දිනසේන රතුගමගේ –
ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් ඔඩිෂා සිට මාන්නාරමට බෝට්ටුවකින් එවීමට සූදානම් කොට තිබූ රුපියල් කෝටි දෙකකට වඩා වටිනා කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 679 ක් සමග සැකකරුවන් අට දෙනෙකු ඔඩිෂා පොලීසිය විසින් 28 දා අත් අඩංගුවට ගෙන තිබේ.
මෙම ජාවාරම මෙහෙයවා ඇත්තේ කාන්තාවක් වන අතර ඇයට ධීවර බෝට්ටු හතරක් ඇති බවත් ඉන් එක් බෝට්ටුවකින් මෙම කේරළ ගංජා තොගය මන්නාරමට ප්‍රවාහනය කිරීම පිණිස නිවසක ගොඩ ගසා තිබියදී පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන ඇති බවත් වාර්තා වේ.
ජාවාරම්කාරිය විසින් පරිහරණයා කරණ ලද මෝටර් රථයක් හා යතුරු පැදියක්ද පොලිස් බාරයට ගෙන ඇති අතර අත් අඩංගුවට ගත් සැකකරුවන් 8 දෙනාගෙන් කාන්තාව ඇතුලු පස් දෙනෙකු ඉන්දීය ජාතිකයින් වන අතර අනෙක් තුන් දෙනා ශ්‍රී ලාංකිකයෝ වෙති.
සැකකාරුවන් ඔඩීෂා ප්‍රාන්තයේ අධිකරණ්යක් වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.







