ඉඳුනිල් කහටපිටිය –
අත් අඩංගුවට ගත් චන්දන කස්ත්‍රිආරච්චිගේ නිවස පරීක්ෂා කිරීමේ දී ආයුද ගබඩාවක තොරතුරු අනාවරණය වෙමින් ඇත.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චි සන්තකයේ තිබී ටී-56 උණ්ඩ ඇතුළු පතරොම් තොගයක් සහ ජීව අත්බෝම්බයක් සොයා ගැනීමත් සමඟ කොළඹ අපරාධ කොට්ඨාසය මගින් ඔහුව අත්අඩංගුවට ගත්තේය.
විමර්ශන නිලධාරීන් සිදුකළ එම විශේෂ මෙහෙයුමේ දී ටී-56 උණ්ඩ 221ක්, ටී-56 මැගසින් 2ක්, 7.2 වර්ගයේ උණ්ඩ 31ක් සහ 0.2 වර්ගයේ උණ්ඩ 103ක් සමඟින් චෙකොස්ලෝවැකියාවේ නිෂ්පාදිත බවට හඳුනාගත් අතිශය භයානක ජීව අත්බෝම්බයක් ද අත්අඩංගුවට ගැනුණි.
කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසාගේ සෘජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වූ මෙම මෙහෙයුම මගින් හිටපු මන්ත්‍රීවරයාගේ ආරක්ෂක විධිවිධාන ඉක්මවා ගිය අවි ආයුධ තොගයක් මෙලෙස අනාවරණය කර ගැනීමෙන් අනතුරුව ඔහු වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක විය.
චන්දන කස්ත්‍රිආරච්චි අත් අඩංගුවට ගැනීමෙන් අනතුරුව නිලධාරීන් විසින් ඔහුගේ නිවස තවදුරටත් දැඩි පරීක්ෂාවකට ලක් කරනු ලැබීය. එහිදී නීත්‍යානුකූලව ලියාපදිංචි කරන ලද තවත් ගිනිඅවි 4ක් සොයා ගැනීමට ඔවුන්ට හැකි විය.
ඉන් එක් ගිනිඅවියක් චන්දන කත්රිආරච්චිගේ නමට ලියාපදිංචි කර තිබිණි. ඉතිරි ගිනිඅවි 3 ඔහුගේ බිරිඳගේ නමට ලියාපදිංචි කර තිබූ බව විමර්ශනවලදී හෙළි විය. සොයාගත් ගිනිඅවි අතර ෂොට්ගන් වර්ගයේ අවි 2ක් සහ මිලිමීටර් 9 වර්ගයේ ගිනිඅවි 2ක් වූයේය.
මෙලෙස විශාල පතරොම් ප්‍රමාණයක් සහ අවි ආයුධ සන්තකයේ තබා ගැනීමට හේතුව කුමක්ද යන්න සහ මේවා කිසියම් අපරාධමය කටයුත්තක් සඳහා යොදා ගැනීමට සැලසුම් කර තිබුණේ ද යන්න පිළිබඳව කොළඹ අපරාධ කොට්ඨාසය මේ වන විට පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.
මේ ලිපියත් කියවන්න…
චන්දන කත්‍රිආරච්චි: අවි ආයුධ සමඟ අත්අඩංගුවට ගත් දේශපාලන මැරයෙකුගේ කුප්‍රකට අතීත කතාව…







