කීර්ති ප්‍රනාන්දු –
බදුල්ල මහරෝහලේ කොවිඩ් පොකුර 44 තෙක් ඉහළ ගොස් ඇති බව බදුල්ල මහරෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සී. මාපා පැවසීය. එම පොකුරට රෝහලේ පිළිකා රෝගීන් 29ක් ඇතුළත් වී ඇත.
රෝහලේ පිළිකා රෝහලේ 70 හැවිරිදි පුද්ගලයෙක් කොවිඩ් ආසාදිතව මිය යෑමත් සමග කරන ලද පී.සී.ආර් පරීක්ෂණවලින් මේ වනවිට වෛද්‍යවරුන් 02ක්, හෙදියන් 02ක්, කණිෂ්ට කාර්ය මණ්ඩලයේ 02ක්, රෝගීන් බලා ගැනීමට පැමිණ සිටි උපස්ථායකින් 08ක්, පුද්ගලික අංශ පවිත්‍රතා සේවකයෙක් හා රෝගීන් 29ක් කොවිඩ් ආසාදිත බව තහවුරු වී ඇත.
අද කොවිඩ් ආසාදිත බව තහවුරු වී තිබුණේ ගැබිනි වෛද්‍යවරිකටය. මේ වනවිට පිළිකා වාට්ටුව රෝහලේ වෙනත් තැනකට විතැන් කර ආරක්ෂිත පරිසරයක් සදා ඇති බවත් රෝහලේ කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බවත් රෝහල් අධ්‍යක්ෂවරයා පැවසිය.
කොවිඩ් ආසාදිත පුද්ගලයාගේ අවසන් කටයුතු ඊයේ (05) රාත්‍රියේ බදුල්ල පොදු සුසානභූමියේ දී සිදුවිය.