සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

ගැරී කර්ස්ටන් ශ්‍රී ලංකා  ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කෙරේ!

by editor
මාර්තු 9, 2026
in ක්‍රීඩා
Gary Kirsten
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා ජාතික   ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස දකුණු අප්‍රිකානු හිටපු ක්‍රිකට් ක්‍රීඩක ගැරී කර්ස්ටන් (Gary Kirsten) පත් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

මෙම පත්වීම 2026 අප්‍රේල් 15 දින සිට බලාත්මක වේ.

දකුණු අප්‍රිකාව වෙනුවෙන් විශිෂ්ට ජාත්‍යන්තර ක්‍රිකට් දිවියකට උරුමකම් කියන කර්ස්ටන්, 2008 සිට 2011 දක්වා ඉන්දීය  ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසත්, 2011 සිට 2013 දක්වා දකුණු අප්‍රිකානු   ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසත් කටයුතු කර ඇත.

ඔහුගේ පුහුණුකාරිත්වය යටතේ එම කණ්ඩායම් දෙකම ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ සුවිශේෂී ජයග්‍රහණ අත්කර ගත්තේය.

2011 වසරේදී ඉන්දියාව ICC ලෝක කුසලානය ජයග්‍රහණය  කළේ ඔහුගේ පුහුණුකාරිත්වය යටතේය.

RelatedPosts

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

2013 වසරේදී දකුණු අප්‍රිකානු කණ්ඩායම සියලුම ක්‍රිකට් ආකෘතීන්ගෙන් ලොව අංක 1 කණ්ඩායම බවට පත් වන්නේත් ඔහුගේ පුහුණුකාර ධූර කාලයේය.

ගැරී කර්ස්ටන් මහතා මෑතකදී නිමාවට පත් වූ 2026 ICC පිරිමි විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදී නැමීබියානු ක්‍රිකට් කණ්ඩායමේ ‘උපදේශකයෙකු’ ලෙසද කටයුතු කළේය. 1993 සිට 2004 දක්වා වූ ඔහුගේ ක්‍රීඩා දිවිය තුළ ටෙස්ට් සහ එක්දින ජාත්‍යන්තර (ODI) තරගවලදී ලකුණු 14,087ක් රැස් කර ඇති අතර, එයට ටෙස්ට් ශතක 21ක් සහ එක්දින ශතක 13ක් ඇතුළත් වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ ඔහුගේ මෙම පත්වීම 2028 අප්‍රේල් 14 දිනෙන් අවසන් වන පරිදි වසර දෙකක කාලසීමාවක් සඳහා බලපැවැත්වේ.

ප්‍රධාන වගකීම් සහ අරමුණු

  • දකුණු අප්‍රිකාව, නැමීබියාව සහ සිම්බාබ්වේ යන රටවල පැවැත්වීමට නියමිත 2027 ICC පිරිමි ක්‍රිකට් ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සූදානම් කිරීම සහ මෙහෙයවීම.
  • ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජාතික උසස් දක්ෂතා මධ්‍යස්ථානයේ (National High Performance Center) ව්‍යුහය ප්‍රතිසංවිධානය කිරීමේ ප්‍රයත්නයට දායක වීම.

ඒ අනුව සනත් ජයසූරිය අප්‍රේල් 15න් පසු   ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු නොකරන අතර, ඔහුගේ මීළඟ පියවර පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඉදිරියේදී නිල තහවුරු කිරීමක් සිදු කරනු ඇත

Tags: නවතම
Share69Tweet43
Previous Post

සජින් වාස් ගුණවර්ධන රිමාන්ඩ්…

Next Post

අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළට: නව මිල ගණන් මෙන්න

Related Posts

Argentina-England-WCup-Soccer-3
ක්‍රීඩා

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

ජූලි 16, 2026
ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Police-Officer

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!
  • භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.