සෙනසුරාදා, ජූලි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

2026 කාන්තා විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය… එංගලන්තය අවසන් මහා තරගයට!

by editor
ජූලි 3, 2026
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

2026 අයිසීසී කාන්තා විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අර්ධ අවසාන තරගයෙන් දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම පරදා ලකුණු 40ක අතිවිශිෂ්ට ජයක් වාර්තා කිරීමට සත්කාරක එංගලන්ත කාන්තා කණ්ඩායම සමත් විය.

ලන්ඩනයේ කෙනින්ටන් ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තීරණාත්මක තරගයේ ජයග්‍රහණයත් සමඟින් වසර අටකට පසු පළමු වරට විස්සයි20 ලෝක කුසලාන අවසන් මහා තරගයකට සුදුසුකම් ලැබීමට ද එංගලන්ත කණ්ඩායමට අවස්ථාව උදා විය.

පසුගිය ලෝක කුසලාන තරගාවලි ද්විත්වයේදීම අර්ධ අවසාන තරගවලදී දකුණු අප්‍රිකාව හමුවේ පරාජයට පත්වී තරගාවලියෙන් ඉවතට විසිවීමේ අමිහිරි අත්දැකීමට මුහුණ දී සිටි එංගලන්ත කණ්ඩායම, මෙම ජයග්‍රහණයත් සමඟ එම පරාජයන්ට සාර්ථකව ප්‍රති අත්තර ලබා දිමට  සමත් විය.

තරගයේ කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකානු කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කළේය. ඒ අනුව පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායමට ආරම්භයේදීම දරුණු ප්‍රහාරයකට මුහුණ දීමට සිදු විය. වේග පන්දු යවන ශබ්නිම් ඉස්මයිල් සහ මරිසාන් කැප්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ එංගලන්ත මුල් පෙළ පිතිකාරිණියන් තිදෙනෙකුම ලකුණු 33ක් තුළ දැවී ගියේය. එහිදී ඇමී ජෝන්ස්ව දවාගත් ශබ්නිම් ඉස්මයිල්, කාන්තා විස්සයි20 ලෝක කුසලාන ඉතිහාසයේ විකට් 50ක් බිඳහෙළු පළමු පන්දු යවන්නිය බවට පත්වෙමින් වාර්තාවක්ද පිහිටවූවාය.

කෙසේ වෙතත්, ආබාධයකින් පසු නැවත කණ්ඩායමට පැමිණි සුපිරි ක්‍රීඩිකා සීවර්-බ්‍රන්ට්’   සහ නායිකා හෙදර් නයිට් එක්ව එංගලන්ත ඉනිම සවිමත් කළහ. සිව්වැනි විකට්ටුව වෙනුවෙන් පන්දු 90කින් ලකුණු 133ක අගනා සබඳතාවක් ගොඩනැඟීමට ඔවුහු සමත් වූහ. සීවර්-බ්‍රන්ට්’ පන්දු 47කදී හතරේ පහර 11ක් සහ එක් හයේ පහරක් සමඟින් වේගවත් ලකුණු 75ක් රැස් කළාය. ඇයට අනගි සහයක් දුන් හෙදර් නයිට් පන්දු 47කදී ලකුණු 58ක් ලබා ගත්තාය. ඉනිමේ 19 වැනි පන්දුවාරයේදී නොන්කුලුලෙකෝ ම්ලාබා විසින් මෙම ක්‍රීඩිකාවන් දෙදෙනාවම දවාගැනීමට සමත් වුවද, නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 169ක ප්‍රබල ලකුණු සංඛ්‍යාවක් පුවරුවට එකතු කිරීමට එංගලන්තය සමත් විය. දකුණු අප්‍රිකාව වෙනුවෙන් ශබ්නිම් ඉස්මයිල් සහ නොන්කුලුලෙකෝ ම්ලාබා කඩුලු 2 බැගින් බිඳහෙළූහ.

RelatedPosts

මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”

චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

සීවර්-බ්‍රන්ට්

ලකුණු 170ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි දකුණු අප්‍රිකානු කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදීමට ආරම්භක පිතිකාරිණියන් වූ ලෝරා වොල්වාර්ඩ් (17) සහ ටැස්මින් බ්‍රිට්ස් සමත් වූහ. ඔවුහු පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 47ක් එකතු කළහ. එහෙත් ලින්සි ස්මිත්ගේ පන්දුවක් හමුවේ වොල්වාර්ඩ් දැවී යාමත් සමඟ දකුණු අප්‍රිකානු ඉනිමේ බිඳවැටීම ආරම්භ විය.

