බ්‍රහස්පතින්දා, ජූනි 11, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

එල්-නිනෝ බලපෑමට මුහුණ දීමේ ආයතනික සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

by editor
ජූනි 11, 2026
in පුවත්
EL-NINO
Share on FacebookShare on Twitter

ඉදිරියේදී ඇති විය හැකි එල්-නිනෝ තත්ත්වය හමුවේ එල්ල විය හැකි බලපෑම සහ ඊට මුහුණ දීම සඳහා ආයතන සතු සැලසුම් පිළිබඳ සොයා බලන විශේෂ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (11) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරිය, මහවැලි අධිකාරිය, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, විදුලිජනන ලංකා පුද්ගලික සමාගම සහ ජාතික පද්ධති ක්‍රියාකරු පුද්ගලික සමාගම ඇතුළු අදාළ ආයතනවල නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් මෙම සාකච්ඡාව කැඳවා තිබුණි.

ඉදිරියේදී මතු විය හැකි එල්-නිනෝ තත්ත්වය මෙරට ආහාර සුරක්ෂිතතාව, පානීය ජලය සහ බලශක්තිය යන ක්ෂේත්‍ර කෙරෙහි ඇති කරන බලපෑම සහ එකී ක්ෂේත්‍ර කළමනාකරණය කර ගැනීම සඳහා ගත යුතු කඩිනම් පියවර පිළිබඳ මෙහිදී පුළුල් ලෙස විමසා බලන ලදී. මේ යටතේ දැනට පවතින ජලාශවල ජල ධාරිතා, කෘෂිකර්මාන්තය, පානීය ජලය සහ බලශක්ති ක්ෂේත්‍රයේ ඇති විය හැකි තෙරපුම කළමනාකරණය කර ගැනීමට ගත යුතු පියවර ආදී කරුණු රැසක් සාකච්ඡාවට ලක් විය.

මෙවර ඇති වන එල්-නිනෝ තත්ත්වය වඩාත් සමීප විය හැක්කේ 2016 – 2017 වර්ෂවල ඇති වූ තත්ත්වයට බව මෙහිදී පෙන්වා දුන් නිලධාරීහු, විශේෂයෙන්ම ජල කළමනාකරණ සැලසුම ඒ අනුව සකසා ඇති බව සඳහන් කළහ. මේ යටතේ 2026 වසරේ යල කන්නය මාස එක හමාරකට පමණ පෙර ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බවද ඔවුහු පෙන්වා දුන්හ.

RelatedPosts

සුරේෂ් සලේගේ පෙත්සම සලකා බැලීම ජූලි 10 දක්වා කල් තැබෙයි – ශානි සහ රවීට එරෙහි නිර්දේශත් අධිකරණයට!

හිටපු ඇමැති පාඨලී මා සමඟ ඇති දේශපාලන අමනාපයට බොරු පැමිණිල්ලක් දාලා – උදය ගම්මන්පිල මහාධිකරණයේ දී කියයි

KP සතු වූ ටොන් ගණනක රන්වලට සිදුවූ දේ විමසීමට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අල්ලස් කොමිසමට කැඳවයි!

ඇති විය හැකි තත්ත්වය හමුවේ ඉදිරි මාස කිහිපය තුළ අඛණ්ඩ විදුලි සැපයුමක් සහතික කිරීම සහ කෘෂිකර්ම කටයුතු සහ ආහාර සුරක්ෂිතතාව පවත්වාගෙන යාම පිළිබඳ මෙහිදී විශේෂ අවධානය යොමු කෙරුණි. විදුලි නිෂ්පාදනය මෙන්ම ඉදිරි යල කන්නය ඇතුළු කෘෂිකර්ම කටයුතු සඳහා අවශ්‍ය ජලය සැපයීම සහ පානීය ජල සුරක්ෂිතතාව ඇති කිරීම සඳහා අවශ්‍ය සැලසුම් සකස් කර ඉදිරිපත් කරන ලෙස ජනාධිපතිවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

දිට්වා සුළි කුණාටුව සහ මැදපෙරදිග යුදමය තත්ත්වය හමුවේ ඇති වූ අභියෝගවලට මුහුණ දුන් ආකාරයටම බාහිර අභියෝගයක් වන මෙම ගෝලීය තත්ත්වයද කළමනාකරණය කර ගැනීමේ හැකියාව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා, නිසි සැලසුම් ඔස්සේ කටයුතු කිරීමෙන්, ඇති විය හැකි ඕනෑම තත්ත්වයකට මුහුණ දීමට හැකි වනු ඇති බවට විශ්වාසය පළ කළේය.

