ධයෙන් ඇති වූ ප්‍රශ්න හේතුවෙන් එහි ප්‍රමාදයක් අති විය හැකි බව දක්වා තිබුණි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

 අ.පො.ස.සා.පෙ  සිසුන් 16ක ගෙන් ශාලාධිපතිට එරෙහිව වි.කො ට පැමිණිල්ලක්

Next Post

ශ්‍රී ලංකා ජනවාර්ගික ගැටලුව විසඳන්න ඉන්දියාව බැඳී ඉන්නවලු… එය ඉන්දියාවෙ වගකීමක්ලු

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.