පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කොටුගොඩ ප්‍රදේශයේ ඇතිවූ දැඩි ගංවතුර තත්ත්වය හේතුවෙන් කොටුගොඩ ග්‍රිඩ් උපපොළ තාවකාලිකව ක්‍රියා විරහිත කර ඇති බව ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.
අඛණ්ඩව ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් අවට ගංවතුර තත්ත්වය වේගයෙන් ඉහළ ගොස් ඇති බවත් එහි ප්‍රතිඵලයක් ලෙස මුළු උපපොළ පරිශ්‍රයම ජලයෙන් යටවී ඇති බවත් විදුලි බල මණ්ඩලය සඳහන් කරයි
ඊයේ (29) සවස වන විට ජල මට්ටම පාලක පැනල මට්ටමට ළඟා වී ඇති බැවින් තත්ත්වය ආරක්ෂිත මෙහෙයුම් සීමාවන් ඉක්මවා ඇතැයිද ඒ හේතුවෙන් ආරක්ෂිතව කොටුගොඩ ග්‍රිඩ් උපපොළ විසන්ධි කිරීමට තීරණය කළ බවත් විදුලි බල මණ්ඩලය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.







