බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home දේශපාලන

“අලුත් පාර්ලිමේන්තුවත් අලුත් වෙන්නේ නෑ…”

හිටපු අයගෙන් 90%ක් ආයෙත් ඡන්දෙට ඉල්ලනවා

by Lanka Sara Editor
ජූනි 2, 2020 - Updated on ජූනි 20, 2020
in දේශපාලන
Share on FacebookShare on Twitter

කොරෝනා වෛරසයෙන් ජනතාව ආරක්ෂා කරගැනීම වෙනුවෙන් ඉහළ සිට පහළට පොදු යාන්ත්‍රණයක් ගොඩනැගිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණ වත්මන් පාලකයින්ට යෝජනා කළ ද මෙතෙක් ඒ සඳහා ඔවුන් පියවර ගෙන නොමැත. එහෙත් ග්‍රාමසේවක මහතාගේ සිට ඉහළ පරිපාලන නිලධාරියා දක්වා සම්බන්ධ වෙමින් මේ අර්බුදයේ දී ජනතා විමුක්ති පෙරමුණ නිහඬව සුවිශාල සේවාවක් ඉටුකර තිබේ. කොරෝනා වෛරසය හා රටේ වත්මන් තත්ත්වය පිළිබඳව ජනතාව විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සමඟ ‘ලංකාසර’ කළ සාකච්ඡාවකි මේ.

ප්‍රශ්නය – ලෝකයම කොරෝනා වසංගතයෙන් වෙලාගෙන සිටින මේ මොහොතේ මෙරට සෞඛ්‍ය අංශවල අනුමැතියට යටත්ව මහාමැතිවරණය පැවැත්වීමට ආණ්ඩුව උත්සාහ ගනිමින් සිටිනවා. මේ සම්බන්ධව ජනතා විමුක්ති පෙරමුණේ ස්ථාවරය පැහැදිලි කළොත්?

පිළිතුර – ඡන්දයක් කරන්නේ නිකම්ම නිකං පෝලිමේ ගිහින් කතිරයක් ගහන එක නෙවෙයි. ජනතාව සතු පරමාධිපත්‍ය බලය තමන් වෙනුවෙන් තීරණ ගැනීම සඳහා නියෝජිතයකුට පැවරීමයි. ප්‍රජාතන්ත්‍රවාදය කියන සංකල්පය යථාර්තයක් වෙන්න නම් ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයේ තිබිය යුතුයි. ඡන්ද පැවැත්වීම ම ප්‍රජාතන්ත්‍රවාදය කියා අර්ථ දක්වනවා නම් එය වැරදියි.

මේ වන විටත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් මත පාසල් ආරම්භ කර නැත්තේ ඇයි? අඩුම තරමින් ටියුෂන් පන්තියක්වත් පටන් ගෙන නැහැ. පාසල් පටන් ගත්තත් එය පටන් ගන්න වෙන්නේ අදියර කිහිපයකටයි. එමෙන්ම සාමාන්‍ය ජන ජීවිතයේ බොහෝ කටයුතු තවමත් ආරම්භ කරන්න ලැබිල නැහැ. විවාහ මංගල උත්සව හා අනිකුත් උත්සව පවත්වන්න අවසරයක් ලැබිලා නැහැ . ප්‍රභූවරයකු නොවන සාමාන්‍ය ජනතාවගේ අවමඟුල් කටයුත්තක් සිදු කරනවානම් එය දින දෙකක් තුළ අවසන් කරන ලෙස උපදෙස් ලබාදී තිබෙනවා. එමෙන්ම වෙසක් පොසොන් රාමසාන් වැනි ආගමික උත්සව සියල්ල කල් දමා තිබෙනවා. එවැනි පසු පසුබිමක රට තිබෙන අවස්ථාවක කවුරු හෝ කියනවා නම් ඡන්දය පවත්වන්නේ පුළුවන් කියා එහි බරපතළ පරස්පරතාවක් මතුවෙනවා. එහෙම කියන්නට උත්සාහ ගන්නවා නම් එය එතරම් සෞඛ්‍ය සම්පන්න නැති බව කිව යුතුයි.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ප්‍රශ්නය – නමුත් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා මැතිවරණය පැවැත්විය හැකි බවට නිර්දේශයක් මේ වන විට රජයට ලබා දී තිබෙනවා නේද?

