නතාෂා නෙත්මිණි –
කොරෝනා මර්දනය සඳහා යැයි පවසමින් ආයුර්වේද සූත්‍ර කමිටුවට ඉදිරිපත් කල දේශීය ඖෂධ වට්ටෝරු 37න් පර්යේෂණය සඳහා අනුමැතිය ලැබී ඇත්තේ වට්ටෝරු දෙකකට පමණක් යැයි දේශීය වෛද්‍ය ප්‍රවර්ධන ග්‍රාමිය ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් කුමාරි වීරසේකර සඳහන් කරයි.
පර්යේෂණය සඳහා ඖෂධ වට්ටෝරු ඉදිරිපත් කරන්නේ නම් ඒ සඳහා සුදුසුකම් රාශියක් සපුරා තිබිය යුතුවන නමුත් මෙම වට්ටෝරු 35ක්ම නියමිත සුදුසුකම් සපුරා නොමැතිව තිබීම හේතුවෙන් මෙසේ අවලංගු කළ බව ඇය සඳහන් කළාය.
සූත්‍ර කමිටුවට ඉදිරිපත් කළ කිසිදු ඖෂධ වට්ටෝරුවක් කොරෝනා මර්දනය සඳහා යැයි පැවසිය නොහැකි අතර එය ඖෂධ වට්ටොරු පමණක් බව යැයිද ලේකම්වරිය පැවසීය.