හිටපු කථානායක පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා ඊයේ (11) රාත්‍රි මුහුණ දන් අනතුර පිලිබඳව විමර්ශනයක් ආරමභ කරන බවත් රියදුරන් බීමත්ව සිටියාද යන්න පරීක්ෂා කිරීම සඳහා වෛද්‍ය වාර්තාවක් කැඳවා තිබෙන බවත්, එහි ප්‍රතිඵලය මත තනතුර තරාතිරම බාධාවක් කර නොගෙන පොලීසිය කටයුතු කරන බවත් පොලිස් මාද්‍ය ප්‍රකාශක එෆ යූ වුට්ලර් පැවසීය.
අශෝක රන්වල මන්ත්‍රිවරයා ධාවනය කළ ජීප් රිය තවත් මෝටර් රථයක මුහුණට මුහුණ ගැටී ඇති අතර එම මෝටර් රථයේ ගමන් කළ කුඩා බිලිඳකු ඇතුලු තිදනකු තුවාල ලබා ඇති බව සඳහන් වේ.
අද (12) පෙරවරුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් මහතා පැවසුවේ අනතුරින් තුවාල ලැබූ දෙදෙනෙක් කොළඹ ජාතික රෝහලේද, මාස 6ක බිලිදියක් රිජ්වේ ආර්යා ළමා රෝහලේද නේවාසිකව ප්‍රතිකාර ලබන බවය.
මන්ත්‍රි අශෝක රන්වල මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට පොලිසිය උත්සාහ ගත්තද ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගැනීම නිසා පෙරදින එය සිදු නොවූ බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
මේ දක්වා කිසිවෙක් මෙතෙක් කිසිදු පුදගලයකු අත්අඩංගුවට ගෙන නොමැත.