පිළිතුර – සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනුම් දී ඇත්තේ ඡන්දය පවත්වන්න පුළුවන් කියන එක නෙවෙයි ඔහු කියා තිබෙන්නේ ඡන්දය පැවැත්වීමේ ක්‍රමවේදය දැන් ආරම්භ කළ හැකි බවයි.

ප්‍රශ්නය – ඒ කියන්නේ?

පිළිතුර – ඡන්දය පැවැත්වීමට අදාළව මැතිවරණ දෙපාර්තමේන්තුවේ කටයුතු යම් ප්‍රමාණයකින් ආරම්භ කළ හැකි බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා පැහැදිලි කර තිබෙනවා. ඡන්දය පවත්වනවා කියන්නේ ඡන්ද පොළට ගොස් කතිරෙ ගහල ගෙදර ඒම පමණක් නොවෙයි ඊට එහා ගිය වැඩ කොටසක් තිබෙනවා. අපේක්ෂකයින් හා පක්ෂ ජනතාව මුණ ගැසිය යුතුයි. ඔවුන් රැස් කළ යුතුයි. තමන්ගේ පණිවුඩය ජනතාව අතරට ගෙන යා යුතුයි. එවැනි කටයුතුවල නියැලීමට හැකි තත්ත්වයක් අද මේ රටේ තිබෙනවාද ප්‍රශ්නය අප කා තුළත් මතුව තිබෙනවා.

පසුගිය අප්‍රේල් මාසය තුලදී ලොව රටවල් 26ක් තම රටවල් තුල පැවැත්වීමට තිබූ ජනාදිපතිවරණ මහමැතිවරණ ආදී ඡන්ද කල් දැමුවා. නමුත් කොරියාව පමණක් ඡන්දය පැවැත්වූවා. දැන් නැවතත් එරට කොරෝනා ව්‍යාප්තිය නැවත ආරම්භ වී තිබෙනවා. ඒ සමගම එරට බොහෝ කටයුතු යළිත් අඩපණ වී තිබෙනවා. මේ නිසා මේ කොරෝනා වෛරසය සමග සෙල්ලම් කරන්න බැහැ. රට මෙවැනි අවස්ථාවකට පත් වුවහොත් ක්‍රියා කළ යුතු ආකාරය අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිව සටහන් කර තිබෙනවා. එසේ තිබියදී පසු අරමුණුවලට ආණ්ඩුව යා යුතු නැහැ. අපි හැමෝම ජනතාවගේ ආරක්ෂාවට මුල්තැන දී ක්‍රියා කළ යුතුයි.

ප්‍රශ්නය – වත්මන් අර්බුදයට විසඳුම් සෙවීම සඳහා වහාම පැවති පාර්ලිමේන්තුව කැඳවිය යුතු බව එක්සත් ජාතික පක්ෂය කියනවා. ජනතා විමුක්ති පෙරමුණත් ඉන්නේ ඒ ස්ථාවරයේම ද?

පිළිතුර – පැවති පාර්ලිමේන්තුව දෙස බලන විට කාට කාටත් ප්‍රශ්න තිබෙනවා. ඒ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ හැසිරීම්, අදහස් ප්‍රකාශ කිරීම ආදිය පිළිබඳව. නමුත් අලුත් පාර්ලිමේන්තුව ඊට වඩා හොඳ එකක් වනු ඇතැයි කාටවත් විශ්වාස කරන්න බැහැ. මොකද පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරුන්ගෙන් සියයට අනූවක්ම මෙවර නාමයෝජනා ලබාදී තිබෙනවා.

