බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අධිකරණ නියෝග 04ක් තඹයකට මායිම් නෑ… පෙළපාළි කරුවෝ  පොතුවිල් සිට මඩකලපුවට…

යුද සමයේ අතුරුදන් වූවන් ගැන අසමින් නිදහස් දිනයෙත් විරෝධතා පා ගමන දියත් කිරීමට සැලසුම්...

by editor
පෙබරවාරි 3, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

සුසන්ත අමරබන්දු –

අතුරුදහන්ද වුවන්ට සිදු වූයේ කුමක්ද, දේශපාලන සිරකරුවන් නිදහස් කරනු ලෙස  ඉල්ලා සිටිමින්  ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී වරු  ඇතුළු පිරිසක් අධිකරණ නියෝගවලට පිටුපා  පොතුවිල් සිට යාපනය දක්වා විරෝධතා පෙළපාලියක් අද (03)  උදෑසන 9.45ට පමණ පොතුවිල් නගරයේ සෙලාන් බැංකුව ආසන්නයෙන් ආරම්භ කළෝය.

විරෝධතාව සඳහා ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රීවරු ඇතුළු 50 කට ආසන්න පිරිසක් සිටි අතර ඔවුන් පොතුවිල,  අක්කරපත්තුව , සමන්තූර සහ කල්මුන  යන අධිකරණවලින් නිකුත් කරන ලද අධිකරණ නියෝගවලට පිටුපා යමින් දිගින් දිගටම මෙම විරෝධතා පෙළපාලිය නොනවත්වාම  සිදුකළහ.

පොලිසිය විසින් මෙම අධිකරණ නියෝග ශබ්ද විකාශන යන්ත්‍ර උපයෝගි කරගනිමින් සිංහල භාෂාවෙන් මෙන්ම දමිළ භාෂාවෙන් ද නිවේදනය කරමින් විරෝධතා කරුවන් දැනුවත් කළද එම අවස්ථාවලදී රථ වාහන වලට නගිමින් විරෝධතාකරුවන් නැවතත් දෙමළ ජනතාව වෙසෙන ප්‍රදේශ වල දී වාහනවලින් බැස පා ගමනින් ගමන් ගනිමින් අඛණ්ඩව විරෝධතාවේ යෙදෙන්නට වූහ.

පොතුවිල්වල සහය නෑ…

පොතුවිල් නගරයෙන් ආරම්භ වූ මෙම විරෝධතා ව්‍යාපාරයට ද්‍රවිඩ සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සූමන්තිරන්, රාසමානික්‍යන් චානක්‍ය, ගෝවිලානාදන් කරුණාහරන්, ගජෙන්ද්‍ර කුමාර් පොන්නම්බලම් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සීන්න තම්බි යෝගේෂ්වරන් යන මන්ත්‍රීවරු ඇතුළු දේශපාලකයින් පිරිසක් සහභාගි වී සිටියහ.

RelatedPosts

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ආරම්භක අවස්ථාවට පමණක් සුමන්තිරන් මන්ත්‍රීවරයා මෙම විරෝධතා පෙළපාලි සහභාගි වූ අතර ඉන්පසු   පෙළපාළියේ ගමන් කරන අයුරක් පෙනෙන්නට නොතිබිණි.

එම  අවස්ථාවේදී පොතුවිල ප්‍රාදේශිය ද්‍රවිඩ සන්ධාන දේශපාලකයන්  මෙම විරෝධතාව සඳහා සහභාගී නොවූ අතර පොතුවිල් නගරයේ දෙමළ ජනතාව ගෙන්   කිහිප දෙනෙකු පමණක් සහයෝගය ලබා දී තිබිණි

එම පිරිස මහ වැසි මැද පොතුවිල  නගරයේ  සිට පා ගමනින්  ගමන් කරන්නට වූහ.  මොවුන් විරෝධතා පුවරු රැගෙන  ගමන් කරද්දී  පොලිසිය විසින්  අධිකරණය නියෝග  ලබා දුන්නත් ඔවුන් එම අධිකරණ නියෝගය නොතකා රථවාහන පහළොවකට ආසන්න  ප්‍රමාණයක නැගී තිරික්කෝවිල්  ප්‍රදේශයේ   ගමන් ගත්තේය.

