2027 මූල්‍ය වර්ෂය සඳහා වන අයවැය ඇස්තමේන්තු සකස් කිරීමේ කටයුතු නිල වශයෙන් ආරම්භ කර තිබේ.
මෙම කටයුතු සිදු කරනු ලබන්නේ 02/2026 දරන ජාතික අයවැය චක්‍රලේඛයට අනුකූලවය.
අනිවාර්ය වියදම් කප්පාදු කිරීමේ පියවර යටතේ පනවා ඇති වියදම් සීමාවන් සියලුම අමාත්‍යාංශ සහ රාජ්‍ය ආයතන විසින් දැඩි ලෙස අනුගමනය කළ යුතු බව මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇත.
මීට අමතරව, නව ව්‍යාපෘති සඳහා ද දැඩි කොන්දේසි පනවා තිබේ.
ඒ අනුව, නව සංවර්ධන ව්‍යාපෘති සඳහා වන යෝජනා මූලික අයවැය ඇස්තමේන්තු තුළම ඉදිරිපත් කළ යුතු වේ.
අයවැය ඇස්තමේන්තු සහ ඊට අදාළ දත්ත ඉදිරිපත් කිරීම සඳහා ඒකාබද්ධ භාණ්ඩාගාර කළමනාකරණ තොරතුරු පද්ධතිය (ITMIS) භාවිතා කිරීම ද අනිවාර්ය කර ඇත.
සියලුම රාජ්‍ය ආයතන මෙම ඇස්තමේන්තු මෙම මස 31 වැනිදාට පෙර ජාතික අයවැය දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු බව මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් නිවේදනය කරයි. (News First)









