සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සිංගර් කෝසල මරන්න ආපු ඝාතකයා සහ පැදිකරු සැඟවිලා ඉඳලා තියෙන්නේ දේශබන්දුගේ අම්පිටියේ ගෙදර…

by editor
දෙසැම්බර් 28, 2025 - Updated on දෙසැම්බර් 29, 2025
in පුවත්
Share on FacebookShare on Twitter
  • දේශබන්දුගේ ගෙදර අලුත්වැඩියා කොන්ත්‍රාත්තුවට ගෙවලා තියෙන්නේ කරන්දෙණිය සුද්දා…

අම්බලන්ගොඩ  සිංගර් ආයතනයේ  කළමනාකරු වූ  සන්තියාගෝ හිරාන් කෝසල ද සිල්වා පසුගිය 22 දා ඝාතනය කළ පැදිකරු සහ වෙඩික්කරු ඝාතනයට පැමිණ ඇත්තේත්, ඝාතනයෙන් පසු දින කීපයක් රැඳී සිට ඇත්තේත් හිටපු පොලිස්පත් දේශබන්දු තෙන්නකෝන්ට අයත් අම්පිටියේ සුඛෝපභෝගී නිවසේ බව මේ වනවිට විමර්ශන අංශ විසින් අනාවරණය කරගෙන තිබේ.

මෙම නිවසට අපරාධකරුවන් යොමු කර ඇත්තේ කරන්දෙණියේ සුද්දා ලෙස හැඳින්වෙන පාතාල අපාරාධකරු බව ද අනාවරණය වී ඇත.

විමර්ශන තොරතුරු වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.

මෙම ඝාතනයට අදාලව මුලින්ම අත් අඩංගුවට පත් වන්නේ ඝාතකයින් පැමිණි යතුරුපැදිය ආඳාදොල ප්‍රදේශයේ අත්හැර දමා ගිය පුද්ගලයා ය. ඔහුව අත් අඩංගුවට ගනු ලබන්නේ යතුරුපැදිය මග අත්හැර දමා ඇඳගෙන සිටි ඇඳුම් ද පුලුස්සා දැමීමෙන් පසු කොල්ලුපිටිය ලැගුම්හලකට පැමණ සැඟවී සිටියදී ය.

ඔහු අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කරද්දී  විශේෂ කාර්ය බලකායට ලැබුණු තොරතුරක් මත සුදු පැහැති මෝටර් රථයක් අත් අඩංගුවට ගෙන තිබිණි. එම මෝටර් රථයෙන් වෙඩික්කරු සහ පැදිකරු ගල්කිස්සටත්, එතැනින් මහනුවර අම්පිටියටත් පැමිණ ඇතැයි අනාවරණය විය.  විමර්ශන අතර හය දෙනෙකු පොලිස් අත් අඩංගුවට පත් විය. ඝාතනයට භාවිතා කළ ගිනි අවිය  ද ඒ අතර විය. එම ගිනි අවිය ඝාතකයින්ට සපයා දී තිබුණේ කාන්තාවක විසිනි.

RelatedPosts

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

මෙම පලා යෑමේ කටයුතු සම්බන්ධීකරණය කර තිබුණේ මාකොල ප්‍රදේශයේ පුද්ගලයෙකි. කොන්ත්‍රාත්කරුවෙක් වූ  ඔහු එම සම්බන්ධීකරණය කර තිබුණේ  අම්බලන්ගොඩ ප්‍රදේශයේ පුද්ගලයෙක් විසින් කළ ඉල්ලීම මතය.

අම්බලන්ගොඩ පුද්ගලයාට මේ  තැනැත්තන් අම්පිටියේ නිවසකට ඇරලවීම ගැන උපදෙස් ලැබෙන්නේ ද කරන්දෙණියේ සුද්දාගෙනි. කරන්දෙණියේ සුද්දා විසින් අම්බලන්ගොඩ පුද්ගලයාට අම්පිටියේ නිවසේ අලුත්වැඩියාවක් කිරීමට භාර දී තිබිණි. වහලයේ සිදු කරන   අලුත්වැඩියාවක් වෙනුවෙන් ගෙවීම් කර තිබුණේ කරන්දෙණියේ සුද්දා විසිනි. මෙම කොන්ත්‍රාත්තුව අම්බලන්ගොඩ පුද්ගලයා විසින් මාකොල කොන්ත්‍රාත්කරුට ලබා දී තිබී ඇත.

කොන්ත්‍රාත්කරු හෝ මෙම ඝාතකයින් ප්‍රවාහනය සම්බන්ධීකරණය කළ පුද්ගලයා මෙම නිවස කාගේදැයි දැනගෙන සිට නැත. ඔවුන් කරන්දෙණියේ සුද්දා ගේ උපදෙස් මත එම ඝාතකයා සහ පැදිකරු අදාල නිවසේ සුරක්ෂිත කිරීම සඳහා රැගෙන ගොස් තිබිණි.

