සෙනසුරාදා, ජූලි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

පැතුම් සහ ලහිරු කුමාර නැතිව ශ්‍රි ලංකා කණ්ඩායම හෙට කොදෙව්වන් හා දෙවැනි ටෙස්ට් තරගයට!

by editor
ජූලි 2, 2026
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාව අර්බුදයකය.  බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්වෙන දෙවන සහ අවසාන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක සහ වේග පන්දු යවන ක්‍රීඩක ළහිරු කුමාර ඉවතට විසිවී තිබේ  ඔවුන් දෙදෙනාම මේ වනවිට ආබාධයකට ලක්වය.

වාර්තාවන තේරුම් ගත නොහැකි තත්ත්වය වන්නේ මේ සංචාරයට රැගෙන ආ, ලහිරු වෙනුවට ආදේශ කළ හැකි ප්‍රධානම ක්‍රීඩකයා වූ විශ්ව ප්‍රනාන්දු ද සුලු අබාධයකට ලක් වි ඇති බව වාර්තා වීමය. තරගාවලියක් අතර තුර එක පෝලිමට ක්‍රීඩකයින් ආබාධට ලක් වීමේ කරුමය යළිත් අපේ කරපිටය.

පැතුම් ගේ මැණික් කටුවේ ආබාධයක් ඇති තිබෙන්නේ සෑහෙන කාලයක සිටය. දැන් ඒ තත්ත්වය තීරණාත්මකව මතු වී තිබේ. පැතුම් නිස්සංක මේ වනවිටත් ශල්‍යකර්මය සඳහා ලන්ඩන් නුවර බලා පිටත්ව ගොස් ඇති බව නිවුස් වයර් වාර්තා කරයි.

මෙම ආබාධය සුව කරගැනීමට ප්‍රමුඛතාව ලබා දීමේ අරමුණින් ඔහු 2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියෙන් ද මීට පෙර ඉවත් වීමට තීරණය කර තිබුණි. එහෙත් ඔහු බටහිර ඉන්දීය කොදෙව් සංචාරයට එක් වීමට කටයුතු කිරීමත් තේරීම් කමිටුව ඔහුගේ ශාරීරික යෝග්‍යතාවය සහතික කර මේ තරගාවලියට තෝරා ගැනීමත් දැන් රට අවිනිශ්චිත තාවයකට පත් කර ඇත.  27 හැවිරිදි වියේ පසුවන පැතුම් නිස්සංක කොදෙව්වන් සමඟ පැවති පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ ද එහිදී ඔහුට ලබාගත හැකි වූයේ ලකුණු 02 ක් සහ 03 ක් පමණි.

පළමු ටෙස්ට් තරගය අතරතුරදී මස්පිඩු පෙරළීමේ (Hamstring) ආබාධයකට ලක් වූ වේග පන්දු යවන ක්‍රීඩක ළහිරු කුමාර ද දෙවන තරගයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇත. මේ තත්ත්වය උදා වී ඇත්තේ  පළමු ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ඉනිමකින් සහ ලකුණු 217 ක දැවැන්ත පරාජයක් ලබා සිටින පසුබිමක,  .

RelatedPosts

මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”

චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

මේ අනුව හෙට ආරම්භවන    දෙවන ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා සංචිතයට අවම වශයෙන් වෙනස්කම් දෙකක්වත් සිදු කිරීමට කළමනාකාරීත්වයට සිදුව තිබේ. ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක වෙනුවට ලකුණු අතර සිටින ළහිරු උදාර කණ්ඩායමට කැඳවීමට වැඩි ඉඩක් පවතී. සංචිතය තුළ සිටින අනෙක් විශේෂඥ පිතිකරුවා පසිඳු සූරියබණ්ඩාර වුවද, ළහිරු උදාර සතු ආරම්භක පිතිකරුවෙකු ලෙස ඇති අත්දැකීම් සලකා බලා ඔහුට ප්‍රමුඛතාව හිමිවනු ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

ළහිරු කුමාරගේ අඩුව පිරවීම සඳහා සිටින වේග පන්දු යවන ක්‍රීඩක විශ්ව ප්‍රනාන්දුත් ආබාධයකට ලක්ව නම්  විකල්පය ඉසිත විජේසුන්දරය. ඉසිත මෙතෙක් ජාත්‍යාන්තර  වරම් දිනා නැති ක්‍රීඩකයෙකි.  අවසන් එකොළොස් දෙනා තේරීමේ බරපතල අවුලකට කළමනාකාරීත්වය මුහුණ දී ඇත.

පළමු තරගය පැවැත්වුණු නෝර්ත් සවුන්ඩ් (North Sound) ක්‍රීඩාංගණයේ තත්ත්වය දෙස බැලීමේදී, එය පන්දුව පතිත වී පැන නැගීමේදී සහ දෝලනය වීමේදී (Movement) වේග පන්දු යවන්නන්ට බෙහෙවින් වාසිදායක විය. එහිදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ සිව්දෙනෙකුගෙන් යුත් ප්‍රබල වේග පන්දු බලඇණිය ශ්‍රී ලංකා පන්දු යවන්නන් අභිබවා කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට සමත් විය.