රටේ ව්‍යවස්ථාවට අනුව ජනතාවගේ පරමාධිපත්‍යය ක්‍රියාත්මක වන ව්‍යවස්ථාදායකය , විධායකය හා අධිකරණය යන ආයතන තිබෙනවා. මේ ආයතනවල අනන්‍යතාව පවත්වාගෙන යෑම ඉතා වැදගත් කටයුත්තක්. ජනාධිපති අගමැති ප්‍රමුඛ ව්‍යවස්ථාදායකය පත් කිරීම හා වෙනස් කිරීම වැනි කරුණු පැහැදිලිව එහි දක්වා තිබෙනවා. පාර්ලිමේන්තුවක් නැතුව, කැඳවන්නේ නැතුව එය අක්‍රිය කර රටම ඉදිරියට යාමට අපහසුයි. මෙවැනි අවස්ථාවක පාර්ලිමේන්තුව රැස් කිරීමට අවශ්‍ය උපදෙස් නිසියාකාරව ව්‍යවස්ථාවේ පැහැදිලිකොට තිබෙනවා.

මේ අවස්ථාවේ පාර්ලිමේන්තුව රැස් කළ යුත්තේ කොරෝනා සම්බන්ධව තීරණ ගන්නවත් එසේත් නැත්නම් වෙනත් අරමුණුක් ඇතිව නොවෙයි. ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම වෙනුවෙන් හඳුන්වා දී තිබෙන මූලධර්ම නොබිදී පවත්වාගෙන යෑම සඳහායි.

ප්‍රශ්නය – යුද්ධය ජයග්‍රහණය කළ රාජපක්ෂවරු රාජ්‍ය පාලන බලය නතු කරගෙන සිටි නිසාම කොරෝනා වෛරසය පාලනය කර ගැනීමට හැකි වූ බව ආණ්ඩුවේ මැති ඇමතිවරු අද ප්‍රකාශ කරනවා. ඇත්තටම ඒ අය නිසාම ද කොරෝනා පාලනය වුණේ?

පිළිතුර – යුද්ධය කිරීමේදී ඊට ආරක්ෂක හමුදාව නායකත්වය ලබා දුන්නා. කොරෝනා වසංගතයේ දී එය පාලනය කිරීමට සෞඛ්‍ය අංශ මූලික වී කටයුතු කළා. මෙවන් අවස්ථාවලදී ඒ දේ කළමනාකරණය කරගත යුත්තේ එවකට බලයේ සිටින දේශපාලන අධිකාරියයි. මෙවන් පසුබිමක යුද්ධය ජයගත් අපිට කොරෝනා ප්‍රශ්නයක් නැහැ කියලා කවුරු හරි කියනවා නම් එය උද්දච්ච ප්‍රකාශයක්. බැක්ටීරියාවක් නම් ප්‍රතිකාර කර පාලනය කරගත හැකියි. නමුත් කොරෝනා කියන්නේ දරුණු වෛරසයක්. වෛරස වෙනස් වෙනවා. ඒක භයානකයි. රට මෙවැනි භයානක තැනක තිබෙන අවස්ථාවක ඉහත ආකාරයේ මතයක් ගොඩනඟන්න උත්සාහ කිරීම සමාජයට හිතකර කරුණක් නොවන බව කිව යුතුයි.

ප්‍රශ්නය – ජනතා විමුක්ති පෙරමුණ කොරෝනා ව්‍යසනය හමුවේ කතා කළා හැරෙන්නට පිළිගත හැකි යමක් ජනතාව හා රට වෙනුවෙන් සිදු නොනොකළ බවට චෝදනා එල්ල වෙනවා. ඇත්තටම මේ ව්‍යසනයෙන් ජනතාව මුදාගැනීමට ඔබ සහ ඔබේ පක්ෂය මොනවගේ දායකත්වයක් ද ලබාදුන්නේ?

