බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සංස්කෘතිය

දරු සම්පතකට දෙවියන්ට කෘත ගුණ සලකන්න හැදූ ගාලු කොටුවේ කුරුස පල්ලිය

ඉදිවන්නේ අදට වසර වසර 267ට කලින්.... දේවස්ථානය හැදුවේ මලවුන් සිහි කරන්න ද?

by editor
ජනවාරි 16, 2021 - Updated on ජනවාරි 17, 2021
in සංස්කෘතිය
Share on FacebookShare on Twitter

කේ. උදේනි අරුණසිරි –

ගාලු කොටුව යනු ලංකා ඉතිහාසය රුධීරයෙන් හා කඳුළින් ලියැවූ බිහිසුණු සැමරුමකි. එහි අරුමය වන්නේ එම බිමෙහි දෙවියන් ද වැඩමකර සිටීමය.  විස්මය දනවන නිමැවුමක් සේ දෙවියන් වෙනුවෙන් ඉදිවන ගාලු කොටුවේ  ලන්දේසි රෙපරමාදු දේවස්ථානය හෙවත් “කුරුස පල්ලියයි” පිළිබඳ කෙරෙන සංක්ෂිප්ත විමසුමක් සේ මේ ලිපිය පෙළ ගැසෙන්නේය.
ගාල්ල කොටුවේ නව දොරටුවෙන් ඇතුළු වූ පසු හමු වන හතරමං හන්දියෙන් වම්පසට වැටී ඇති මාර්ගයේ (පල්ලිය වීදිය) ඔස්සේ මීටර් 150ක් පමණ ගිය විට දකුණු පසින්  ලන්දේසි රෙපරමාදු දේවස්ථානය දැකගත හැකි වේ. එහි ඉතිහාසය සොයා යන විට පෙනීයන්නේ එයට වසර 264ක් තරම් වූ දීර්ඝ ඉතිහාසයක් පවතින බවයි. ලන්දේසි පාලන සමයේදී ගාල්ලේ කොමාන්දියුන්වරයා ලෙස කටයුතු කළ කැස්පාර් ඩී. යෝන්ග්   විවාහ වුවද බොහෝ කලක් ගත වන තුරු දරු සුරතල් බැලීමට දෛවය ඔවුන්ට ඉඩ ලබාදී නැත. එයින් මහත් සිත් තැවුලට පත්වී සිටි ඔහුට බොහෝ කලකට පසු පියෙකු වීමේ වාසනාව උදා විය.
මහත් උද්දාමයට පත් ඔහු දෙවියන් වහන්සේට ස්තූති කරනු පිණිස තමන්ගේ වියදමින් මේ රෙපරමාදු දේවස්ථනය කරවා ඇත. 1752දී ඉදි කරන ලද මේ සුවිසල් දේවස්ථානයේ සැලසුම් ශිල්පියා වූයේ එවකට සිටි ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ සහ නැව් තනන්නන්ගේ පරීක්ෂකවරයා ලෙස කටයුතු කළ ඒබ්‍රහම් අන්තෝනිස් ය. මෙහි පාදම කුරුසයක හැඩයක් ගත් නිසා “කුරුස පල්ලිය” යන නාමයද එකල  භාවිතා වී තිබේ.

කුරුස පල්ලියේ විශේෂතා

ලෝකයම විස්මයට පත් කරන ගාලු කොටුවේ විස්මය තවත් වැඩි කරන ස්ථානයක් ලෙස මේ ලන්දේසි රෙපරමාදු දේවස්ථානය හැඳින්විය හැකිය. එසේ හැඳින්වීමට සුදුසු අපූර්වතම අංග රාශියක් මේ දේවස්ථානයේ සහ එය අයත් භූමියේ කැටි වී පවතී. දැවැන්ත දැවමය දොරටුවෙන් දේවස්ථානයට පිවිසෙන ඔබ පය තබන්නේ ඉංග්‍රීසි අකුරු සහ විවිධ රූප කොටා ඇති ගල්පුවරු ඇල්ලූ ගෙබිමකටය. එම අකුරු ඉංග්‍රීසි වුවද එම අකුරු එකට ගළපා එහි අන්තර්ගත විස්තර තේරුම් ගැනීමට උත්සහ කළද ඔබට එය නොහැකි වනු ඇත. එයට හේතුව ඒවා ලියා ඇත්තේ එකල ලන්දේසි භාෂාවෙන් වීමය.

