බ්‍රහස්පතින්දා, ජූලි 2, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සුරේෂ් සලේගේ පෙත්සම සලකා බැලීම ජූලි 10 දක්වා කල් තැබෙයි – ශානි සහ රවීට එරෙහි නිර්දේශත් අධිකරණයට!

by editor
ජූනි 11, 2026
in පුවත්
suresh-saley
Share on FacebookShare on Twitter

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් තමන්ව අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ රඳවා තබා ගැනීමට නිකුත් කර ඇති රැඳවුම් නියෝගය බලරහිත කරන ලෙස ඉල්ලා හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ ඉදිරිපත් කළ රිට් පෙත්සම වැඩිදුර සලකා බැලීම ජූලි මස 10 වැනිදා දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය අද (11) නියෝග කළේය.

මෙම පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ල ඉදිරියේ සලකා බැලුණි.

එහිදී සුරේෂ් සලේ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන කරුණු දක්වමින් කියා සිටියේ, මාවනැල්ල බුදු පිළිම විනාශ කිරීමේ සිද්ධිය පිටුපස විදේශීය අන්තවාදී බුද්ධි අංශවල දෘෂ්ටිවාදයක් පවතින බවට තොරතුරු හෙළි වී තිබියදීත්, එවකට CID අධ්‍යක්ෂ ශානි අබේසේකර ඒ පිළිබඳ නිසි විමර්ශනයක් සිදු නොකළ බවයි. ජාත්‍යන්තර පොලිසියේ (Interpol) සහාය ලබා ගැනීමට ඉඩ තිබියදීත් ඔහු ඒ පිළිබඳ නොසැලකිලිමත්ව කටයුතු කර ඇතැයි නීතිඥවරයා චෝදනා කළේය.

එසේම, 2016 අප්‍රේල් 20 සිට 2019 අප්‍රේල් 30 දක්වා කාලය තුළ සහරාන් හෂීම් ඇතුළු කල්ලියේ ක්‍රියාකාරකම් පිළිබඳ වාර්තා 97ක් සහ ඊට සම්බන්ධ පුද්ගලයන් 129 දෙනකුගේ ලැයිස්තුවක් එවකට පොලිස්පතිවරයා වෙත යොමු කර තිබූ බව හිටපු බුද්ධි ප්‍රධානී නිලන්ත ජයවර්ධන ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ දිවුරුම් පෙත්සමක සඳහන් වන බවද මෙහිදී අනාවරණය කෙරිණි.

ජාතික තවුහිද් ජමාත් (NTJ) සංවිධානය විසින් කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල දේවස්ථාන, සංචාරක හෝටල් සහ ඉන්දීය තානාපති කාර්යාලය ඉලක්ක කර මරාගෙන මැරෙන බෝම්බ, පිහි සහ ට්‍රක් රථ ප්‍රහාර එල්ල කිරීමේ අවදානමක් ඇති බව ඉන්දීය බුද්ධි අංශ 2019 අප්‍රේල් 04 වැනිදා මෙරටට දැනුම් දී තිබූ බවත්, එහි ප්‍රහාරකයන්ගේ නම් පවා සඳහන්ව තිබූ බවත් ජනාධිපති නීතිඥවරයා පැවසීය. එහෙත් වගඋත්තරකරුවන් ඒ පිළිබඳ අවධානය යොමු කර නැත.

RelatedPosts

ආර්ථික ප්‍රකෘතිමත් වීමේ දැවැන්ත සන්ධිස්ථානයක්: ලෝක බැංකුව ශ්‍රී ලංකාව ඉහළ මැද ආදායම් කාණ්ඩයට එක් කරයි!

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්

සතුරු ප්‍රහාර මැද අප්‍රිකාවේ දී ජීවිත 14ක් බේරාගත් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ වීරෝදාර මෙහෙයුම!

කිසිදු පරීක්ෂණයකින් හෝ කොමිෂන් සභා වාර්තාවකින් පාස්කු ප්‍රහාරයට සුරේෂ් සලේ සම්බන්ධ බවට අනාවරණය වී නොමැති බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා, ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් හිටපු CID අධ්‍යක්ෂ ශානි අබේසේකර සහ හිටපු නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්නට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ජයකී ද අල්විස් කමිටු වාර්තාව මඟින් නිර්දේශ කර ඇති බවද අධිකරණය හමුවේ අවධාරණය කළේය.

අනතුරුව පෙත්සම පිළිබඳ වැඩිදුර කරුණු දැක්වීම ජූලි 10 වැනිදා දක්වා කල් තැබීමට අධිකරණය තීරණය කළේය.

Share69Tweet43
Previous Post

එල්-නිනෝ බලපෑමට මුහුණ දීමේ ආයතනික සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Next Post

“අද රාත්‍රියේ ඉරානයට එල්ල කිරීමට නියමිතව තිබූ ප්‍රහාරය අවලංගු කළා…” ට්‍රම්ප් කියයි!

Related Posts

පුවත්

ආර්ථික ප්‍රකෘතිමත් වීමේ දැවැන්ත සන්ධිස්ථානයක්: ලෝක බැංකුව ශ්‍රී ලංකාව ඉහළ මැද ආදායම් කාණ්ඩයට එක් කරයි!

ජූලි 2, 2026
පුවත්

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්

ජූලි 1, 2026
පුවත්

සතුරු ප්‍රහාර මැද අප්‍රිකාවේ දී ජීවිත 14ක් බේරාගත් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ වීරෝදාර මෙහෙයුම!

ජූලි 1, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ආර්ථික ප්‍රකෘතිමත් වීමේ දැවැන්ත සන්ධිස්ථානයක්: ලෝක බැංකුව ශ්‍රී ලංකාව ඉහළ මැද ආදායම් කාණ්ඩයට එක් කරයි!

ජූලි 2, 2026

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්

ජූලි 1, 2026

සතුරු ප්‍රහාර මැද අප්‍රිකාවේ දී ජීවිත 14ක් බේරාගත් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ වීරෝදාර මෙහෙයුම!

ජූලි 1, 2026
ADVERTISEMENT
  • Wijedasa-R

    විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • රඛිතලාගේ පජාතකම් හෙළි කළ  ‘Truth with Chamuditha’ වීඩයෝවක් සඳහා  විජයදාස ලබාගත්  තහනම් නියෝගය අභියෝගයට ලක් කරමින් චමුදිත අධිකරණයට…  

    172 shares
    Share 69 Tweet 43
  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු ඇමැති පුත්තු 10ක් CID සහ අල්ලස් කොමිසමේ දැලට – විදේශගත වීම වැළැක්වීමේ පියවර!

    172 shares
    Share 69 Tweet 43
  • මෙවන් විපතක් සතුරෙකුටවත් නොවේවා…ශ්‍රී ලංකා ක්‍රිකට් දැඩි සත්කාර ඒකක මට්ටමේ ප්‍රතිකාරයකට යොමු කළ ප්‍රහාරයකින් පසු කියන කතාවක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ආර්ථික ප්‍රකෘතිමත් වීමේ දැවැන්ත සන්ධිස්ථානයක්: ලෝක බැංකුව ශ්‍රී ලංකාව ඉහළ මැද ආදායම් කාණ්ඩයට එක් කරයි!
  • ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
  • සතුරු ප්‍රහාර මැද අප්‍රිකාවේ දී ජීවිත 14ක් බේරාගත් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ වීරෝදාර මෙහෙයුම!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.