පිළිතුර – රටේ නායයෑමක්, සුනාමියක් හෝ වෙනත් ව්‍යසනයක දී රාජ්‍ය යාන්ත්‍රණය මැදිහත් නොවේ නම් අපිට මැදිහත්විය හැකියි. එවැනි අවස්ථාවක රාජ්‍ය යාන්ත්‍රණය ජනතාවට අවශ්‍ය ආහාර පාන ඖෂධ ජලය ආදිය ලබානොදෙන්නේ නම් අපේ යාන්ත්‍රණයට ඒත් සඳහා මැදිහත් විය හැකියි. නමුත් කොරෝනා වෛරසය ඊට වඩා වෙනස් එකක්. මෙය වෛරසයක්. ඊට මුහුණදිය යුත්තේ රාජ්‍ය යාන්ත්‍රණය හරහාම තමයි. ඉහළ මට්ටමේ සිට පහළම මට්ටම දක්වා රාජ්‍යය යාන්ත්‍රණයක් සකස් කරන ලෙස අප රජයට යෝජනා කළා. අගමැතිවරයා මුණගැසී අපි අපේ කරුණු ඉදිරිපත් කළා. නමුත් ඉන් ප්‍රයෝජනයක් ගත්තේ නැහැ .

නමුත් අපි අපිට හැකි උපරිමයෙන්ම කොරෝනා මර්දනය වෙනුවෙන් අවශ්‍ය සහයෝගය ලබා දුන්නා. මේ සම්බන්ධව මූලිකත්වය ගෙන කටයුතු කරන සෞඛ්‍ය අංශ හා ආරක්ෂක අංශ සම්බන්ධ කර ගනිමින් ජාතික මට්ටමේ සිට ග්‍රාමීය මට්ටම දක්වා විශාල සේවාවක් අප සිදුකළා. අප කරන ඒ සේවාව ගැන ජනතාව විමුක්ති පෙරමුණ කිසිවිටෙක අඬබෙර ගහන්න ගියේ නැහැ.

ප්‍රශ්නය – අද අප මුහුණ පා සිටින මේ කොරෝනා අර්බුදය නිසා රටේ අනාගතය කෙබඳු වේද?

පිළිතුර – අද අප මේ මුහුණ දෙන්නේ සෞඛ්‍ය ප්‍රශ්නයක් පමණක් නොවෙයි . මෙය සමාජ හා ආර්ථික ප්‍රශ්නයක්. අද මේ ප්‍රශ්නය නිසා ලෝකයම ආර්ථික අර්බුදයකට මුහුණපා සිටිනවා . අපේ රටේ සංචාරක ව්‍යාපාරය, තේ කර්මාන්තය, ඇඟලුම් කර්මාන්තය වැනි ආදායම් මාර්ග සියල්ල කඩා වැටෙනවා. මේ තත්ත්වය මත ශක්තිමත් ආර්ථිකයක් ගොඩනඟා ගැනීම හා ජනතාවට ආර්ථික ප්‍රතිලාභ ගලා යෑමට සලස්වන්නේ කෙසේද කියා පුළුල්ව කල්පනා කර, නිසි සැලසුමකට අනුව ඉදිරියට යා යුතුයි.

Tags: නවතම
Share494Tweet43
Previous Post

මැතිවරණ කොමිසමට එල්ලවන සියලු චෝදනා ප්‍රතික්ෂේප කරනවා

Next Post

මිලදී ගන්නා සෑම මත්පැන්  බෝතලකම මිලෙන් සියයට 65ක් ම ආණ්ඩුවට

Related Posts

sri-lanka
දේශපාලන

විධායකයේ ප්‍රකාශ සහ අධිකරණ ස්වාධීනත්වය ප්‍රජාතන්ත්‍රවාදී දෘෂ්ටිකෝණයකින් විමසමු!

මැයි 12, 2026
දේශපාලන

රාජ්‍යතාන්ත්‍රික හමුවකට එහා ගිය   වියට්නාම් ජනාධිපති  ගේ ශ්‍රී ලංකා සංචාරයේ කතාව…

මැයි 9, 2026
TO LAM
දේශපාලන

රටේ සිදුකරගත් දේශපාලන පෙරළියේ ජාතික අභිලාෂය යළි අපට සිහි කරමින් වියට්නාම් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ කළ කතාව!

මැයි 8, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.