බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජනතා කවුළුව

මේ කළුපාට ඉරිදා ලෝකයට කියන්නේ මියගිය මනුස්සකමේ රතු පණිවිඩයයි.

by editor
මාර්තු 6, 2021
in ජනතා කවුළුව, සමාජ
Share on FacebookShare on Twitter

ජගත් වික්‍රමාරච්චි- පැරීසිය.

මේ කළු ඉරිදාව යනු කදුළු ඉරිදාවක ප්‍රතිබිම්බයයි.

එදා අහිංසක ජීවිත විනාශ කිරීමට උඩින්, යටින්, මැදින් ඊට සම්බන්ධ වූ ඒ සඳහා අනුබල දුන්නාවූ සැම දෙනෙකුගේම අමනුස්සකමේ ප්‍රතිබිම්බයයි.

අසංවේදී, අසංවර දේශපාලනයේ සහ අවස්ථාවාදී දේශපාලකයාගේ පහත් මානසිකත්වයේ ප්‍රතිබිම්බයයි.

මම හොද බෞද්ධයෙක් වෙමි. මගේ ආගම බුද්ධාගම නොව බෞද්ධ දර්ශනයයි.

RelatedPosts

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ඒ තුළින් මේ විනාශය දකින්නේ කෙසේද යන්න පැහැදිළි කරනවානම්.

මම තවත් ආගමක ඇද කුද හොයන්නට කලින් මගෙ ආගමේ ඇද කුද හඳුනා ගත යුතුව ඇත. අපට ඒවා හදන්නට බැරිනම් අප ඒවාට හවුල් නොවී සිටීමට වගබලා ගත යුතුවේ. අන්තවාදී, මූළදර්මවාදී ක්‍රියා හෙළාදැකීමට බිය විය යුතු නැත.

පාස්කු ප්‍රහාරයෙන් පල්ලි විනාශ වී බැතිමතුන් මැරී, පිළිස්සී යාමෙන් විඳිය හැකි වින්දනයක් නැත.

හෙට මුස්ලිම් බැතිමතුන්ගේ මක්කමට මෙවැනි අපරාධයක් සිදුවහොත්   අප රහසින්වත් සතුටු වෙන්නේ නැත. ඒ ම්ලේච්ඡ මානසිකත්වය මනුෂ්‍යත්වය හඳුනන මිනිසුන් තුළ උපදින්නේ නැත.

මේ සියල්ල මිනිසා විසින් උපතින් හෝ අතර මැද දී  සැනසීම ප්‍රාර්ථනා කරමින්  වැළදගත් ආගමය. ආගමික දර්ශනයකින් යහපතක් මිස අයහපතක් නොවේ. වැරදි ක්‍රම වැරදි මිනිසුන් විසින් වරින් වර නිර්මාණය කරන්නේ තම ලාබ ප්‍රයෝජනය උදෙසාය.  එය අප බුද්ධියෙන් තොරාගත යුතුය.

පාස්කු ප්‍රහාරයේ ඇත්ත සොයා කොමිසම ගිය මග හරිද?. එහි අවසන් තීන්දුව සාධාරණද?.  යුක්තිය කාටත් ඉටුවෙනවාද…?  බේරෙන අය කවුරුද….?  මැල්කම් රංජිත් කාදිනල් තුමා විසින් නගන තර්කය නිවැරදිද…..?

උන්වහන්සේ ගොඩනගන තර්කය මුලුමනින්ම නිවැරදිය.

ඔව්.. බෞද්ධ අපිත් දේසපාලනයෙන් තොරව  ඒ හඬට සහය දෙන්නෙමු. ඉන් අප අපේක්ෂාකරන්නේ කුමක්ද…? වැදගත්ම කාරණය එයයි.

“කළු ඉරිදාව” කිසිසේත් දේශපාලනික  සටන් පාඨයක් නොවිය යුතුය. කිසිම දේශපාලකයෙකුට ඒ ඉරිදාව ස්වකීය දේශපාලන දඩබිමක් කරගැනීමට  අයිතියක් නැත. ඔවුන් එය සමරන්න සුදුසුකම් ලැබූවෝ නොවෙති.

කොල, නිල්,‍ රතු පාට තුනේම සැබෑ වර්ණය  මේ මහා ඛේදවාචකයේ රුධිරය තැවරීමෙන් විකෘති වී  හමාරය. එය කොමිසමේ අර්ධ කවාකාර අසම්පූර්ණ තීන්දුවෙන් යළි යථාතත්වයට පත් කිරීමට බැරිය.

