ඉරිදා, ජූලි 19, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

දේශබන්දුගේ අම්පිටියේ නිවසේ අලුත්වැඩියාවට ගෙවලා තියෙන්නේ කරන්දෙණියෙ  සුද්දා… විමර්ශන අංශ හෙළි කරන කතාව…

by editor
දෙසැම්බර් 29, 2025
in සමාජ
Share on FacebookShare on Twitter

ඉඳුනිල් කහටපිටිය –

අම්බලන්ගොඩ සිංගර් ආයතනයේ කළමනාකාර සන්තියාගෝ හිරාන් කෝසල ද සිල්වා පසුගිය 22 ඝාතනය කිරීමේ සිද්ධියේ විමර්ශන මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පවරා තිබේ. මේ පැවරීමට හේතුව හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හා බැඳුන අපරාධ ජාලයේ ස්වරූපය මෙම ඝාතනයත් සමගම බඩුත් එක්කම අනාවරණය වීමෙනි.

හිරාන් කෝසල ඝාතකයින් දෙසැම්බර් 07 වැනිදා සිට අම්පිටියේ තම නිවසේ ලැගුම් ගෙන සිටි බව හෝ ඝාතනයෙන් පසු ඔවුන් යළිත් පැමිණ රැඳී සිටි බව දේශබන්දු නොදන්නවා විය හැකි බවට  තර්ක කළ හැකිය. එහෙත්  ප්‍රශ්නය වන්නේ  කිසිම බියක් සැකක් නැතිව ස්වකීය පාතාල ඝාතකයින්ගේ සේෆ් හවුස් එකක් බවට හිටපු පොලිස්පතිවරයාගේ නිවස භාවිතා කිරීමට තරම් සංවිධානාත්මක අපරාධකරුවන් ස්මාට් වී තිබේ.

මේ වනවිට අපරාධ විමර්ශකයින් ඉදිරියේ ඇති බරපතලම කෑල්ල අපරාධකරුවන්ගේ මේ ස්මාට්වීමය.  හිටපු පොලිස්පතිවරයා ද සංවිධානාත්මක අපරාධකරුවන්ගෙන් එකෙක් ලෙස අපරාධ ලෝකය හඳුනාගෙන තිබීම දක්වා මේ ස්මාර්ට්වීම ගමන් කර තිබීමය.

දැන් රටම දන්නා විදිහට හිටපු පොලිස්පති දේශබන්දුගේ අම්පිටියේ නිවසට අම්බලන්ගොඩ සිංගර් කෝසල ඝාතකයා සහ පැදිකරු යොමු කරන්නේ කරන්දෙණියේ සුද්දාය.

පෙළ ගැසෙන විමර්ශන තොරතුරු සමග මේ තත්ත්වය සබුද්ධිකව විමසා බැලීම කළ යුතුව ඇත.

RelatedPosts

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

අම්බලන්ගොඩ සිංගර් ආයතනයේ කළමනාකාර සන්තියාගෝ හිරාන් කෝසල ද සිල්වා ඝාතකයා සහ පැදිකරු දෙසැම්බර් 07 වැනිදා සිට දේශබන්දු තෙන්නකෝන්ට අයත් අම්පිටියේ නිවසේ රැඳී සිටි බවට සාක්ෂි දරන්නේ එම නිවසේ සිටින මුරකරුය. එමෙන්ම මෙම ඝාතකයින් මහනුවර සිට අම්බලන්ගොඩ දක්වාත් යළි ඝාතනයෙන් පසු මහනුවර දක්වාත් ප්‍රවාහනය කළ මෝටර් රථයේ රියදුරුය. මෙම පුද්ගලයින් දෙදෙනා නිවසින් පිටවී ඇත්තේ 21ට ආසන්න දිනයකය.

මහනුවර  අම්පිටියේ දේශබන්දුගේ නිවසේ සිට වෙඩික්කරු සහ යතුරුපැදිකරු අම්බලන්ගොඩ දක්වා රැ‍ගෙන විත් ඇතැයි පැවසෙන්නේ WP KJ – 2769 අංකය දරන සුදු පාට ටොයොටා කොරොල්ලා වර්ගයේ රථයකිනි.

