උන් වෛරය සහ ක්‍රෝධය යාවත්කාලීන කරමින් සිටිති. තම පරම්පරාවෙන් අනාගත පරම්පරාව වෙත ඒ ව්‍යසනයේ දුර්භාග්‍යය ලෝකය ඉදිරියේ දී ඉන්දියාව සහ පකිස්ථානය විසින් භාර දුන් ආකාරය වේදනාවෙන් බලා සිටියෙමු.
මේ අවුරුදු 19ට අඩු දරුවන්ය. නව යොවුන් දරුවන්ය. ක්‍රීඩාවකින් ඔවුන් ශික්ෂණය කළ යුත්තේ අවෛරී අනාගත ලෝකයක් වෙනුවෙනි. එහෙත් මේ තරගයත් යුද්ධයක දෙවැනි රූපණයක් වූ අයුරු දුටුවෙමු. මේ තුච්ච අමනුස්සකම ආරම්භ කළේ ඉන්දියාවය. ඒ ආසියානු කුසලාන තරගාවලියේ දී පකිස්ථාන ක්‍රීඩකයින්ට අතට අත දීම සහ ක්‍රීඩාවෙන් අනතුරුව අපේක්ෂිත සහජීවනය සම්බන්ධ ධර්මතාවයේ ප්රකාශනය විනාශ කරමිනි.
අවසානයේ දී ආසියානු ශූරතාවය පහල්ගම් හි යුධ වීරයින්ට ප්රදානය කරන බව නායක සූර්යකුමාර් යාදේව් ප්‍රකාශ කළේය. පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය පමණක් නොව ආසියානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ ද ප්‍රධානියාවන පකිස්තාන අමාත්‍ය මෙහොමඩ් නක්වි අතින් ශූරතාවය ලබා ගැනීමද ඉන්දියාව ප්‍රතික්ෂේප කළේය. ලෝකයේ එක ක්‍රිකට් පකීර් කෙනෙක් කටක් ඇරියේ නැත. ඉන්දියාව හැසිරුනේ මහත්තුරුන්ගේ ක්‍රීඩාව දෙකට නවා පස්සපැත්තේ ගහගෙනය. මෙවැන්නක් තමන් අපේක්ෂා නොකළ බව පකිස්ථාන නායකයා ලෝකයට කීවේය. එතැන් පටන් ඒ ජඩ හැසිරීම ක්‍රිකට් පිටියේ ඉන්දියාව සහ පකිස්ථානය හමුවන සෑම අවස්ථාවකම රූපණය විය.
අද එය ඉන්දියාවේ ක්‍රිකට් ළමයි ද යාවත්කාලීන කළේය. ඉන්දීය තරුණ ක්‍රීඩකයින් පරාජයෙන් අනතුරුව ක්‍රීඩාංගනයට පකිස්ථාන ක්‍රිඩකයින්ට අතරට අත දෙනවා තබා පෙනෙන්නටවත් හිටියේ නැත.
මහ උන් ක්‍රිකට් යුද්ධයේ ප්රකාශනයක් කළේය. උන් වෛරය වැපිරුවා පමණක් නොව ආසියානු කුසලානය යුද්ධයට භාර කළේය. ගැහැණුන්ගේ තරගයේ දී හෝ මේ කුළල් කා ගැනීම නතර වනු ඇතැයි සිතුවෙමු. එහෙත් කාන්තා ආසියානු කුසලානයේ දී ද සිදුවූයේ වෛරය වැපිරීමකි. ක්‍රීඩිකාවන් ක්‍රිකට් ගැසූ බව සැබෑය. උන්ගේ මුහුණට මුහුණ බැලුවේ නැත. අතට අත දෙනු තබා දෙඇස් එකට ගැටෙන්නට ඉඩ පවා අහුරා තිබුණේය.
එත් අද පිටියේ හමුවන්නේ දරුවන්ය. දරුවන්ගේ තරගාවලිය අවසන්වනවිට ආසියාව ලෙස අප අපේක්ෂා කලේ මීට වඩා වෙනස් අවසන් ප්රතිචාරයකි. දරුවන් වෛරය සහ ක්‍රෝධය ජාතියක් ලෙස යාවත්කාලීන කරගෙන පැවතීම ක්‍රීඩාව තුළින් නිරූපනය නොකරනු ඇතැයි අපි සිතුවෙමු. එය සිදුවූයේ නැත. පරාජිත ඉන්දියානු කණ්ඩායම පකිස්ථානයේ ක්‍රිකට් සභාපති මෙන්ම ආසියානු ක්‍රිකට් සභාපති මොහොමඩ් නක්විගේ මුහුණවත් නොදකින සේ පැමිණ සිය ත්‍යාගයන් අඩු ගෞරවයකින් යුතුව ලබා ගන්නා ආකාරය දුටුවෙමු. ත්‍යාග ප්රධානෝත්සවයේ දී ජාත්‍යාන්තර මාධ්‍ය ඉදිරියේ ඉන්දීය නායකයා හැසිරෙන්නේ අනාගත තරුණ නායයෙකුට නොතරම් පහත් උද්දච්ඡ විලාශයකිනි.
මේ ක්‍රිකට් තව දුරටත් ක්‍රිකට් නොවන බව වේදනාවෙන් ලියා තබමු. ඉන්දියාව විසින් අවුලුවා දැන් පකිස්ථානය විසින්ද පවත්වාගෙන යන මේ මිනීමරු තුච්ඡ ආකල්ප ක්‍රීඩාව විනාශ කරනු පමණි. අවසානයේ දී මුන් යුද්ධයක් මිස ක්‍රීඩාවක් කර නැත.
තුප්පහි හිගන්නන් මහත්වරුන්ගේ ක්‍රීඩාව මත රුධිර සලකුණු තබනු පමණක් නොව, ඒ රුධිරයේ මිල අනාගතය වෙනුවෙන් පිච් එකක් මැද යාවත්කාලීන කරනු දැකීම ලෝකයක් ලෙස ප්‍රතික්ෂේප කළ යුතු බව විශ්වාස කරමි. ක්‍රීඩාවේ ජීව ගුණය උත්කර්ෂයට නැන්විය නොහැකි නම් උන් ක්‍රීඩාවට අවශ්‍ය නැත.