තිරික්කෝවිල්  පොලිසිය මගින් මාර්ග බාධක තුනක් යොදවා මෙම විරෝධතාකරුවන්ට අධිකරණ නියෝගය ලබා දී ගමන නැවැත්වීමට උත්සාහ කළ ද  විරෝධතාකරුවෝ  නොනවත්වාම ඉදිරියට ගමන් කළහ.   තුන්වන මාර්ග බාධකයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමාණික්‍යයන් චානක්‍යන් හට එම අධිකරණයෙන් නියෝගය  පවසා සිටියද, ඔහු ද  විරෝධතාකරුවන් මෙහෙයවමින් අක්කරප ත්තුව  පසුකරමින් සමන්තුරේ දෙසට විරෝධතා ව්‍යාපාරය මෙහෙයවූයේය.

සමන්තුරේ දී…

සමන්තුරේ පොලිස් බල ප්‍රදේශයේ දී ද ශබ්ද විකාශන යන්ත්‍ර උපයෝගී කර ගනිමින් සමන්තුරේ   අධිකරණයෙන්  නිකුත් කළ වාරණ නියෝගය ලබාදුන්නද විරෝධතා කරුවෝ එය නොතැකූහ.  පෙළපාලි කරුවන් කල්මුණ ප්‍රදේශයට ගමන් කළහ.  කල්මුණ පොලිස් බල ප්‍රදේශයේ දී ද කල්මුණ අධිකරණයෙන් නිකුත් කරන ලද අධිකරණ නියෝගය   ශබ්ද විකාශන යන්ත්‍ර උපයෝගි කරගනිමින් පොලිසිය මගින්  විරෝධතා කරුවන් හට දැනුම් දෙනු ලැබුවේය.

ඔවුන් එම  අධිකරණ  නියෝගයට පිටුපා දිගින් දිගටම ගමන් ගන්නා ලදී. විටක රථ වාහනවල නැගි දෙමළ ජනතාව වැඩිපුර වෙසෙන පෙදෙස්වල  පා ගමනින් ගමන් කරමින් නැවතත් රථ වාහනවල නැගී මෙම පිරිස ගමන් කළහ.  අතරතුර අට්ටාල චේන ප්‍රදේශයේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී නසීර්   ඇතුළු මුස්ලිම් ආධාරකරුවන් පිරිසක් ද මෙම විරෝධතාවට සහයෝගය දැක්වීම සඳහා එක් වූහ.

පාලමුනේ ප්‍රදේශයේ රිෂාඩ් බදියුදීන්ගේ  ආධාරකරුවන් කීපදෙනෙක් මෙම විරෝධතාවට සහාය දැක්වීම සඳහා එක්වුහ.

මෙම විරෝධතාවය පෙළපාලිය යාපනය දක්වා ගමන් කිරීමට නියමිතව තිබෙන අතර පළමු දිනයේ දී මඩකලපුවෙන්  අවසන්  විය.

අධිකරණ නියෝග වලට පිටුපා විරෝධතා පෙළපාලියක් දිගින් දිගටම පැවැත්වීම සම්බන්ධයෙන් ඉදිරියේදී  අධිකරණවලට කරුණු වාර්තාකර කටයුතු කරන බව ඉහළ පොලිස් නිලධාරියෙක් කීවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගිය මස තුළ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගනිමින් සිටි 700කට කොවිඩ් වැළඳලා…

Next Post

ශානි 17 තෙක් රිමාන්ඩ්… කොවිඩ් අවදානම නිසා අධිකරණයට ඉදිරිපත් කර නෑ…

Related Posts

boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.