කළ හැක්කේ ස්වාධීනව වරදකරුවන් නීතියට හසුකර දඩුවම් දීමය.

“වෛරයෙන් වෛරය නොසංසිදේ” කියන බුද්ධ වචනය හෝ ජේසුස් වහන්සේගේ වචනය වූ “ඔබේ දකුණු කම්මුලට කෙනෙක් පහරක් ගැසුවොත් වම් කම්මුලත් ඔහුට අල්ලන්න” කියන උතුම් වැකි මෙවැනි සමාජීය කරුණ ලඟදී පෞද්ගලික චින්‍තනයන් සේ සලකා කිසිවෙකුට තීන්දු තීරණ ගැනීමේ හැකියාවක් නැත.

කාදිනල් උතුමානන්ටවත් එවැනි සමාවක්  දීමට අයිතියක් නැත. උන්වහන්සේ එය නිවැරදිව වටහාගෙන ඇත. නමුත් එම සිද්ධිය සිදුවූ උනුසුමේම බලයේ සිටි නායකයින් මාධ්‍ය සාකච්චා පවත්වමින් එවැනි නොමේරූ මානසිකත්වයෙන් සිනාසිසී කීවේ ” හරි දැන් උන දේ වුනා..මොකෑ කොරන්නෙ ” කියාය.  දැන දැනත් සිදුවෙන විනාසය වළකාගන්න  බැරි වූ රජය හැසිරුනු හැටි නින්දිතය. ඒ මරණ දේශපාලන වාසි ගන්න යොදාගත් පවතින ආන්ඩුවත් එකසේම නින්දිතය. මේ සාහසික අපරාධය හමුවේ නිහඬව උන් අනෙක් ජන බල වේගත් නින්දිතය. කළු ඉරිදාවක් නිර්මාණය කළෝ ඔවුහුය. මේ සියල්ලෙන්ම තව තවත් මැරි මැරී විඳවන්නේ මේ අපරාධයේ වින්දිතයන්ය. ජීවත් වෙමින් මැරි මැරී ඉන්නේ ඒ වින්දිත අසරණයන්ය.

අපිත් ඒ ඉරිදාවට අපේ ශෝකී පනිවිඩය බෞද්ධයන් වශයෙන් මෙසේ ලියා තබන්නෙමු.

කළු ඉරිදාව සක්කේතවත් කරන්නේ කටුවාපිටියෙ පල්ලිය හෝ ඒ ජන සමූහය පමණක් නොවන බව මේ අදූරදර්ශී කොමිසම් සභා සහ ඒවා සමග ගනුදෙනු කරන බලධාරීන් වටහාගත යුතුව ඇත.

ජාත්‍යන්තරයේ හොද හිත රටක ඉදිරි පැවැත්මට ලොකු ආශිර්වාදයකි. යළි මෙවන් විපතක් නොවීමට නම් මේ විපත නිවැරදිව හදුනාගෙන පිළියම් යෙදිය යුතුමය. මේ “කළුපාට”ලෝකෙට කියන්නේ ඒ අනතුරු ඇඟවීමේ බලගතු “රතු”පණිවිඩයයි.

 

 

 

 

 

 

 

 

 

Share69Tweet43
Previous Post

කොළඹ කොවිඩ් එන්නත් රුපියල් 1000 ට 1500ට විකිණෙයි…

Next Post

බදුල්ල මහ රෝහලේ කොවිඩ් පොකුර 44 තෙක් ඉහළට

Related Posts

සමාජ

ඉදිරි සති තුන තුළ ලෝකයේ ඉරණම තීරණය කිරීමට නියමිත ඇමෙරිකා-ඉරාන ගැටුම! උන්ගේ යුද්ධයකට අපි අපේ බත් පතෙන් ණය ගෙවන්නේ ඇයි?…

ජූනි 1, 2026
trump-khameni
සමාජ

කෙටුම්පත් වෙමින් ඇත්තේ ජීවිතය පිළිබඳ බලාපොරොත්තුවයි….  “ඇමෙරිකා – ඉරාන සාම ගිවිසුම”   අවසන් කෙටුම්පත ගැන කතාවක්…

මැයි 24, 2026
සමාජ

මරණ ගණන 90 යි.. 100 ඉක්මවා යන බවට පුරෝකථන… චිනයේ පොළොව යට අඳුරේ මිය ගිය සිය ගණන් මිනිස්සුන්ගේ ඛේදනීය කතාව…

මැයි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.