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඒ.එල්.කේ. විජේමාන්නගේ, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි වැලිගොපොලගේ, ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එච්.එම්.කේ.කේ. හේරත්, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය තිලක් හේවාවසම්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් බ්‍රිගේඩියර් ඩී.ඩී.ජී.ඒ. ජයවර්ධන ඇතුළු අදාළ ආයතනවල ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

Share69Tweet43
Previous Post

හිටපු ඇමැති පාඨලී මා සමඟ ඇති දේශපාලන අමනාපයට බොරු පැමිණිල්ලක් දාලා – උදය ගම්මන්පිල මහාධිකරණයේ දී කියයි

Next Post

සුරේෂ් සලේගේ පෙත්සම සලකා බැලීම ජූලි 10 දක්වා කල් තැබෙයි – ශානි සහ රවීට එරෙහි නිර්දේශත් අධිකරණයට!

Related Posts

suresh-saley
පුවත්

සුරේෂ් සලේගේ පෙත්සම සලකා බැලීම ජූලි 10 දක්වා කල් තැබෙයි – ශානි සහ රවීට එරෙහි නිර්දේශත් අධිකරණයට!

ජූනි 11, 2026
පුවත්

හිටපු ඇමැති පාඨලී මා සමඟ ඇති දේශපාලන අමනාපයට බොරු පැමිණිල්ලක් දාලා – උදය ගම්මන්පිල මහාධිකරණයේ දී කියයි

ජූනි 11, 2026
Sarath Fonseka
පුවත්

KP සතු වූ ටොන් ගණනක රන්වලට සිදුවූ දේ විමසීමට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අල්ලස් කොමිසමට කැඳවයි!

ජූනි 11, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-saley

සුරේෂ් සලේගේ පෙත්සම සලකා බැලීම ජූලි 10 දක්වා කල් තැබෙයි – ශානි සහ රවීට එරෙහි නිර්දේශත් අධිකරණයට!

ජූනි 11, 2026
EL-NINO

එල්-නිනෝ බලපෑමට මුහුණ දීමේ ආයතනික සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 11, 2026

හිටපු ඇමැති පාඨලී මා සමඟ ඇති දේශපාලන අමනාපයට බොරු පැමිණිල්ලක් දාලා – උදය ගම්මන්පිල මහාධිකරණයේ දී කියයි

ජූනි 11, 2026
ADVERTISEMENT
  • Niroshan_ D

    මේ හාදයා නැතිව අපිට ක්‍රිකට් ගහන්න බැරි ද?. පරිවර්තන කමිටුව පුනරුත්ථාපනය කිරීමට නොලැබේවා!

    172 shares
    Share 69 Tweet 43
  • රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේගේ බිරිය සහ පුත් සලේ ට සාධාරණයක් ඉල්ලා මල්වතු අස්ගිරි මහා නාහිමිවරුන් බැහැදකින්න ඇවිත්!!

    172 shares
    Share 69 Tweet 43
  • මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!

    172 shares
    Share 69 Tweet 43
  • සරණ  හිරේ…

    172 shares
    Share 69 Tweet 43
  • ගිනි ගන්නා සහරා කාන්තාර මාර්ගයක කැඩුන ට්‍රක් රථයක සිටි 49 දෙනෙක් දිය පොදක් නැතිව මැරුණු හැටි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සුරේෂ් සලේගේ පෙත්සම සලකා බැලීම ජූලි 10 දක්වා කල් තැබෙයි – ශානි සහ රවීට එරෙහි නිර්දේශත් අධිකරණයට!
  • එල්-නිනෝ බලපෑමට මුහුණ දීමේ ආයතනික සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!
  • හිටපු ඇමැති පාඨලී මා සමඟ ඇති දේශපාලන අමනාපයට බොරු පැමිණිල්ලක් දාලා – උදය ගම්මන්පිල මහාධිකරණයේ දී කියයි

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.