අම්පිටියේ අපරාධකරුවන් නැවතී සිටි නිවස ගැන අපරාධ පර්ක්ෂණ දෙපාර්තමේන්තුව හොඳන් දැනගෙන සිටියේය. එම නිවස කලෙක තමන්ගේ ප්‍රධානියාව සිටි පොලිස්පති දේශබන්දුගේ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දන්නේ එම දේපල අයථා දේපල රැස් කිරීම සම්බන්ධව දේශබන්දුගේ චෝදනවලියට අයත් ස්ථානයක් වූ බැවැනි.

එමෙන්ම  කලක් පොලිසිය සොයද්දී දේශබන්දු සැඟවී සිට තිබුණේත් අම්පිටියේ මෙම අප්‍රකට දේපලේය. නිවසේ අයිතිය ග්‍රාමසේවකගෙන් ද, වතුර බිල් විදුලි බිල් ආදියෙන් ද තහවුරු කරගත් විමර්ශන අංශවලට මේ වනවිට පැන නැගී තිබුණු ප්‍රධාන ගැටලුවක් වූයේ මෙම නිවසේ අලුත්වැඩියා කටයුතු සඳහා ගෙවීම් කිරීම කරන්දෙණියේ සුද්දා විසින් බාරගෙන තිබීමය.

නිවසේ මුරකරුවෙක් රඳවා තබා ඇත. මේ මුරකරු මුලින්ම කිසිවක් නොකීව ද පුද්ගලයින් දෙදෙනෙක් දෙසැම්බර් මස 07 වැනිදා සිට 21 වැනිදා දක්වා නිවසේ සිටි බවත් 21 වැනිදා පිටවි ගොස් යළිත් 22 දා පැමිණ දින දෙකකින් පසු අතුරුදහන් වූ බවත්ය. ඔවුන් ආගිය අතක් සම්බන්ධයෙන් තමන් නොදන්නා බව මුරකරු ප්‍රකාශ කර තිබිණි.

කරන්දෙණිය සුද්දා, කොස්ගොඩ සුජී, ගොත අංසක, කරන්දෙණිය සුද්දාගේ මල්ලීවන  කරන්දෙණිය රාජු, දොලා, දසුන් මානවඩු  මේ වනවිට ඉන්නේ එක් කල්ලියකය. මේ කල්ලිය සමග සිංගර් කෝසල හෙවත් හිරාන් කෝසල ද සිල්වා සම්බන්ධකත්ම පවත්වනවා සේම ඔවුන්ගේ පරම හතුරු ලොකු පැටී සමගම සම්බන්ධකම් පවත්වන බවත් ඔහු විසින් කල්ලි දෙකේ තොරතුරු ලබා දෙමින් දෙපිටකාට්ටු වැඩ කීපයක් සිදුකර ඇති බව අනාවරණය වී ඇති නිසාත් කරන්දෙණියේ සුද්දා ගේ කල්ලිය  ඝාතනය සිදුකර ඇති බව මේ වනවිට අනාවරණය වී තිබේ.

එමෙන්ම මේ වනවිට විමර්ශන අංශ කරන්දෙණියේ සුද්දා සහ දේශබන්දු තෙන්නකෝන් අතර පැවති සම්බන්ධතාවයන් පිළිබඳව ද අනාවරණය කරගෙන යමින් යන බව වාර්තා වේ.

යුක්තිය මෙහෙයුම වකවානුවේ කරන්දෙණියේ සුද්දා ගේ කල්ලියේ මත්කුඩු අත් අඩංගුවට ගැනීම වෙනුවෙන් මෙහෙයුම් නොකළ බවට පොලිසිය ඇතුලෙන්ම දේශබන්දු තෙන්නකෝන් වෙත චෝදනා එල්ල වී තිබිණි.

මේ වනවිට විමර්ශන ක්‍රියාත්මකය.

Share69Tweet43
Previous Post

ඩග්ලස් දේවානන්දා රිමාන්ඩ්!

Next Post

මන්නාරමට ගේන්න හැදු කෝටි 02ක කේරල ගංජා සමග ශ්‍රී ලාංකිකයන් 03ක් ඇතුළු 08ක් ඉන්දියාවේ දී කොටු වෙති!

Related Posts

Wijedasa-R
පුවත්

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

ජූනි 26, 2026
පුවත්

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
bus-fare- sri_lanka_buses
පුවත්

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Wijedasa-R

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

ජූනි 26, 2026

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
bus-fare- sri_lanka_buses

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!
  • දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!
  • ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.