ලලිත් චාමින්ද –
තංගල්ල නගර සභාවේ සභාපතිවරයා විසින් 2021 වර්ෂය සදහා වු අයවැය ලේඛනය ඉදිරිපත් කිරිමේ දි නගරසභා අඥාපනත හා උප නිති උල්ලංඝණය කොට ඇති බවට අනාවරණය වි ඇති හෙයින් අයවැය ලේඛනය නැවත වතාවක් සභාව වෙත ඉදිරිපත්කොට සම්මත කරගන්නා ලෙස තංගල්ල නගර සභාවේ සභාපතිවරයා වෙත දකුණු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය විලී ගමගේ විසින් නියෝග කොට ඇති බැව් දකුණු පළාත් ආණ්ඩුකාර කාර්යාලය පවසයි.
සභාපතිවරයා විසින් ආණ්ඩුකාරවරයාගේ නියෝගය අනුව කටයුතු නොකළහොත් පළාත් පාලන පනතේ 184 වගන්තිය අනුව විනයානුකුලව කටයුතු කිරිමට කටයුතු කරන බවද ආණ්ඩුකාරවරයා විසින් සභාපතිවරයාට ලිඛිතව දන්වා ඇත.
තංගල්ල නගර සභාපති රවිදු දිල්ෂාන් වෙදආරච්චි විසින් 2021 වර්ෂය සඳහා ඉදිරිපත් කළ අයවැය ලේඛනය සඳහා මන්ත්‍රිවරුන්ගේ ඉල්ලිම පරිදි ඡන්ද විමසිමක් ලබානොදිම පිළිබඳ ආණුඩුකාරවරයාට ලැබුණු පැමිණිල්ලකට අනුව මේ පිළිබඳ මුලික විමර්ශනයක් කොට මෙම නියෝගය නිකුත් කොට ඇත.