බිමට සවි කළ සොහොන් පුවරු

දේවස්ථානයේ ගෙබිම පුරා අල්ලා ඇති විවිධ ප්‍රමාණයන්ගෙන් යුත් එම ගල්පුවරු වනාහි එකල මියගිය ලන්දේසි සහ බ්‍රිතාන්‍ය ජාතික ප්‍රභූන්ගේ සොහොන්වල ඵලකයන්ය. සොහොන් පුවරු 50කට ආසන්න ප්‍රමාණයක් දේවස්ථානයේ ඇතුළත ගෙබිම සැරැසීම සඳහා යොදාගෙන ඇත. දේවස්ථානයේ ඇතුළත බිම අල්ලා ඇති ඇතැම් ඵලක යට සොහාන් පවා තිබූ බවට සාධක ලැබී තිබේ. එනම් දේවස්ථානය ඇතුළතද මිය ගිය ඇතැමුන්ගේ මෘතදේහ තැන්පත් කර තිබේ. සෑම ඉරු දිනකම පවත්වන දේව මෙහෙයේදී බැතිමත්හු එම සොහොන් පුවරු මත සිටගෙන හෝ ඒ මත පනවා ඇති අසුන් මත හිඳගෙන දෙවියන් සිහි කරති. පැරැණිම සොහොන් පුවරුව 1662 වර්ෂයට අයත්වන අතර එය දේවස්ථානය ඉදි වීමටත් පෙර මියගිය අයෙකුගේ සොහොන් පුවරුවකි.  දේවස්ථානය ඉදි කිරීමෙන් පසු එම ඵලකය ගෙනවිත් තැන්පත් කර ඇත.
දේවස්ථානයට ඇතුළු වූ පසු ඉදිරියෙන් පෙනෙන බිත්තියේ දක්නට ලැබෙන්නේද කිරිගරුඬෙන් කරන ලද සොහොන් පුවරු රාශියකි.

ඉපැරණී පියානෝව

වසර 250ක් පැරණි පියානෝව
ඉපැරණි පියානෝව

දේවස්ථානයේ ඇතුළත වම් පසින් විශේෂයෙන් සකස් කරන ලද පීඨිකාවක පැරැණි ඕගනයක් වේ. කොළඹ සිට එම ඕගනය මේ දේවස්ථානයට ගෙනවිත් වසර 250කට ආසන්න බවට සාධක ඇත. දැනට එය අක්‍රීය තත්ත්වයෙන් පවතී. අතීතයේදී එය ප්‍රධාන දොරටුවට ඉහළින් වූ විශේෂ පීඨිකාවේ තබා වාදනය කරමින් ගීතිකා ගැයීම සිදු කර ඇත. එම ඕගනය අසලම එයට දකුණු පසින් තවත් සුවිශේෂී නිර්මාණයක් වේ. ඒ වනාහි කළු මැදිරිය දැවයෙන් කරල ලද ෂඩස්‍රාකාර ධර්මාසන කුටියයි. එදා ප්‍රධාන දේව මෙහෙය  පවත්වා ඇත්තේ එම ධර්මාසනයේ සිටය.
මේ දේවස්ථානයේ  පළමුවෙන්ම භෞතීස්ම කරන ලද තැනත්තා වන්නේ දේවස්ථානය ගොඩනැඟූ ඩී. යෝන්ග්ගේ දියණියයි. එය 1755 අගෝස්තු මස 14 වන දින  සිදු කර ඇති අතර එම අවස්ථාව සිහි කරනු පිණිස විශේෂ පුවරුවක්ද වම් පස බිත්තියේ සවි කර තිබේ. එහි විශේෂත්වය වන්නේ භෞතීස්ම කරන ලද  දියණිය එම අවස්ථාවේ ඇඳ සිටි උඩුකය ඇඳුමද එම පුවරුවට ඇතුළත් කර තිබීමය.

RelatedPosts

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ශඩශ්‍රාකාර ධර්මාසනය…

රහස් කුටිය

දේවස්ථානයේ පිටත දකුණු පසින් පොළොව යට දොරගුළු දමන ලද දොරටු දෙකකින් සමන්විත රහස් කුටියක් වේ. එයද අතීතයේ මියගිය පුද්ගලයන්ගේ සොහොන් තැනීමට භාවිතා කර ඇති බවට සාධක ලැබී තිබේ. දේවස්ථානය වටා වූ දේවස්ථානයට අයත් භූමියේ හාත්පස දක්නට ලැබෙන්නේ සොහොන් පුවරු සිය ගණනකි. ඒ අනුව පෙනීයන්නේ දේවස්ථානය වටාද, දේවස්ථානය ඇතුළත බිම මෙන්ම බිත්තිද වෙන් කර ඇත්තේ මළවුන් සිහිපත් කිරීමට බවය.

සමරු ඵලකය
ඩී. යෝන්ග් ගේ දියණියයි. එය 1755 අගෝස්තු මස 14 වන දින භෞතීස්ම කළ අවස්ථාව සිහි කරමින් ඇය ඒ අවස්ථාවේ ඇඳ සිටි උඩුකය ඇඳුම සහිතව සකස් කළ සමරු ඵළකය

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

17 දෙනෙකුට කොවිඩ්… දළදා මාළිගාව පැය 02ක් වසා දමයි…

Next Post

අද දිනට මරණ 1යි… ආසාදිතයන් 715යි…

Related Posts

vesak
සංස්කෘතිය

සිංහලයේ වෙසක් උත්සවය හෙවත් සහශ්‍ර දෙකකට අධික අඛණ්ඩ ජන උරුමයක සජීවී ප්‍රකාශනය! – මහාවංසය කියන කතාවක්…

මැයි 30, 2026
sri-maha-bodhi
සංස්කෘතිය

අමරිකාවට වැඩිය ජය ශ්‍රී මහා බෝධිය ටෙක්සාස් පොළොවේ පැල කරගන්න පඤ්ඤාකර හිමියන්ට උපකාර කරන විද්‍යාත්මක මෙහෙයුමේ කතාව….

මැයි 1, 2026
සංස්කෘතිය

මැකී ගිය යුග සලකුණ- ආචාර්ය සිරිනිමල් ලක්දුසිංහ ගැන කතාවක්!

අප්‍රේල් 14, 2026 - Updated on අප්‍රේල් 15, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.