බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

 අ.පො.ස.සා.පෙ  සිසුන් 16ක ගෙන් ශාලාධිපතිට එරෙහිව වි.කො ට පැමිණිල්ලක්

බලා අඳින චිත්‍රයට ද්‍රව්‍ය පෙන්නෙ නෑ කිව්වම රූප සටහනක් ඇඳ පෙන්වා ඒ ලෙස අඳින්න කියලා....

by editor
මාර්තු 14, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු –

ඉකුත් දා පැවති අ.පො.ස. සා.පෙ. විභාගයේ චිත්‍ර විෂය සඳහා විභාගය පැවති දින තමන්ට අවශ්‍ය පහසුකම් ලබා දුන්නේ නැතැයි හම්බන්තොට ප්‍රදේශයේ  විභාග මධ්‍යස්ථානයක සිසු සිසුවියන් 16 දෙනෙක් විභාග කොමසාරිස්වරයා වෙත ලිඛිතව පැමිණිල්ලක් කර ඇතැයි විභාග කොමසාරිස් කාර්යාලය පවසයි.

ඉකුත් 09 දා හම්බන්තොට සුචී ජාතික පාසලේ විභාග මධ්‍යස්ථානයේ දී චිත්‍ර විෂයට පෙනී සිටි සිසු සිසුවියන් 16 දෙනෙක් මෙම පැමිණිල්ල කර ඇත්තේ විභාග ශාලාධිපතිවරයාට එරෙහිවය.

විභාගයේ චිත්‍ර විෂයට අදාලව ද්‍රව්‍ය බලාගෙන ඇඳීමේ කොටස සඳහා ශාලාධිපතිවයා තමන් 16 දෙනා ස්ථාන කීපයක අසුන් ගැන්වූ නිසා බලා ඇඳීමට  තිබූ ද්‍රව්‍ය උපකරණ කිසිම දෙයක් නවැරදි ලෙස හරියාකාරව නොපෙනුණු බව සිසුහු විභාග කොමසාරිස්වරයාට පැමිණිලි කරති.

එසේම එම සිසුන් තම ගැටලුව හා බාධකය පිළිබඳව ද ඒ මොහොතේම විභාග ශාලාධිපතිවරයාටත්, විභාග පරීක්ෂකවරියටත් දැනුම් දුන්න ද ඔවුන් දෙදෙනා ඒ ගැන සැලකිල්ලක් දැක්වූයේ නැතැයි ද පැමිණිල්ලේ සඳහන් වේ.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

එමෙන්ම විභාග පරීක්ෂකවරියට අදාල ද්‍රව්‍ය එකතුව නිසි පරිදි විභාග ශාළාව තුළ ස්ථානගත කිරීමට නොහැකි වූ බවත් ඒ නිසා ඇය විසින් ද්‍රව්‍ය එකතුවේ දළ සැලැස්මක් කොළය ඇඳ සිසුන්ට පෙන්වා සිටිමින් විභාග දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වන්නේ මේ ආකාරයට අඳින රූප සටහනක් බැවින් අදාල දළ සැලැස්මට අනුව අඳින ලෙස දැනුම් දුන් බවත් සිසුහු සිය පැමිණිල්ලේ සටහන් කරති.

මෙම චිත්‍ර ඇඳීම සඳහා කෙන්ට් පේපර් වෙනුවට ලබා දුන්නේ ඒ 4 වර්ගයේ සාමාන්‍ය සුදු කොළ පමණක් බවත් ඒ 4 වර්ගයේ හාෆ් ෂීට් කොළව ල එම චිත්‍ර ඇඳිය නොහැකි බවත් සිසුහු සිය පැමිණිල්ලෙන් පෙන්වා දෙති.

පසුගිය කාලය පුරාම රට තුළ පැවති තත්වය හේතුවෙන් නියමිත පාඩම් ආවරණය කරගත නොහැකිව අසරණව සිටි තමන්ට චිත්‍ර විෂය සඳහා ලකුණු ටිකක් වැඩිකර ගැනීමට අවස්ථාව තිබුණේ  අඳින චිත්‍රවලින් වුවත් විභාග ශාලාධිපතිවරයාගේ හා පරීක්ෂකවරියගේ නොසැලකිල්ල නිසා තමන්ට විශාල අසාධාරණයක්  සිදු වූ බව සිසුහු පැමිණිල්ලේ සඳහන් කරති

මේ පිළිබඳව ලංකාසර විභාග දෙපාර්තමේන්තුවෙන් කළ විමසීමක දී එහි උසස් නිලධාරියෙක් පැවසුවේ සිසුන්ගේ ලිඛිත පැමිණිල්ල පිළිබඳව විභාග  කොමසාරිස්තුමාගේ උපදෙස් පරිදි විමර්ශනයක් සිදු කරන බවය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කප්පම් නොගෙවූ පේදුරුතුඩුවේ ව්‍යාපාරිකයාගේ නිවස කුඩු කරයි..

Next Post

චීන එන්නතට අනුමැතිය දෙන්න බෑ කී ඖෂධ නියාමන අධ්‍යක්ෂවරුන් හතරක් දොට්ට

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.