ඇන්ටිගුවාහි පැවැත්වෙන දෙවන තරගයේදී ද තණතීරුවෙන් එවැනිම ආකාරයේ සහයෝගයක් බලාපොරොත්තු විය හැකි අතර, තරගය පැවැත්වෙන දින පහ පුරාම විටින් විට වැසි ඇද හැලීමේ හැකියාවක් පවතින බව ද කාලගුණ අනාවැකිවල සඳහන් වේ.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් වරට 2021 වසරේදී ඇන්ටිගුවාහිදී ක්‍රීඩා කළ අවස්ථාවේදී, ඔවුන් කැරිබියන් දූපත්හි වාර්තා කළ තමන්ගේ සමීපතම වැඩිම ටෙස්ට් ලකුණු සංඛ්‍යාව වන ලකුණු 476 පළමු ටෙස්ට් තරගයේදී රැස් කිරීමට සමත්ව තිබුණි. එසේම, මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාව ලැබූ එකම සැනසිලිදායක පුවත වන්නේ මිලන් රත්නායක සිය මංගල ටෙස්ට් තරගයේදීම කඩුලු 5ක් දවා ගැනීමට සමත් වීමය. කොදෙව් දේශයේ දී  සිය  මංගල ටෙස්ට් තරගයේදීම කඩුලු 5ක දක්ෂතාවක් සනිටුහන් කළ එකම ශ්‍රී ලාංකික වේග පන්දු යවන්නා ලෙස ද මිලාන් රත්නායක මෙහිදී ඉතිහාසයට එක්විය.

අප කොදෙව් දේශයට එවා ඇත්තේ කෝටි දෙකකට අධික ජනතාවක් නියෝජනය කිරීම සඳහා ඒ කටයුත්තට සුදුසුම යැයි තෝරාගත් 16 දෙනෙකුගෙන් යුත් සංචිතයකි. මුල් එකොලොස් දෙනා අතරින් එකෙක් දෙන්නෙක් ඉවත් වුවහොත් ඒ වෙනුවට ආදේශ වන්නේ ද විශිෂ්ටයන් යැයි රටක් ලෙස අපි සිතාගෙන සිතමු.  ෂයි හෝප් වෙනුවට ආදේශ වුන අමීර් ජැන්ගු පසුගිය තරගයේ දී නතර වන්නේ ද්විත්ව ශතකයක් ලබාගෙනය.

ලහිරු කුමාර වෙනුවට හෝ පැතුම් නිශ්ශංක වෙනුවට ආදේශවන යෞවනයන්ගෙන් රට බලාපොරොත්තු වන්නේ එවැනි විශ්වාසනීය වගකීමකි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පරිගණකයේ සහ දුරකථනයේ මුර පද ලබාදෙන ලෙස ලද අධිකරණ නියෝගය අභියෝගයට ලක් කිරීමට සලේ සූදානම්!

Next Post

2026 කාන්තා විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය… එංගලන්තය අවසන් මහා තරගයට!

Related Posts

ක්‍රීඩා

මෙසීගේ ආර්ජන්ටිනාව පරදා ‘ලා රෝජා’ බලකාය ලෝකය දිනූ කතාව!

ජූලි 20, 2026
ක්‍රීඩා

ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!

ජූලි 19, 2026
Argentina-England-WCup-Soccer-3
ක්‍රීඩා

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

වරප්‍රසාදවලට මුවා නොවී එළියට ඇවිත් කියන්න: නීතිඥ සංගමයේ සභාපතිගෙන් ආණ්ඩුවට අභියෝගයක්! 

ජූලි 24, 2026

මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”

ජූලි 24, 2026

චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

ජූලි 23, 2026
ADVERTISEMENT
  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

    172 shares
    Share 69 Tweet 43
  • මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”

    172 shares
    Share 69 Tweet 43
  • බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

    172 shares
    Share 69 Tweet 43
  • කොටුව ස්ටේෂන් එක ඇතුළෙම කෝච්චි පෙරළෙනවා… අතිශය කණගාටුයි!. ප්‍රවාහන ඇමති කියයි…

    172 shares
    Share 69 Tweet 43
  • තරුණයින් ඇතුළු පුද්ගලයින් 11 දෙනා පැහැරගැනීමේ සිද්ධිය: හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න ඇප මත මුදා හැරේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • වරප්‍රසාදවලට මුවා නොවී එළියට ඇවිත් කියන්න: නීතිඥ සංගමයේ සභාපතිගෙන් ආණ්ඩුවට අභියෝගයක්! 
  • මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”
  • චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.