දකුණු අප්‍රිකානු ඉනිම වෙනුවෙන් තනි සටනක නිරත වූ ටැස්මින් බ්‍රිට්ස් පන්දු 45කදී හතරේ පහර 6ක් සමඟින් ලකුණු 51ක් රැස් කළද, චාලි ඩීන්ගේ පන්දුවක් හමුවේ ඇය දැවී යාමත් සමඟ දකුණු අප්‍රිකානු ජයග්‍රාහී බලාපොරොත්තු බිඳ වැටුණි. එංගලන්ත දඟපන්දු යවන්නියන් වූ චාලි ඩීන්, සෝෆි එක්ලස්ටෝන් සහ ලින්සි ස්මිත් එක්ව දකුණු අප්‍රිකානු පිතිකාරිණියන්ට ලකුණු ලබා ගැනීමට කිසිදු ඉඩක් ලබා නොදුන්හ.

නියමිත පන්දුවාර 20 අවසානයේ දකුණු අප්‍රිකානු කණ්ඩායමට කඩුලු 8ක් දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 129ක් පමණි. ඒ අනුව එංගලන්ත කණ්ඩායම ලකුණු 40ක විශිෂ්ට ජයක් අත්කර ගත්තේය. පන්දු යැවීමේදී එංගලන්තය වෙනුවෙන් ලෝරන් බෙල් සහ චාලි ඩීන් කඩුලු 2 බැගින් දවාගත්හ.

තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස එංගලන්තයේ සීවර්-බ්‍රන්ට්’ සම්මානය දිනා ගත්තාය. මේ අනුව, සාර්ථක ලෙස අවසන් මහා තරගයට පිවිසි එංගලන්ත කාන්තා කණ්ඩායම, සුපිරි ලෝඩ්ස් (Lord’s) ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අවසන් මහා තරගයේදී ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම සමඟින් ලෝක කිරුළ සඳහා තරග වැදීමට නියමිතය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පැතුම් සහ ලහිරු කුමාර නැතිව ශ්‍රි ලංකා කණ්ඩායම හෙට කොදෙව්වන් හා දෙවැනි ටෙස්ට් තරගයට!

Next Post

2027 මූල්‍ය වර්ෂය සඳහා අයවැය ඇස්තමේන්තු සකස් කිරීම ඇරඹෙයි!

Related Posts

ක්‍රීඩා

මෙසීගේ ආර්ජන්ටිනාව පරදා ‘ලා රෝජා’ බලකාය ලෝකය දිනූ කතාව!

ජූලි 20, 2026
ක්‍රීඩා

ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!

ජූලි 19, 2026
Argentina-England-WCup-Soccer-3
ක්‍රීඩා

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

වරප්‍රසාදවලට මුවා නොවී එළියට ඇවිත් කියන්න: නීතිඥ සංගමයේ සභාපතිගෙන් ආණ්ඩුවට අභියෝගයක්! 

ජූලි 24, 2026

මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”

ජූලි 24, 2026

චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

ජූලි 23, 2026
ADVERTISEMENT
  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

    172 shares
    Share 69 Tweet 43
  • මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”

    172 shares
    Share 69 Tweet 43
  • බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

    172 shares
    Share 69 Tweet 43
  • කොටුව ස්ටේෂන් එක ඇතුළෙම කෝච්චි පෙරළෙනවා… අතිශය කණගාටුයි!. ප්‍රවාහන ඇමති කියයි…

    172 shares
    Share 69 Tweet 43
  • තරුණයින් ඇතුළු පුද්ගලයින් 11 දෙනා පැහැරගැනීමේ සිද්ධිය: හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න ඇප මත මුදා හැරේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • වරප්‍රසාදවලට මුවා නොවී එළියට ඇවිත් කියන්න: නීතිඥ සංගමයේ සභාපතිගෙන් ආණ්ඩුවට අභියෝගයක්! 
  • මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”
  • චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.