බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගාල්ල බන්ධනාගාර කොවිඩ් පොකුරට මුල් වූ නියාමකවරිය උත්සව වැලකට එක් වෙලා… 

හාමුදුරුවරු 03නමක් සමග 50 දෙනෙක් නිරෝධායනයට...

by editor
ජනවාරි 8, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

ගාල්ල බන්ධනාගාරයේ කොවිඩ් පොකුරට මුල වූ  කොවිඩ් ආසාදිත  බන්ධනාගාරයේ නියාමකවරියක් මාපලගම පරණතානායම්ගොඩ  සිය  අසල්වැසි නිවසක පැවති  උපන්දින සාදයකට  හා වැඩිහිටියන් සඳහා පැවති දානමය පිංකමකට සහභාගිවි ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි පවසයි.

මෙකි උපන්දින සාදය සඳහා විශ්ව විද්‍යාල ප්‍රවේශයට   සුදුසුකම් ලැබු සිසු සිසුවියන් පිරිසක්  ද  සහභාගි වී ඇති බව ඔහු පවසයි.  කොවිඩ් ආසාදිත බන්ධනාගාර නියාමකවරියට ද කේක් කවා ඇති අතර එකම කේක්  කැල්ල කිහිප දෙනෙකුට කවා ඇති බවද ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා පවසයි.  දානමය පිංකම සදහා වැඩිහිටියන් 41 දෙනෙකු සහභාගීවී ඇති බවද හෙතෙම පවසයි.

මෙම තත්වය නිසා  මෙකී බන්ධනාගාර නියාමකවරියගේ පළමුපෙළ ආශ්‍රිතයින් 53  දෙනෙකු  නිරෝධායනය කිරිමට කටයුතු  කර ඇති බවද හෙතෙම පවසයි.     ජනවාරි 01 වැනිදින මෙම බන්ධනාගාර නියාමකවරිය විසින්  උඩුගම මුලන ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිවරුවන් සඳහා දානය රැගෙන ගොස් ඇත. ඒ නිසා එම විහාරස්ථානයේ හිමිවරුන්  තිදෙනෙකු ද නිරෝධායනය කිරිමට කටයුතු කර ඇත.

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

කොවිඩ් වසංගතය පවතින මෙම කාලයේ දී මෙම නිවසේ  වැඩිහිටියන් සඳහා දානමට පිංකම හා උපන්දින සාදය පවත්වා ඇත්තේ  උඩුගම සෞඛ්‍ය වෛද්‍යකාර්යාලයට ද නොදන්වා හොර රහසේ බව උඩුගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි සඳහන් කළ බවද  ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා කියයි. 

විහාරස්ථානයේ හිමිවරුන් හා උපන්දින  සාදයට හා දානමය පිංකමට සහභාගිවු වැඩිහිටියන්  අද  (08) දින පී.සි ආර් පරික්ෂණ වලට ලක්කරන බවද  ඔහු කියයි.  බන්ධනාගාර නියාමකවරියගේ ආශ්‍රිතයින්  මෙම මස 18 වැනිදින දක්වා නිරෝධායනය කරන බවත් ඒ අයගේ  දෙවැනි පි.සි ආර් පරික්ෂණය 16 හා 17 දිනවල සිදුකරන බවත් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා පවසයි. 

මෙම බන්ධනාගාර නියාමකවරියට කොරෝනා වෛරසය ආසාදනය වි ඇත්තේ කෙසේද යන්න පිළිබද සොයා බලමින්  සිටින බව ද ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා වැඩිදුරටත් සදහන් කළේය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ආයුර්වේද සූත්‍ර කමිටුව කොරෝනා මර්ධනයට ඉදිරිපත් කළ ඖෂධ වට්ටෝරු 37න් 35ක් ප්‍රතික්ෂේප වෙයි…

Next Post

“විවේචන ඉදිරියේ අපේ පාර්ලිමේන්තුව සත්තු වත්තක් වගේ. සිංහයෝ විතරයි නැත්තේ”

Related Posts

පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.