විගණකාධිපති ධුරය සඳහා ජනාධිපතිවරයා නාමයෝජනාවක් ඉදිරිපත් කර ඇති බවත්, එම යෝජනාව පිළිබඳ සලකා බලා තීන්දුව පාර්ලිමේන්තුව නැවත රැස්වන පෙබරවාරි මස 03 වැනිදා ලබා දීමට අද රැස් වූ ව්‍යවස්ථාදායක සභාව තීරණය කළ බවත් අමාත්‍ය බිමල් රත්නායක පැවසුවේය.
ජනාධිපතිවරයා විගණකාධිපති ධූරය සඳහා ඉදිරිපත් කළ පස්වන නාම යෝජනාව මෙය ය. මෙම නාම යෝජනාව සම්බන්ධව ව්‍යවස්ථාදයක සභාව තවදුරටත් කරුණු විමසමින් සිටින බව අමාත්‍යවරයා කීවේය.
ව්‍යවස්ථා දායක සභාවේ ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස කටයුතු කරන්නේ අමාත්‍ය බිමල් රත්නායකය. ඔහු අද (31) ත්‍රී කුණාමලයේ දී මාධ්‍යය වෙත අදහස් දක්වමින් අමාත්‍ය බිමල් රත්නායක මෙසේ ද කීවේය.
“විගණකාධිපති සම්බන්ධව සාකච්ඡා කරන්න ව්‍යවස්ථාදායක සභාව ඊයේ රැස් වුනා. ඒකට ජනාධිපති තුමා අලුත් නාමයෝජනාවක් එවලා තියනවා. ඒක අධ්‍යයනය කරන්න සාමාජිකයින්ට යම් දිනයක් දෙකක් අවශ්‍යයයි කියලා තීන්දු කරලා තිබෙන්නේ. ඒ නිසා අපි පෙබරවාරි මාසේ 03 වැනිදා පාර්ලිමේන්තුව රැස් වන දවසේම ඒ පිළිබඳව තීන්දුවක් ගන්නවා.”







