හිටපු පාර්ලිමේන්තු මන්ත්රී සජින් වාස් ගුණවර්ධන මහතා මාර්තු 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණය අද ( 09) නියෝග කළේය.
ප්රකාශයක් ලබා දීම සඳහා අද (09) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණි අවස්ථාවේදී එම මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු කොළඹ ප්රධාන මහෙස්ත්රාත්, අසංග එස් බෝදරගම විසින් මෙම තීන්දුව ලබාදුන්නේය.
රුපියල් මිලියන 243.8ක නීතිවිරෝධි වත්කම් ඉපැයීමේ චෝදනාවක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාලව මෙම අත් අඩංගුවට ගැනීම සහ රක්ෂිත බන්ධනාගාරගත කිරීම සිදුවිය.