මහනුවර සිට පැමිණි වෙඩික්කරු සහ යතුරුපැදිකරුට ගිනි අවි දෙක සහ යතුරුපැදිය ලැබී ඇත්තේ අම්බලන්ගොඩදීය. ඔත්තුකරුවන් හරහා හිරාන් කෝසල ප්‍රදර්ශනාගාරයේ සිටින බවට තොරතුරු දැන ගැනීමෙන් අනතුරුව වෙඩික්කරුව රැ‍ගෙන යතුරුපැදිකරු එම ප්‍රදර්ශනාගාරයට ගමන්කර ඇත්තේ ZR BEM – 3513 අංකය දරන යතුරුපැදියෙනි. එම යතුරුපැදියේ ඒ වන විට සටහන්ව තිබී ඇත්තේ WP BFQ – 5853 දරන ව්‍යාජ අංකය ය.

වෙඩි තබන විට එක් ගිනි අවියක් ක්‍රියාත්මක වී නැති බවත්, පසුව වෙඩික්කරු යතුරුපැදියට ගොස් දෙවැනි අවිය රැගෙනවිත් වෙඩි තබා ඇති බවත් විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

කරන්දෙණියේ සුද්දා දේශබන්දුගේ ගේ හදවපු හැටි

ඝාතනයෙන් පසු යතුරුපැදිය අතරමඟ අතහැර දැමීමට පුද්ගලයෙකුට භාර දෙන  ඝාතකයා සහ පැදිකරු  බස් රථයකින් ගල්කිස්සට ගොස් ඇත. ඒ වන විට ඝාතකයින් දේශබන්දුගේ අම්පිටියේ නිවසේ සිට  අම්බලන්ගොඩට රැගෙන ආ මෝටර් රථය තිබී ඇත්තේ ගල්කිස්සේය. එම රථයට ගල්කිස්සෙන් ගොඩවන වෙඩික්කරු සහ යතුරුපැදිකරු ගමන්කර ඇත්තේ මා‍‍කොල පිහිටි වැඩ බිමකටය.

දේශබන්දු තෙන්නකෝන්ට අයත් බව කියන මහනුවර පිහිටි නිවෙසේ අලුත්වැඩියා කටයුතු සිදු කර තිබුණේ මාකොල වැඩ බිම හිමි කොන්ත්‍රාත්කරු විසිනි. මහර, කඩවත පදිංචිව සිටින ඔහු ඇල්පිටියට සම්බන්ධකම් පවත්වන අයෙක් බව ද අනාවරණය වී තිබේ. ඒ ඔස්සේ මාකොල කොන්ත්‍රාත්කරු අත් අඩංගුවට ගැනීමට විමර්ශන අංශ කටයුතු කර ඇත. විමර්ශන අංශවලට පෙනී ගොස් තිබුණේ ඝාතකයින්ට නවාතැන් පහසුකම් සැපයීමේ කටයුත්ත මුල සිටම සම්බන්ධීකරණය  කිරිමට මෙම පුද්ගලයා සම්බන්ධ බවය.

ඒ සම්බන්ධව කොන්ත්‍රාත්කරුගෙන් ප්‍රශ්න කරන විට හෙළි වන්නේ මාකොල කොන්ත්‍රාත්කරුට  මහනුවර නිවෙස අලුත්වැඩියාව භාර දී ඇත්තේ  රන් මහත්තයා නමැති දකුණේ අයෙක් විසින් බවය.   ඒ අනුව විමර්ශන අංශ රන් මහත්තයා නමැත්තා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරන්නේය.

හොඳම කෑල්ල අනාවරණය වන්නේ එතැනදීය.    මහනුවර නිවෙස අලුත්වැඩියා කිරීමේ කටයුත්ත තමාට භාරදුන්නේ කරන්දෙණියේ සුද්දා විසින් බව රන් මහත්තයා විමර්ශන අංශවලට හෙළි කරන්නේය. කොන්ත්‍රාත්තුවට අදාල ගෙවීම් කිරීමට ඉදිරිපත් වී ඇත්තේ කරන්දෙණියේ සුද්දාය.

සුද්දාගේ පැවරුම අනුව තමා දන්නා කියන කොන්ත්‍රාත්කරුවෙක් වන අරුණ නමැත්තාට  අම්පිටියේ නිවස අලුත්වැඩියා කිරීම භාර දුන් බව රන් මහත්තයා විසින් ප්‍රශ්න කිරීමේදී පවසා ඇත.  රන්මහත්තයා සහ කොන්ත්‍රාත්කරු හරහා කෝසල ඝාතනයේ වෙඩික්කරු සහ යතුරුපැදිකරුට එම නිවෙසේ නවාතැන් ගැනීමට අවශ්‍ය කටයුතු සූදානම් කර දී ඇත්තේ ද කරන්දෙණිය සුද්දා විසින් බවට තොරතුරු ද විමර්ශනයේදී හෙළිවී තිබේ.

