දියර ආහාරවල අඩංගු විය යුතු සීනි මට්ටම් සංශෝධනය කරමින් සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස විසින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.
නව සංශෝධනවලට අනුව දියර ආහාරවල අඩංගු සීනි ප්‍රමාණයන් රතු, ඇම්බර් සහ කොළ වර්ණ සංකේත යටතේ වර්ගීකරණය කිරීමේදී, අන්තර්ගත විය යුතු සීනි ග්‍රෑම් ප්‍රමාණය තවදුරටත් අඩු කිරීමට පියවර ගෙන ඇත.
ඒ අනුව, මෙතෙක් රතු වර්ණයෙන් දැක්වුණු (මිලිලීටර 100ක අන්තර්ගත) සීනි ග්‍රෑම් ප්‍රමාණය ග්‍රෑම් 11 සිට ග්‍රෑම් 08 දක්වා අඩු කර තිබේ. ඇම්බර් වර්ණයෙන් දැක්වෙන සීනි පරාසය ග්‍රෑම් 2.5 සිට 8 දක්වා වන පරිදි අඩු කිරීමට පියවර ගෙන ඇති අතර, නව සංශෝධන අනුව කොළ වර්ණයෙන් දැක්වෙන සීනි ප්‍රමාණය ග්‍රෑම් 2.5ට වඩා අඩු විය යුතු බව එහි සඳහන් වේ.
මීට අමතරව, අදාළ වර්ණ සංකේත ලාංඡන නිෂ්පාදන ඇසුරුම් මත ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් වන විකල්ප ක්‍රමවේද ද මෙම නව සංශෝධනවලට ඇතුළත් කර ඇත.