අපරාධකරුවන් යළිත් දේශබන්දුගේ ගෙදරට

යළිත් දේශබන්දුගේ අම්පිටියේ නිවස වෙත අපරාධකරුවන් රැගෙන යන්නේ ඔවුන්ව මහනුවරින් අම්බලන්ගොඩට රැගෙන පැමිණි මෝටර් රථයේ රියදුරු විසිනි. එම රියදුරු මේ වනවිට ඉන්නේ අත් අඩංගුවේය. මෝටර් රථය සමගම ඔහුව අත් අඩංගුවට පත්ව ඇත. රිවෝල්වරය සහ පිස්තෝලයත් එම ගිනි අවි සැපයූ බව කියන කාන්තාවත්, ඝාතනය සඳහා ඔත්තු බැලූ පුද්ගලයනුත්, රන් මහත්තයා සහ මාකොළ කොන්ත්‍රාත්කරුත් දැන් ඉන්නේ අත් අඩංගුවේය. අත් අඩංගුවේ පසුවන පිරිස 08කි.

වෙඩික්කරු සහ යතුරුපැදිකරු මහනුවරට රැගෙන ගොස් දේශබන්දුගේ අම්පිටියේ  නිවෙස අසලින් බැස්සවූ රියදුරු පැමිණ ඇති බවත්, රන් මහත්තයා නමැති සැකකරු අත්අඩංගුවට ගැනීමත් සමඟ වෙඩික්කරු සහ යතුරුපැදිකරු එම නිවෙසින් පලාගොස් ඇති බවත් අනාවරණය වී තිබේ.

මේ සිද්ධිය රටක් සැක කළ දේශබන්දුගේ පාදඩ හැසිරීමේ ස්වරූපය හෙළි කරන එක් ප්‍රවේශයක් නිර්මාණය කර ඇත. දේශපාලන බලය ද සහිතව ඔහු කුඩු සහ පාතාලය සම්බන්ධව හැසිරුණ ක්‍රමයක් ගැන පොලිසියම දැනගෙන සිටියේය. කුඩු සළිඳු සම්බන්ධව අපරාධ ඉතිහාසයට දේශබන්දුගේ සම්බන්ධතාවය ඇත්තේ ප්‍රශ්නගත තැනකය.  යුක්තිය මෙහෙයුමේ දී කරන්දෙණියේ සුද්දලාට උපක්‍රමිකව ආරක්ෂාව ලබා දෙමින් අනෙක් පාර්ශවයන්හි මත් කුඩු අත් අඩංගුවට ගත් ආකාරය සම්බන්ධව පොලිසිය තුළම විවේචන මතුවූ අතීතයක් අපට මතකය.

නැවත වරක් තහවුරු වන්නේ මත්කුඩු සහ පාතාලය මේ රට මෙහෙයවා ඇති ආකාරය ය. දේශපාලනය, මාධ්‍යය, මෙන්ම පොලිසියේ ඉහළම ධූරය වූ පොලිපති තනතුර ද මත්කුඩු ජාවාරමේ කොටස්කරුවන් ලෙස හැසිරෙමින් පාතාලය අනුව හැසිරී ඇති අයුරු ඇඟ කිලිපොළා යන බිහිසුණු ඇත්තක් අපට කියන්නේය.

මේ බලය මේ මුදල් ජනතා ප්‍රාර්ථනා පමණක් නොව ආණ්ඩු ද පුපුරුවා හැරීමට තරම් බලවත් බව පමණක් අවබෝධ කරගත යුතුව තිබේ. තොණ්ඩුව හිරවනවිට නැගෙන මරණීය වියරුවට කිසිම කොන්දේසියක් නැති බැවිනි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මන්නාරමට ගේන්න හැදු කෝටි 02ක කේරල ගංජා සමග ශ්‍රී ලාංකිකයන් 03ක් ඇතුළු 08ක් ඉන්දියාවේ දී කොටු වෙති!

Next Post

මත්තලින් විදෙස්ගත වන මගීන් ඩොලර් 60ක අපගමන බද්දෙන් නිදහස්…

Related Posts

සමාජ

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026
dengue-death
සමාජ

ආණ්ඩු පඩංගු කරන ඩෙංගු…

ජූලි 5, 2026
සමාජ

ෆේස්බුක් හි සැරිසරන රුසියානු හිතවාදී ලාංකික පිටු පිළිබඳ  අධ්‍යනයක්!

ජූලි 1, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
dengue-death

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
HORMUZ

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !
  •  හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!
  • චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.